යලි එක්වීම•~☕

547 168 11
                                    


ජිමින් අසනීප වෙන්න ගත්තා... කොටින්ම කිව්වොත් එයා කාලකන්නියෙක් වෙන ගමනුයි හිටියේ.. ඉතින් මිසිස් පාර්ක් බුසාන් අතැරලා ජිමින්වත් අරගෙන සෝල් පිටත් වුනා..

අලුත් පරිසරයට හැඩ⁣ගැහෙද්දි ජිමින්ට හිත හදාගන්න පුලුවන් වුනා... ඉතින් එයා දැන් අවුරුදු අටක මහන්සියේ ප්‍රතිඵලයක් විදියට මුලු කොරියාවෙම ප්‍රසිද්ද ෆැශන් ඩිසයිනර් කෙනෙක් බවට පත් වෙලා හිටියා....

එයා ගොඩක් අයව එයාගේ දක්ශතවයෙන් ලස්සන කලා.. ඒත් ඒ කිසිම කෙනෙක්ට වඩා ජිමින් ලස්සන වුනා.. කලු කොන්ඩේ බ්ලොන්ඩ් පාටකින් හැඩ වෙලා... රවුම් කන්නාඩි ගැලවිලා ඇස් අලු පාටින් දිලිසුනා.. චබී කම්මුල් දැන් හරිම ලස්සනට කඩවසම්ව පෙනුනා.. එයා තනිකරම ඒන්ජල් කෙනෙක් වගේමයි.. එයා ඒ තරම්ම ලස්සනයි....

මිසිස් පාර්ක් දැන් විශ්‍රාම සුවයෙන් ලෝක වටේ සංචාරය කරනවා... ජිමින් හම්බ කරන හම්බ කෙරිල්ලට වියදම් කරන්න කෙනෙකුත් ඉන්න එපැයි...

"ජිමිනි.. මම ඔයාට ලස්සන ජූල්රි සෙට් එකක් ගත්තා... වාාාහ්... පැරීසියේ වයින් තමා හොදම... ප්ලීස් ජිමිනාහ්.. ඊලග පාර ඔයත් මාත් එක්ක යන්න එන්නම ඕනා..." මිසිස් පාර්ක් දුරක⁣තනේ එහා පැත්තේ ඉදන් කියෙව්වා... එයා මේ දවස් වල ඉන්නේ පැරීසියේ...

"ඔයා එන්ජෝයි කරන්නකෝ ඔම්මා.. අයි මිස් යූ.. ඉක්මනට හම්බවෙමු... මට දැන් යන්න වෙනවා... ලව් යූ... " ජිමින් හිනා වෙන ගමන් කෝල් එක කට් කලා.. එයා එයාගේ ගමනාන්තේට ඇවිල්ලයි හිටියේ... අවුරුදු අටක් ගෙවිලා ගිහින් තිබුනත් තාමත් පරන විදියටම බෝගන්විලා ගහ යට බංකුව තිබුනා.. ඒ වගේම ඊට ඉස්සරහින් ජිමින්ගේ මතක පිරුනු කොෆි ශොප් එකත්...  වාසනාවකට වගේ ශොප් එකේ අලුත් අයිතිකාරයෝ ශොප් එකේ නම වෙනස් කරන්න හිතලවත් තිබුනේ නෑ... ඉතින් ඒක තාමත් cafe crushමයි... අලුත් අලුත් අංග ටිකක් එකතු වෙලා තිබුනත් තාමත් ජිමින්ට පුරුදු උනුහුම දැනුනා... ඉතින් එයා හොද හුස්මක් අරන් කොෆි ශොප් එකට අඩිය තිබ්බා...

අලුත් මිනිස්සු පිරිලා...

ජිමින් බ්ලූබෙරි චීස් කේක් කෑල්ලක් එක්ක බබල් ටී එකක් රසවින්දා...

ජිමින් කාවහරි බලාපොරොත්තුවෙන් වගේ ගොඩ වෙලාවක් ශොප් එක ඇතුලේ රැදුනා.. හැමදාමත් වගේ ජිමින්ගේ බලාපොරොත්තු සුන් වෙද්දි ජිමින් ශොප් එකෙන් පිටත් වුනා..

ජිමින් පාර පනින්න බලන් ඉද්දි දැක්කේ හුරුපුරුදු රූපයක්... ඒ කෙනා පාරෙන් එහා පැත්තේ ඉදන් පාර පනින්න බලන් හිටියා....

දෙන්නගෙම ඇස් යා වුනේ එකම මොහොතේ...

"ටේ.. " ජිමින්⁣ගේ ඇස් වලට කදුලු පිරෙද්දි එයාගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.. අවුරුදු අටක්.. මේ මගුල් අවුරුදු අටකට පස්සේ!!!

ටේහ්‍යුන් ජිමින්ව දැකලා පුදුම වුනු බවක් පෙනුනා... ජිමින් දැක්කා ටේහ්‍යුන් තමන්ව දැකලා මගඇරලා යන්න හදන හැටි... ඉතින් එයා කැ ගැහුවා....

"ටේ...ඉන්න..." ටේහ්‍යුන් වේගෙන් ඇවිදිද්දි ජිමින් පාරේ වාහන ගැන බලන්නේ නැතිව හරිම අපරික්ශාකාරි විදියට පාර පැනලා ටේහ්‍යුන් ගිය දිහාට දිව්වා.. අන්තිමට ජිමින් ඒ අත අල්ල ගත්තා...

"ටේ... ප්ලීස්.. ඉන්න.." ජිමින් හති දාන ගමන් ටේහ්‍යුන්ගේ අතින් තද කරලා අල්ල ගත්තා... ටේහ්‍යුන් ඇස් වල බය පුරෝගෙන ජිමින් දිහාට හැරුනා...

" ජිමින්.." ටේහ්‍යුන් කෙදුරුවා... ටේහ්‍යුන් හරිම දිව්‍යමය විදියට ⁣ජිමින් ඉස්සරහා හිටන් හිටියා... එයා පුදුම හිතෙන තරම් කඩවසම්....

"ටේ.. අවුරුදු අටක්.. අවුරුදු අටක් මම ඔයාව හෙවුවා.. මම.. මම ආයේ ඔයාට කොහෙවත් යන්න දෙන්නැ.. අයි මිස් යූ ටේ... අයි මිස් යූ.." ජිමින් ඉකියක් එක්ක කිව්වා... ටේහ්‍යුන් ගල් ගැහිලා බලන් ඉද්දි ජිමින් ටේහ්‍යුන්ව තද කරලා බදාගත්තා... හරියට ආයේ කවදාවත් ඈත් වෙන්න ඕන නෑ වගේ...

"ටේ... " ජිමින් අඩන්න තියා ගත්තා...

"ජිමින්..." විනාඩි ගානකට පස්සේ ටේහ්‍යුන් ජිමින්ව ආපිට බදාගත්තා.. එයා කෙදුරුවා...

"දෙයියන්ගේ නාමෙට ජිමින්.. එයා ඔයා දිහා බලන් ඉන්නේ... එයා.. එයා අපි දිහා බලන් ඉන්නේ... ප්ලීස්.. ප්ලීස් මෙහෙන් යන්න... ප්ලීස් මේ අපායෙන් යන්න.. ඔයාට එයා කරදරයක් කරයි.. ප්ලීස් මාව හොයන්න එපා.. මාව බලා⁣පොරොත්තු වෙන්නත් එපා... යන්න... මෙහෙන් යන්න..."

Café Crush  [VMINKOOK ] (Completed)Donde viven las historias. Descúbrelo ahora