@JO7JJJ

817 135 14
                                    


JO7JJJ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


‍හෝලා... ස්තූතියි මේකට මාව සම්බන්ධ කරගත්තට. 

මට කියන්න ලොකු කතාවක් නැහැ. මුලින්ම මම වට්පෑඩ් ආවේ කියවන්න. මුලින්ම ලියපු කතාව ඉංග්‍රීසි කතාවක්. ඒ කතාවට ලොකු වීව්ස් ගොඩක් නොතිබුණත් මම ආසාවෙන් ලියන් ගියා. ඊට පස්සේ මගේ යාළුවෙක් සිංහලෙන් ලියනවා දැකලා මම කලින් ලියපු සිංහල කතාවක් වට්පෑඩ් පබ්ලිශ් කළා මේ එකවුන්ට් එක හදලා. එතනින් පටන් ගත්තු ටික තමයි දැන් අවුරුද්දකට වැඩි කාලයක් මෙහෙම යන්නේ.

අලුත් මිනිස්සු හම්බුණා. එක එක ජාතියේ අය... හොඳ යාළුවෝ හම්බුණා. ඔළුවට හිස රදයක් වෙන තරමේ මිනිස්සු හම්බුණා. ඒවා ගණන් නොගෙන තමන්ගේ පාඩුවේ ඉන්න කියලා දෙන මිනිස්සු හම්බුණා. සතුටුයි හැබැයි වට්පෑඩ් නිසා මම සෑහෙන්න වෙනස් වුණා. පස්සේ තමයි ඉගෙන ගත්තේ වට්පෑඩ් කියන්නේ ඇප් එකක් විතරයි. ඒකේ ඉන්න මිනිස්සු මාව දන්නේ නැහැ. මට කැමති විදිහකට මම ඉඳලා අනික් අයට කැමති විදිහට එයාලට ඉන්න දෙන්න ඕන කියලා. ඒ පාඩම කියලා දුන්නේ මගේ යාළුවෙක්. මට සතුටුයි එයාව හම්බුණ එක ගැන.

මගේ දැන් හොඳම යාළුවා මට හම්බුණේ වට්පෑඩ් වලින්. එයාවයි මගේම අක්කා වගේ කෙනා තමයි මම වට්පෑඩ් එකෙන් ලබපු ලොකුම සහ හොඳම දේ. ඒ දෙන්නව දැන් අපේ ගෙවල් වලිනුත් දන්නවා. හම්බවෙලත් තියෙනවා... ඒ දෙන්නා නිසා හුඟක් අමාරු තැන්වලදි අමාරුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වුණා. ඒකට මම ස්තූතිවන්ත වෙනවා වට්පෑඩ් එකට.

මේක කියවන අයට මට කියන්න තියෙන්නේ මේක ඇප් එකක් විතරයි. ඔයාලගේ දක්ෂතා පෙන්නන්න. හැකියාවන් දියුණු කරගන්න. ඒත් මේකේ වෙන කිසිම දෙයක් ලොකුවට හිතන්න එපා. 

මේක කියවන ඔයා ලියන කෙනෙක් නම් මට සතුටුයි ඔයා ගැන. හි‍‍තේ තියෙන හැඟීම් අකුරු කරන්න හැමෝටම බෑ. ඒක කරපු ඔයා සෑහෙන්න දක්ෂයි. මට සතුටුයි ඒක ගැන.

ඔයාලගේ ගමනට සුබ පැතුම්.

ඒ වගේම මේක කරන අයටත් ස්තූතියි... ඒ වගේම ඔයාලටත් ගුඩ් ලක් ඉස්සරහට කරන්න ඉන්න හැම දේම වෙනුවෙන්.

ර්‍~sas~

Wattpad storyWhere stories live. Discover now