@vk_panther

464 83 62
                                    

vk_panther

vk_panther

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ම්..... කොහොමද පටන් ගන්නෙ 😂

වට්පෑඩ් මතක නේද කියන්න ඕනෙ. හරි මෙහෙම පටන් ගමු කො.

මම වට්පෑඩ් වලට ආවේ 2021 Feb 21 . ඒක උනෙත් හරි අමුතු විදියකට.

මම වට්පෑඩ් ගැන දැනන් හිටියේ නෑ. දවසක් ස්ටේටස් බල බල ඉන්නකොට මගෙ යාලුවෙක් (_Sugarandsprite_ )  wattpad කියන්නේ ඇප් එකක් නෙවෙ දිව්‍ය ලෝකයක් කියලා දාලා තිබ්බා 😂.

මමත් බැලුවා මේ අගට පෑඩ් කියලා තියෙන්නෙ මොකක් ද කියලා. මම ගිහින් උගෙන් ඉන්බොස් ඇහුවම කතා කියවන තැනක් කියලා කිව්වා. මිනිහා ඔච්චරයි කීවෙ. මම එදාම ඕක ෆෝන් එකට දා ගත්තා.

දා ගත්තාටම මොකද මම සිංහල පොත් තියනවා කියලා දන්නෙ නෑ ඕකෙ. මම අර මනුස්සයා ගෙ ඉංග්‍රීසි දැනුමට හූල්ල හූල්ල ඕක එහෙ මෙහෙ අත සැරි සැරුවා. මම ඒ කාලෙ කතාවක් හද හද හිටියෙ. ඉන්න ගමන් හිතෙන්. මම ඕක ඉංශ්‍රීසි යෙන් ලීවා ghost princess කියලා..

දැන් ඊළග ප්‍රශ්නය . කියවන්න බල්ලෙක් වත් නෑ. මම ටැග් දාන්න දන්නෙත් නෑ.. මමමයි මගෙ යාලුවො දෙන්නා morganlaufyson. Creatif_mystery   ඕක කියෙව්වා😂. මමත් අත ඇරියෙ නෑ. සයන්ස් ෆික්ෂන් එකකුයි හැරී පොටර් එෆ් එෆ් එකකුයි ලීවා. හැරී පොටර් එක නම් ටික දෙනෙක් කියෙව්වා. මගෙ ෆලෝවස්ලාත් වැඩි උනා

ඔන්න ඔය කාලෙ මම සොයා ගැනීමක් කලා. ඒ වට්පෑඩ් වල සිංහල පොත් තියනවා කියලා.

ඒටත් මුල් උන පුද්ගලයා ගෙ ගෞරව නාමය දෙන්න ඕනෙ. _Sugarandsprite_   ට. මිනිහා සිංහල පොතක් දාලා තිබ්බා ස්ටේටස්. මමත් ඔබලා බැලුවා. මම පොත් ලියන ඇප් එකනෙ 🤓. බැලින්නම් සිංහල .

Wattpad storyWhere stories live. Discover now