කෝපි කොල්ලා•~☕

550 168 10
                                    


ජිමින් කැෆේ එකට එනඑකත් සාමාන්‍ය දෙයක්.. කැෆේ එකට ඇවිත් කෝපි කොල්ලා එක්ක වලි දාගන්න එකත් සාමාන්‍ය දෙයක්...

"ඔයාට වැඩ නැද්ද??" ජිමින් ඇහුවේ එයා ගාවම පුටුවේ වාඩි වෙලා ඉන්න කෝපි කොල්ලගෙන්..

"ඔයා පාඩම් කරන්නකෝ.. මම මගේ වැඩ කරගන්නම්.." කෝපි කොල්ලා, ජන්කුක් කිව්වේ ආයෙත් මූන අත් දෙක උඩ තියාගන්න ගමන්... ජිමින් ඇස් කරකෝලා පොතට එබුනා.. ටේහ්‍යුන් හිටියේ කැශියර් එකට වෙලා පොතක් බලමින්.. ජිමින් ඇරෙන්න වෙන කස්ටමර්ස්ලා කවුරුත් හිටියේ නැති නිසා තුන්දෙනාම හිටියේ ⁣ෆ්‍රී එකේ...

"ජිමින් හෙයෝන්..." ජන්කුක් කතා කලා..

"මොකද??" ජිමින් ඇහුවා...

"ඔයා පැයක් තිස්සේ පාඩම් කරන්නේ එකම පිටුවනේ.. මේ විදියට ගියොත් ඔයාට මුලු ජීවිත කාලෙම යයි ඔය පොත ඉවර කරගන්න.." ජන්කුක් කියද්දි ජිමින් ටේහ්‍යුන් දිහා බලලා ජන්කුක්ගේ ඔලුවට ටොක්කක් ඇන්නා...

"ඔයාට මේවා තේරෙන්නැ.. මේවා හෙන අමාරුයි.." ජිමින් පිටුවක් පෙරලලා කිව්වා.. ජන්කුක් ජිමින් ඇන්න තැන අතගාන ගමන් ජිමින් දිහාට තොල් පෙරලගත්තා..

ජිමින් පහට විනාඩි පහක් තියලා පොත් බෑග් එක අස් කරගෙන කැශියර් එක ගාවට ගියා... කාලයත් එක්ක ජිමින්ට පුලුවන් වුනා ටේහ්‍යුන්ගේ මූන දිහා බලලා හිනා වෙන්න.. ජිමින්ගේ කම්මුල් වල රෝස පාටක් තැවරෙද්දි ටේ කතා කලා..

"විබාගේ ලගයි නේද??" ඇහුනු දේවදූත කටහඩට වශී වෙලා හිටිය ජිමින් ටික වෙලාවකට පස්සේ හරිසිහියට ඇවිත් උත්තර දුන්නා..

"හීම්.. ඔව්.." ජිමින් බෙල්ල ගාවටම රතු වෙද්දි ටේහ්‍යුන් දේවදූතයෙක් වගේ හිනාවෙලා ජිමින්ට ඉතුරු සල්ලි දුන්නා.. ජිමින් පුරුදු විදියට පන කඩාගෙන ගෙදර දිව්වේ හිත පිරිලා තියන සතුටට කෑ ගහන ගමන්..

දවසින් දවස ගත වුනා.. ජිමින් සතිඅන්තෙත් පාඩම් කරන්නේ කැෆේ එකට ඇවිත්..

" හ්ම්.. ඇයි එයා එහෙම..." ජිමින් සුසුමක් හෙලන ගමන් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා..

ජන්කුක් විනාඩි ගානක් ජිමින් දිහා බලන් හිටියත් ජිමින්ට ගානක්වත් නෑ.. එයා ටේගේ ලෝකේ...

"අහ්ම්..." ජන්කුක් උගුර පාදද්දි ජිමින් ජන්කුක් දිහා බැලුවා..

"එයාට ඔච්චර කැමතිද?? ඔච්චර කැමති නම් ගිහින් කියනවකෝ.." ජන්කුක් කියද්දි ජිමින් රෝස පාට කම්මුල් එක්ක කෑගැහුවා..

"එහෙම දෙයක් නෑ මෝඩයෝ.." ජිමින් ආයෙත් පොතට එබුනේ ඒ දෙන්නගේ සද්දෙට ටේහ්‍යුන් එයා දිහා බලනවා දැකලා..

ජන්කුක් ජිමින්ගේ කොන්ඩ කෑල්ලක් ඇදලා එයා බීලා ඉවර කරපු කෝපි කෝප්පේ අරන් යන්න ගියා...

"ඔයාලා දෙන්නා ගොඩක් එකතුයි නේද?? 

ඔයයි.. ජන්කුකුයි.." ටේ ඉතුරු සල්ලි ⁣ජිමින්ගේ අතෙන් තියන ගමන් ඇහුවා..

ජිමින් කන්නාඩිය හදාගෙන ගොත ගහන්න ගත්තා...

"එහෙම ලොකු එකතුවක් නෑ.. ඉහි.." එයා මෝඩ විදියට හිනා වුනා...

Café Crush  [VMINKOOK ] (Completed)Where stories live. Discover now