Part 8

239 50 3
                                    

ටිකක් වෙලා නිහඬවම ඈත බලාගෙන කල්පනා කරපු චන්මී එක සැරයක් ඒ ඇස් දෙක දිහා බලලා බිම බලාගත්තා. එදා ඉඳලා අද වෙනකල් තවමත් මේ මාස්ක් එක නැතුව නම්  මේ අහංකාරයගෙ මූණ කෙල්ල දැකල තිබුණෙ නෑ.
උත්තරයක් ලැබෙනකන් ඒ නොඉවසිලිමත් දෑස චන්මී ගෙ මූණ පුරා එහෙ මෙහෙ දුවද්දි කතා කරන්න වචන එකතු කරන චන්මී ගෙ ඇස් වලට එයාටත් හොරා කඳුළක් මෝදු වුණා. අමාරුවෙන් එයා හඬ අවදි කලා.

💙"ති..යෙ..න..වා. ඒත්... අනේ... මට බයයි ඔප්පා." කොල්ලගෙ දිලිසෙන ඇස් මග ඇරල අහක බලාගන්න ගමන් ඇඬුම්බර හඬකින් චන්මී කිව්වෙ.

චොන්සා ගෙ අප්පා චන්මී ළඟින්ම වැල්ලෙ ඉඳගත්තෙ චන්මී ගෙ කර වටේ අත යවලා යන්තමට  කෙල්ලගෙ උරහිස මිරිකගෙන වගේ.

❤" චොගියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤" චොගියෝ... අඬන්න එපා. මට කියන්න ඇයි කියල.  මොනවටද ඔයා බය. කාටද බය?"

💙"ඔප්පා.. මට අවුරුදු විසි පහක්. මෙච්චර කාලෙකට මම ජීවත් වුණේ හැමදාම දුකෙන් කියල මම කියන්නෙ නෑ.  මට ලැබුන දේවල් එක්ක සෑහීමකට පත් වෙන්න මට පුලුවන් උනා.  මොකද අම්මෙක් තාත්තෙක් නැතුව අනාථ නිවාසෙක හැදෙන කෙල්ලෙකුට මීටත් වඩා නරක ජීවිතේකට උරුමකම් කියන්න සිද්ද වෙන්න පුළුවන් බව මම දැනගෙන හිටියා.  මට දුක හිතුනම තනියම පැත්තකට වෙලා කල්පනා කලා.  ඈත අහස දිහා බලාගෙන හිටියා.  පුංචි ළමයි එක්ක කාලෙ ගත කලා. සින්දු ඇහුවා.  BTS  වීඩියෝ බැලුවා. එහෙම කරල මං හිත හදාගත්තා. 

සමහරු මාව කොන් කරද්දි තවත් සමහරු අනුකම්පා කලා. නිවාසෙ මැඩම් තමයි කිඩ්ස් වර්ල්ඩ් ගෲප් එකේ වේකන්සි එකට මාව දැම්මෙ. මිසිස් සියෝ අපේ මැඩම් එක්ක තියෙන හිතවත් කමට මාව වේකන්ට් එකට ගත්තා. ආපු දවසේ ඉඳන් සෝජුන් මට කලේම රිද්දපු එක. මං දන්නෑ ඇයි කියල. මුලදි මං ඒක ගණන් ගත්තේ නෑ. එහෙම දේවල් මට පුරුදු නිසා, ඒ වගේම මට පොඩි ළමයි අතාරින්න බැරි කම නිසා.  ඒත් අන්තිමට නම් මට තිත්තම වුණා. නර්සරි ගමන එපා වෙන තරමටම. හිතක් නැති මැෂිමක් වගේ මම ඉවසගෙන හිටියේ මට ලැබුන එකම වටිනා කම, මගේ ජොබ් එක නැති කරගන්න බැරි නිසා.

❤💙My Universe 💙❤Where stories live. Discover now