Chapter 1

1.1K 207 29
                                    

"ජීවිතය පුරාම මිනිසුන් ඔබව පිස්සු වට්ටන්නට උත්සාහා කරයි. ඔවුන් ඔබව උමතු කරයි. ඔවුන් ඔබට අගෞරව කරයි. ඔබට බොහෝ නරක ලෙස සලකයි. මේ සියල්ලන්ම දෙවියන්ට පමනක් බාර කරන්න. මන්ද ඔබේ හදවතේ වෛරය ඇති වුවහොත් එය ඔබව විනාශ කිරීමට පොලබවයි."

එය ලන්ඩන් නගරයයි. මේ ගෙවෙන්නේ ක්‍රිස්තු වර්ශ 1975 වැනි කාල පරිච්චේදයයි. ලෝක යුද්දය නිමා වී සාමකාමී කාලයක් ගත වන ලන්ඩන් නගරයේ වීදී වල ජනාකීර්නබාවයම ඊට කදිම උදාහරනයකි.

ජන්කුක් ගේ නිවස පිහිටියේ ලන්ඩන් නගරයේමයි. එය මදක් විශාල මිලෙන් අදික සුඛෝපභෝගී නිවහනක් උනා. වෘත්තිය අතින් චිත්‍ර ශිල්පියෙකු වූ ජන්කුක් ලන්ඩන් නගරයේම ප්‍රසිද්දියක් ඉසිලුවේය. නිරුවත් රුවවල් චිත්‍රයට නැගීම (Nude Arts) සදහා විශේශ දක්ශකමක් ඉසිලූ ඔහුගේ එම නිර්මාන වලට හොද තැනක් කලාකාමීන් අතර හිමි විය. එම නිර්මාන මිනිස් සිරුරේ විවිද හැඩ ඉස්මතු කිරීම නිසා වෙන්දේසි කිරීම්, කලා ගැලරි වලට එම චිත්‍ර යොමු කිරීමත් බහුලව සිදු විය. 

පෙනුමෙන් දැඩි වූ, තරමක නිහඩ, කඩවසම්බව ඉහ වහා ගිය Jeon Jungkook වන මෙම තරුනයා වයස අවුරුදු 26කට ආසන්න විය.

තම නිර්මාන තනිවම සිදු කරන ඔහුගේ චිත්‍ර වැඩ පොල මදක් අදුරු ස්වබාවයෙන් යුක්ත විය. නිවසේ සිට භූගතව පැවති එම වැඩ පොලට යාමට හැකි වන්නේ ද නිවස ඇතුලින්මය.

තවද ඔහුගේ Nude චිත්‍ර වල නිරූපනශිල්පියා කවුරුන්ද යන වග තවමත් ලන්ඩන්වල සොයා ගත නොහැකි අබිරහසකි. මන්ද එම චිත්‍ර වල සියලු ශරීර අංග තිබුනත් හිස කොටස චිත්‍රයට නොනැගීමයි.

එම සෑම චිත්‍රයකම එම නිරූපනශිල්පියා හැදින්වීමට ජන්කුක් යොදාගත් නාමය වන්නේ Angelus නැමති ලතින් වචනයයි. දේවදුතයා යන අර්තය ලබා දෙන එම වචනය අත්‍යන්තයෙන්ම එම  චිත්‍ර වලට ගැලපෙන බව මනාව පැහැදිලි වන්නේ එම නිරූපනශිල්පියා සැබෑ දේවදූත ස්වරූපයකට හිමිකම් කියූ නිසයි.

සැබෑ ලෝකයේ පුද්ගල ස්වරූපයකට වඩා හාත් පසින්ම වෙනස්, ග්‍රීක දේවදූතයෙකුගේ ශරීර ලක්ශන පිහිටි ඔහුව තවමත් ලෝකයාට සොයා ගත නොහැකි වීමම ආශ්චර්‍යයකි. පසු කලෙක ඔවුන් එම නිරූපනශිල්පියා ගැන සෙවීම අත් හැරියේ එය දෙවියන්ගේ නිදහසට බාදාවක් වීම යන මතයක් සමාජය තුල ගොඩ නැගුනු නිසයි.

මේ නිසා ජන්කුක් ගේ සිතට මහත් වදයක් ව තිබූ තම නිරූපන ශිලියාගේ ආරක්ශාව ගැන බැරෑරුම්ව සිතීම නතර කිරීමට සමත් විය.

මේ සෑම දෙයකටම පසුව ජන්කුක් තම නිර්මාන ප්‍රමානය එකවර වැඩි කලේ ලන්ඩන් නගරය පුරාත් ඉන් ඔබ්බටත් තම චිත්‍,ර වෙලදපොලවල් වල ඉදිරිපට, කෞතුකාගාර වල, චිත්‍ර ගැලරි වල බහුලව දක්නට ලැබීමට ඉඩ සලසා දෙමිනි.

කැන්වසයක් මත කරනු ලබන පින්සල් පහර වල කලාත්මකබාවය ජන්කුක් නැමති කලාකරුවාගේ චිත්‍ර දිනෙන් දින ලන්ඩන් වල මෙන්ම ඉන් පිටතත් ප්‍රසිද්ද වීමට හේතුවක් විය.

______________________________________

ගිනි උදුන අසල වූ කුශන් වලින් නිම වූ තරමක මිල අදික වූ අසුනක ඉදගෙන පොතක් කියවමින් සිටි ජන්කුක් ඒ පිටු අතර තමන්ගේ ඇගිලි තුඩු ගෙන ගියේ කලාත්මක අයුරිනි. 

ඒ ලන්ඩන් වලට සීත සමය ලැබීම ඇරබුනු විගසයි. පරිසරයම හිමෙන් වැසී ගිය අතර අදික සීතලකින් ද යුක්ත වීම නිසා ජන්කුක් සිටියේ ගිනි උදුනට තරමක් ආසන්නයෙනි.

නිවාඩු දවසක් වීම නිසාත් රාත්‍රිය වීමට තවත් හෝරා කිහිපයක් පමනක් ඇති නිසාත් ජන්කුක් ගේ ගෙදර වැඩට සිටි සියලු සේවකයන් ඔවුන් ඔවුන්ගේ නිවෙස් වලට වේලාසනම ගොස් තිබුනා.

පසුබිමින් ග්‍රැමෆෝනය තුලින් ඇසෙන Andy Williams විසින් ගායනා කරනු ලබන Speak Softly Love ගීතය ඉතාමත් කන්කලු විය.

පිටු අතර වේගෙන් වේගෙන් තමන්ගේ දෑස් ගෙන ගිය ජන්කුක් ට එක්වරම ඇසුනේ තමන්ගේ නිවසට ඇතුල්වීමට මත්තෙන් නැගීමට තිබෙන කෙටි තරප්පු පෙලේ කෙනෙක් නැග එන හඩයි. ජන්කුක් ගේ කට කොනකට ඉබේම හිනාවක් නැගුනේ මේ වෙලාවට අනිවාර්‍යෙයෙන් ම එන්නේ තමන් හොදටම දන්න කෙනෙක් නිසයි.

ඒ ආපු කෙනා තරප්පු පෙල නැග ඇවිත් ජන්කුක් ගේ ගෙදර දොරට තට්ටු කලේ ඊට ටික වෙලාවකට අනතුරුවයි.





















"දොර ඇරලා තියෙන්නේ Taehyung. ඇතුලට එන්න."

T.B.C

_𝓐𝓻𝓽 𝓞𝓯 𝓣𝓱𝓮 𝓝𝓾𝓭𝓮_ Taekook √Where stories live. Discover now