ටේහ්‍යුන්ගේ අත හොද වෙලා ගියා... ජිමින් ආයෙත් හැපි පිල් එකක් වගේ හැමතැනම දුව දුව හිටියා... චබී කම්මුල් වලට... රවුම් කන්නාඩි දෙකට එයා හුරතල්ව පෙනුනා...
ජිමින් ටේහ්‍යුන් එක්ක හොදට කතා බහ කලා.. මූන රතු කරගත්තා.. කෝපි කොල්ලා ජන්කුකි එක්ක නිතරම හබ කරගත්තා... එයා සතුටු බෝලයක්...
ජිමින් හිතලා හිතලා තීරනයක් ගත්තා...
එදා ශොප් එකේ හිටියේ ටේහ්‍යුන් විතරයි... ඉතින් ජිමින් ටේහ්‍යුන් වැඩ ඉවර වෙලා ශොප් එක වහලා දාලා පාරට එනකන්ම බෝගන්විලා ගහ යට බංකුවට වෙලා ඉදගෙන හිටියා...
ටේහ්‍යුන් එලියට ආපු ගමන් එයා ටේහ්‍යුන් ගාවට දුවලා ගියා...
"ටේ හෙයොන්ගි... මම ඔයත් එක්ක ඇවිදන් යන්න එන්නද??" ජිමින් බෑ කියන්න හිතෙන්නැති මූනක් එක්ක ටේහ්‍යුන්ගෙන් ඇහුවා... ඉතින් එයා කොහොමද බෑ කියන්නේ!!!
" ටේ හෙයොන්ගි... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.." ජිමින් හොද හුස්මක් අරන් ටේහ්‍යුන්ගේ අතින් අල්ලලා නවත්තලා කිව්වා... ටේහ්‍යුන් ජිමින්ගෙන් අත ගලෝගෙන අඩියක් පස්සට ගියත් ජිමින් හිත රිද්දගන්නේ නැතුව ඉන්න හිතා ගත්තා...
"කියන්න ජිමිනා..." ටේහ්‍යුන් අන්තිමට කිව්වා...
ජිමින් ටිකක් වෙලා ටේහ්‍යුන්ගේ මූන දිහා බලන් ඉදලා ඇස් වහගෙන හොද හුස්මක් ගත්තා....
" කිම් ටේහ්‍යුන්... මම ඔයාට කැමතියි.. ආ නෑ.. මම ඔයාට ආදරෙයි.." ජිමින් ඇස් වහගෙන එක දිගට කියාගෙන ගියා... ජිමින් මොහොතක් ඇස් දෙක වහගෙන හිටියා.. ටේහ්‍යුන් මුකුත් කිව්වේ නෑ.. ඉතින් ජිමින් ඇස් ඇරලා ටේහ්‍යුන් දිහා බැලුවා...
ජිමින් දැක්කේ හොදටම බය වෙලා ඉන්න ටේහ්‍යුන්ව...
"ජිමිනා.. මට සමාවෙන්න.." ටේහ්‍යුන් ඉක්මනට කියලා දාලා තව මොහොතක්වත් රැදෙන්නැතිව එතනින් ආවේ ජිමින්ව කලුවරේම කාත් කවුරුවත් නැති පාරේ තනිකරලා දාලා...
"ඇයි එයා සමාව ඉල්ලුවේ... එයා... එයා මට කැමති නැද්ද??" ජිමින් එයා නොදැනුවත්වම එයාගේ කම්මුලකින් කදුලක් ගලාගෙන යද්දි කිව්වා.. එයා හිනා වෙන්න උත්සාහ කලා....