Chapter 2

719 192 13
                                    

"ප්‍රඥාව සහ උමතුව අතර, අපගේ මනසෙහි සිහිනය සහ යථාර්ථය අතර අරගලයෙන් උපන් මනුෂ්‍ය වර්ගයාගේ විස්මිත ක්‍රියාකාරකම ලෙස කලාව පවතිනු ඇත."

සැදෑ අදුරින් මුලු පරිසරයම ගිල ගැනීමට ආරම්බ වී ඇත. සීත කාලය නිසා වෙනදාට වඩා ඉක්මනින් අදුර වැටීම ආරම්බ වෙයි. හිමෙන් වැසී ගොස් ඇති මුලු ලන්ඩන් නගරයම ලග ලග එන නත්තල සැමරීම සදහා සූදානම් වෙයි. විදි පුරා කැරොල් ගීත සංදර්ශන, සැරසිලි බාන්ඩ කඩවල් වලින් පිරීගොස් පවතී. 

ජන්කුක් ගේ ජීවිතය කුඩා කල සිටම ගෙවුනේ මේ ලන්ඩන් නගරයේමයි. ජන්කුක් ගේ මව සහ පියා ලන්ඩන් නගරයේ සිටි ප්‍රසිද්ද නීතිඥවරු උනා. ඔවුන් දෙදෙනාගේ හදිසි මරනය සිදුවූයේ 1969 වගේ කාලයේදීය. එය හදිසි රිය අනතුරක් විය.

ඉන් අනතුරුව ජන්කුක් ජීවත් වූයේ තනිවමයි. ඒ කාලයේ තමන්ගේ කලාහැකියාව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් තවත් වැඩි දියුනු කරගත් ජන්කුක් අද වන විට දක්ශ චිත්‍ර ශිල්පියෙක් වී ඇත. 

"දොර ඇරලා තියෙන්නේ Taehyung. ඇතුලට එන්න."

ජන්කුක්ගේ ආරාදනාවත් එක්ක ජන්කුක්ගේ නිවසට පැමිනි Taehyung නැමති පුද්ගලයා තමන් ඇද සිටි කබාය මෙන්ම පැලද සිටි ග්ලවුස් ජෝඩුවත් කබා එල්ලන රැක් එකේ එල්ලන ගමන් සපත්තු දෙකත් ඒ අසලින්ම ගලවා තැබුවේය. ඒවා තරමක් හිමෙන් වැසී ගොස් තිබූ අතර Taehyung තරමක් සීතලට වෙව්ලමින් සිටියා.

"ඔයා අද කලින් ම ඇවිත් Darling."

Jungkook කියව කියව හිටපු පොත පුටුව උඩින් තියලා දොර දිහාවට යන ගමන් එහෙම කිව්වා.

"අද නිවාඩු දවසක් නිසා රෝගීන් වැඩිය සාප්පුවේ හිටියේ නැහැ ජන්කුක්. ඒ නිසා මන් කලින්ම සාප්පුව වහලා ආවා. අද ගොඩක් සීතලයි."

Taehyung තමන්ගේ අත් එකිනෙක අතුල්ලන ගමන් එහෙම කිව්වේ තරමක උනුසුමක් ශරීරයට ලබා දීමටයි.

"එන්න. අපි ගිනි උදුන ලග ඉදන් කෝපි කෝප්පයක් බොමු Darling. එතකොට ටිකක් හරි ඔය සීතල අඩු වෙයි."

ජන්කුක්, Taehyung ගේ ඉන වටින් අත් දාලා Taehyung ව සාලයට කැදවගෙන යන ගමන් එහෙම කිව්වේ Taehyung ගේ ඔලුවේ තැනින් තැන විසිරිලා තිබුනු හිම කැට අතින් පිහිදාන අතරතුරයි.

_𝓐𝓻𝓽 𝓞𝓯 𝓣𝓱𝓮 𝓝𝓾𝓭𝓮_ Taekook √Where stories live. Discover now