𝓒𝒉𝐚𝒑𝒕𝐞𝐫 𝟷𝟶

914 184 82
                                    

𝐉𝐉𝐊❜𝐬 𝐏𝐎𝐕

මම අපේ ඩිරෙක්ට එක්ක මුකුත් නොවුන ගානට හිනා වෙවී කතා කර කර හිටපු ටේ දිහා දුකින් බලාගෙන හිටියා. 


එයා කොහොම ද එහෙම ඉන්නේ? හරියටම මාස දෙකකට පස්සේ අද තමයි මම එයාව දකින්නේ... එයාට නම් කිසිම දෙයක් ගැන කිසිම ගානක් නෑ වගේ.... 


අපි දෙන්නා හිටපු "Wildest Dreams" කියන ෆිල්ම් එකට බෙස්ට් BL මූවි ඔෆ් 2020 අවෝඩ් එක ලැබිලා තිබුනා. ඒක නැත්නම් මට ටේව හම්බවෙන්නෙම නැති වෙයි...


 එයා නම් මහ... මම ටේ දිහාට රවාගෙන ඉන්නකොට ටේ එකපාරටම මගේ පැත්තට හැරුනා. 


මම එයාව නොදැක්කා වගේ අහක බලාගත්තම ටේ මූණේ තිබුණ හිනාව දිය වෙලා ගියා. හොද වැඩේ... 


ඒත් මට කියාගන්න බැරි තරම් දුකයි මේ හැමදේම ගැන.... 


අපි දෙන්නා එකම කාමරේක....හරියටම අඩි හයක් විතර ඈතින් හිටියේ.... ඒත් අපි දෙන්නා අතර විශ්වය විතර හිඩැසක් තියෙනවා වගෙයි මට නම් දැනුනේ... 


මට අනවුන්ස කියපු මෙලෝකේ සන්සාරයක් ඇහුනේ නෑ.... 


ටේට බෙස්ට් ඇක්ට අවෝඩ් එකක් ලැබෙනවා වගේ නම් හීනෙන් වගේ ඇහුනා. 


ටේ හිටියේ ලස්සන ගර්ල් කෙනෙක් එක්ක.... 


ශිට්.... එයාලා දෙන්න හොදටම ගැලපෙන කපල් එකක්.... මං කව්ද නේද? 


මට ටේගේ සතුට නැති කරලා දාන්න ඇත්තටම ඕනි නෑ.... අපි දෙන්නා අතර සිද්ධ වුන දේ කව් රුත් දන්නේ නැනේ....ඒක එහෙමම රහසක් විදිහට තිබුන දෙන්.... 


 "කිම් ටේහ්‍යුන්ග්.....වර්ල්ඩ් මෝස්ට් හැන්ඩ්සම් මෑන්..." අනවුන්ස එක පාරටම එහෙම කියනවා ඇහුණ මම ඒ පාර මක් වෙනව ද බලන්න ඔළුව පොඩ්ඩක් උස්සලා අස්ටේජ් එක දිහා බැලුවා. 


"සෝ කිම් ටේහ්‍යුන්ග්....බෙස්ට් ඇක්ට වගේම තව ගොඩක් අවෝඩ්ස් ඔයාට ලැබිලා තියෙනවා.... ඔයාට මොන වගේ හැගීමක් ද දැනෙන්නේ?" 

𝐖𝐢𝐥𝐝𝐞𝐬𝐭 𝐃𝐫𝐞𝐚𝐦𝐬  ⎸𝑻𝒂𝒆𝒌𝒐𝒐𝒌 ⎸completed  ⎸Where stories live. Discover now