Chapter 7

2.6K 524 116
                                    


"ඔව්.. අපිට පේනවා ජන්ග්කුක්ගෙ පන්දුවක් තවත් කඩුල්ලක් දවා ගත්තා." නිවේදකයා කිව්වෙ ග්‍රවුන්ඩ් එක වටේට කට්ටියගෙ ඔල්වරසන් හඬ පැතිරෙද්දි.

"මට නම් මේක තවත් බලන් ඉන්න බෑ. මම යනවා ඊළඟට."  ටේහ්‍යුන්ග් කිව්වෙ නොසන්සුන් ස්වරයකින්.

"ඒ උනාට අපි හරිනම් එයාලට දිනන්න දෙන ඕනෙ V. මේක තමයි අන්තිම තරඟෙ.. එයාලා මේක දිනුවේ නැත්නම් පරදිනවා. සිරිත අනුව අනිවා අපි පොඩිඋන්ට දිනුම දෙන්න ඕනෙ. ඒ හින්දා පොඩ්ඩක් ඉවසපන්." ජිමින් ටේහ්‍යුන්ග්ව අස්වැසුවා.

"මං දන්නවා බං. ඒ උනාට මෙච්චර ලොකු පරතරයක් එක්ක අපිට පරදින්න බෑ. ක්‍රිකට් කියන්නෙ මගෙ ස්පෝර්ට් එක. යකෝ කැම්පස් ක්‍රිකට් ටීම් එකේ ලීඩර් වෙලා මගෙ කණ්ඩායමේ ඔක්කොම උන් ලකුණු 50කට විතර ඕල් අවුට් උනාම පට්ට චාටර්නෙ." ටේහ්‍යුන්ග් ග්‍රවුන්ඩ් එක දිහාට යනගමන් ජිමින්ට කිව්වා.

"හරි හරි, දැන් එතකොට උඹ බැට් කරන්නද යන්නේ?" ජිමින් ටේහ්‍යුන්ග්නුත් එක්කම ග්‍රවුන්ඩ් එක දිහාට ඇවිදගෙන යන ගමන් ඇහුවා.

"ඔව්, මේ 8 වෙනි විකට් එක. අපේ ලකුණු ගාන 48යි. ජුන්නො 149ක් ගැහුවා."

ජිමින් මුකුත් නොකියා ඉස්සරහට යන ටේහ්‍යුන්ග් දිහා නැවතිලා බලන් හිටියා.

ඒ තමයි sport week එකේ අන්තිම තරඟෙ. ජූනියර්ස්ලා වගේම සීනියර්ස්ලත් කරට කර හිටියෙ. තුන්වන සහ හතර වසර වල අයත් සමහර තරඟ වලට සහභාගි වුණා. තරඟයක first place එකට ලකුණු 10ක්, second place එකට ලකුණු 5ක් සහ third place එකට ලකුණු 3ක් බැගින් හිමිවුණා. ජූනියර්ස්ලට ස්පෝර්ට් කප් එක වින් කරන්න නම් අද මැච් එක එයාලා දිනන්න ඕනෙ. කට්ටියම  බලාපොරොත්තු උනු විදිහට ජන්ග්කුක් එයාගෙ උපරිම දක්ෂතාව පෙන්නුවා. ජන්ග්කුක් හොඳ බෝලර් කෙනෙක්.. එයාලා දැනට අරගෙන තිබ්බ විකට් 8න් විකට් 4ක් ම ගත්තෙ ජන්ග්කුක්. ඒ වගේම බැට්ස්මන් කෙනෙක් විදිහට එයා ටීම් එකට ලකුණු 58ක් අරන් දුන්නා. ටේහ්‍යුන්ග් ඊළඟ පිතිකරුවා විදිහට බැට් එකත් අරන් ඇවිත් නියමිත ස්ථානයේ ස්ථානගත වුණා. එයාගෙ ඇස් පිට්ටනිය පුරාම ගිහින් එයා දිහා රවාගෙන බලන් ඉන්න ජන්ග්කුක්ගෙ ඇස් ළඟ නැවතෙද්දි ටේහ්‍යුන්ග්ගෙ කට කොනකට හිනාවක් ආවා.

E.N.E.M.I.E.S  ✔️Where stories live. Discover now