@Kim_D97

157 37 29
                                    

Kim_D97

මම මෙහෙම පටන් ගන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම මෙහෙම පටන් ගන්නම්..ඇත්තටම ඒක නිකන් වැරදීමෙන් අහම්බෙන් සිද්ධ වුනු දෙයක් වගේ..මෙහෙමයි..මගේ එක විදියක් තියෙනවා ඕනම දේක අවසානෙට මම අකමැති නම් ඒකෙ විකල්ප හොයන එක..ඒක movie එකක්, නවල් එකක් , ඩ්‍රාමා එකක් ඔය ඕන දේකට පොදුයි..ඉතින් boys over flower drama එකේ වෙනස් එන්ඩ් එකක් හොයාගෙන ගිය මම wattpad එක හොයාගත්තා..

හැමදාම ගූගල් එකෙන් කතාව කියෙව්ව මම අහම්බෙන් දැක්කේ wattpad කියන ඇප් එක..නිකමට අරගත්තා..හරියටම කිව්වොත් 2021 මැයි වල..

ඒ කාලේ මම bts universe story එකේ taekook story හැදුවා..ලියනවා වගේ නෙවේ ඒක ගොඩක් අමාරුයි..මම කියන්නේ එඩිටින්..ඉතින් නිකමට මන් wattpad එකෙත් taekook කියලා සර්ච් කරා..පළවෙනියටම හිතුන දේ තමා වාව් කියන එක..මම කියෙව්ව පළවෙනි taekook එක blood bond..අදටත් අමතක කරන්න බැරි මාරම ලස්සන පොතක්..ඔව් ඒක english එකක්..මම ඒ කාලේ දන්නේ නෑ මේකෙ සිංහල ස්ටෝරි තියෙනවා කියලා..

පළවෙනියට දැක්ක සිංහල ස්ටෝරිය bts× girl එකක්..ඇත්තටම මන් ඒක කියෙව්වේ නෑ..පළවෙනි චැප්ටර් එක බැලුවම මම පුදුම වුනා..මම ඒක ඕපන් කලේ english වෙන්න ඇති කියලා හිතලා..බට් ඒක සිංහල..
මන් පිස්සෙක් වගේ හිනාවුනා මට මතක විදියට.. :')

පළවෙනියටම කියෙව්ව පොත jimin × girl එකක්..නම ඔලී..මට ඕතර් වනම් මතක නෑ..ඇත්තටම මට එයාව හොයාගන්න ඕන වුනා..අදටත් මට ඒක කරන්න බැරි වුනා..ඊටපස්සේ මතක විදියට මම ලෙඩ්ගේ even if i die its you පොත කියෙව්වා..ඒ දවස් වල ඒක ඔන්ගොයින්..ඒ පොත නිසා තමයි මට පළවෙනි වතාවට ලියන්න ආසා හිතුනේ..

මම ගොඩක් සයිලන්ට් කෙනෙක්..වොට් , කමෙන්ට් කියන කිසිම දෙයක් මම කරේ නෑ..ඇත්තටම කියනවනම් මම දැනගෙන හිටියේ නෑ..නිකන් විස්මලන්තෙට වැටුනු ඇලිස් වගෙයි මන් හිටියේ ඒ කාලේ..හෙහෙ..bts universe එකේ මන් භාගෙට නවත්තපු story එක මන් wattpad වල අකුරු කරන්න ගත්තා..The Last Hope විදියට එළියට ආවේ ඒක..මන් හිතන්නේ ඒ වෙනකොට මට එකම එක ෆලෝවර් කෙනෙක් වත් නෑ..

Wattpad storyWhere stories live. Discover now