Chapter 18

2.7K 471 58
                                    

"හ්‍යුන්ග්.. මොනාද ඔයා මේ කියන්නෙ? අංකල් ඔයාට බැන්න නිසාද?? ඇයි එහෙම කියන්නෙ කියන්නකෝ. " ජන්ග්කුක්ගෙ කටහඬ වෙව්ලුවා.

"කවුරු නිසාවත් නෙවෙයි. මංම හිතලා ඒ තීරණේ ගත්තෙ."

"ඒත්.. ඒත්.. මොකක්ද හේතුව? මං අතින් මොනාහරි වැරැද්දක්වත් උනාද?"

"එහෙම මුකුත් නෙවෙයි. කලබල නොවී මං කියන දේ අහල ඉන්නකෝ. ඊටපස්සෙ ඔයාම මේක නවත්තයි." ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක් ඇසුත් ලොකු කරන් එයා දිහා බලලා හිමීට ඔලුව වැනුවා.

"දන්නවද මං ඔයාට ආදරේ කරා කියලා කරේ බොරුවක්."

"මො.. මොකක්...??"

"ශ්ශ්.. ඉස්සරලා අහන් ඉන්නකෝ. ඔයාගෙ මුරණ්ඩුකම් මං මුලින් ඉවසුවට, පස්සෙ පස්සෙ මට ඒවා ඉවසගන්න බැරුව ගියා. මං හොඳින් කතා කරත් මොනවා කරත් ඔයා මට වෛර කරා. ඉතින් ඒ කාලෙ මට ඕනෙ උනා කොහොමහරි ඔයාගෙ මුරණ්ඩුකම් නැති කරලා දාන්න. ඒකයි මං අර වීඩියො එක ගත්තෙ ඔයාලගෙ සෝශල් එක දවසෙදි. ඒත් ඔයා මං කියන දේවල් කරේ බයට මිසක් කැමැත්තෙන් නෙවෙයි. ඒකයි පස්සෙ මං ඔයාව මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කරගත්තෙ." ජන්ග්කුක්ගෙ මූණ තරහින් රතුවෙලා ගියා ටේහ්‍යුන්ග් කියන දේවල් වලට. ඒත් ඒ ඔක්කොටම වඩා ජන්ග්කුක්ගෙ ඇස් වලින් හෝ ගාල කඳුලු වැටුනේ දුකට. එයා හිතුවෙ නෑ ටේහ්‍යුන්ග් මෙහෙම කරයි කියලා එයාට.

"ඒත් ඊටපස්සෙ මට මං වැරදියි කියලා හිතුනා. මුල් කාලෙ මං ඔයාව ඇල්ලුවෙ වත් නැත්තෙ ඒකයි. මොකද මං straight."

"Huh!! Are you kidding me? එතකොට හැමදාම මාව ගෙන්නගත්තෙ මොකටද? මාත් එක්ක නිදාගත්තෙ කොහොමද? තමුන්ගෙ ඩික් එක මගෙ ඇතුලෙ තිබ්බ වාරවල් ගානෙ හැටියට නම් තමුසෙ පොඩ්ඩක්වත් straight කියලා මට හිතෙන්නෙ නෑ." ජන්ග්කුක් කිව්වෙ සමච්චල් සහගතව.

"මාත් දන්නෙ නෑ ඒ ගැන නම්. මට වෙන කොල්ලෙක් ගැන එහෙම හිතිලා නෑ. ඒත් එදා පාටි එක දවසෙදි අපි දෙන්නා අතර ඒ වගේ දෙයක් සිද්ද නොවුන නම් අපි දෙන්න අතරෙ සම්බන්ධෙ නැවතිලා එදා අපි තරහ උන දවසෙ ඉඳන්ම."

"ඔයා ඔය දේවල් ගානක්වත් නැතුව කොහොම කියනවද කියලා මං දන්නෙ නෑ හ්‍යුන්ග්... ඔයාට මාව සෙල්ලමක් වෙන්නැති. ඒත් මතක තියාගන්න මං හැමදේම කරේ අවංක හැඟීමෙන්. මං කවදාවත් ඔයාට බොරු කරලා නෑ. කොටින්ම මගෙ first time එකත් මං ඔයාට දුන්නා. මං පසුතැවෙනවා ඒ ගැන... මගෙත් වැරැද්ද..., වීඩියො එකේ සීන් එකෙන්ම තමුසෙ හොඳ කෙනෙක් නෙවෙයි කියලා මට තේරුම් ගන්න තිබ්බා. මගෙත් මෝඩකමනෙ... අනික හ්‍යුන්ග් ඔයා වගේම මාත් කවදාවත් කොල්ලෙක්ට ආදරේ කරන්න හිතලා නෑ. කොල්ලෙක් වෙලත් මං ඔයා කියන දේ අහන් ඔයාට ඕනෙ විදිහට හිටියා. ඒ කැපකිරීම් ඔයාට වටින්නැතුව ඇති. ඒත් මං ඒ හැමදෙයක්ම කරේ අවංක හැඟීමෙන්. ඒ වගේම ආයෙත් ඒ වගේ මෝඩකමක් කරන්නෙ නෑ කියලා මං අද හිතාගන්නවා. මං ආදරේ කරපු පලවෙනි වගේම අන්තිම පිරිමයත් ඔයා වේවි. මගෙ ජීවිතේ මං කරපු ලොකුම වැරැද්ද මේක. අදින් පස්සෙ අපි අතර කිසිම දෙයක් නෑ.. මගෙ අන්තිම ඉල්ලීම, ඔයා කරපු දේවල් ගැන පුංචිම හරි පසුතැවීමක් තියෙනවනම් ආයෙ මගෙ ඇස් ඉස්සරහටවත් නෑවිත් ඉන්න." ජන්ග්කුක් එහෙම කියලා ටේහ්‍යුන්ග්ගෙ apartment එකෙන් එළියට ආවෙ දුවගෙන. ටේහ්‍යුන්ග්ගෙ apartment එක නොපෙනෙන හරියට එද්දිම කොල්ල බිම ඉඳගත්තෙ හොඳටම අඬන ගමන්.

E.N.E.M.I.E.S  ✔️Where stories live. Discover now