Part 37 (Final)

283 36 10
                                    

💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤

♟"ටිකක් රෙස්ට් කරන්න.  දැන් හැමදේම හරි යේජියා"

♟"ඔව්. ඒ මැරිච්ච දරුව අපේ නම් වලින් අවසන් කටයුතු කරලා අපේ දුව ඒ ගෑණු කෙනාගෙ නමින් රෙජිස්ටර් කලා. අපි හිතුව වගේම ඊට පස්සෙත් අර මිනිස්සු අපි ගැන හොයල තියෙනව. එයාලගෙ ලෙයින් උපන් දරුව මැරුණ කියල හොස්පිට්ල් එකෙන් තහවුරු කරගත්තට පස්සෙ තමයි උන් ආපහු ගිහින් තිබුණෙ. කොහොම වුනත් එදායින් පස්සෙ ඒ වෙනකන් අපි ළඟ හිටපු යේජී අද වෙනකන්වත් මම දැක්කෙ නෑ. දුව ළමා නිවාසෙට යද්දි යේජීගෙ හිනාවත් මළගම් ගිහින් තිබුණා. දුව වෙනුවෙන් යේජී ගෙ පපුවෙ පිරුණු කිරි ටික එයා දුන්නෙ මගෙ කුකීට.
මගේ දරුවන්ට කිසිම වෙනසක් නොකලත් එයා නිතරම එයාගෙ දුව ගැන දුකෙන් හිටියෙ. එයාගෙ රිකෝත් නිතරම දුව ගැන ඇහුව කියල නම් මම දන්නව. පහු කාලෙක අර ඩොක්ටර් දුවගෙ නියම උප්පැන්නය ළමා නිවාසෙ පාලිකාවට බාර දීල තිබුණ. ඒ නිසයි අපි එයාගෙ නමවත් නොදන්නෙ.  එයා ගැන අපිත් නොදන්න තරමට දරුව ගෙ ආරක්ෂාව තහවුරු වෙයි කියන එකයි දොස්තරත් කිව්වෙ.  "

"ඒ පරිසරය අතෑරල අපි සෝල් වලට ආවෙ ඊට පස්සේ.  ඊටත් මාස ගානකට පස්සෙ දවසක් මට යේජී කිව්වා රිකෝ ගෙදරින් බල කරන නිසා වෙන කෙනෙක් බැන්දා කියලා.  ඒත් අවුරුදු ගානකට පස්සෙ දවසක් මම රිකෝ ගැන අහද්දි යේජී කිව්වා එයා දැන් මේ ලෝකෙ දාල ගිහින් ටිකක් කල් කියල. එච්චරමයි මම එයා ගැන දැනගෙන හිටියෙ.  නිවාසෙ පාලිකාව හරහා දුව ගැන තොරතුරු හොයල බැලුවත් දුවට තේරෙද්දි එයා තමන් ගැන තොරතුරු කාටවත් දෙන එක නැවැත්තුවා වගේම ඉක්මනට එතනින් වෙන තැනකට මාරු වුණා. ඊට පස්සෙ කිසිම තොරතුරක් නැතුව ගියා. "

"අපි බැන්දට පස්සේ මේ යේජී මගෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලුවා.  එකක් මගේ කිසිම දේපලක් එයාට එපා කියන එක. අනිත් එක දුවව හොයල එයාට ගෙනත් දෙන්න කියන එක. අනිත් එක කවදාවත් එයා ඔයාලගෙ ඔම්ම නෙමෙයි කියල ඔයාලට කියන්න එපා කියන එක. එයා බය වුණා ඔයාල එයාගෙන් ඈත් වෙයි කියලා. මේ දේවල් මෙහෙම සිද්ද වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ. කොහොම වුනත් මට ඉටු කරන්න බැරි වුන ඉල්ලීම ඔයා හරි කරපු එක ලොකු දෙයක් ! "

❤💙My Universe 💙❤Where stories live. Discover now