Chapter 11

2.7K 516 82
                                    

වෙල්කම් පාටි එකෙන් පස්සෙ ජූනියර්ස්ලට පාඩුවෙ ඉන්න ලැබුණා. මේ දවස්වල end semester exam නිසා හැමෝම වගේ බිසී වෙලා හිටියේ.

"කොහෙද මචං උඹ හිටියෙ?" යුන්වෝ ඇහුවෙ ඒ වෙලෙ ආපු යුගියොම්ගෙන්.

"V හ්‍යුන්ග් හම්බෙන්න ගියා බං." යුගියොම් එහෙම කියන ගමන් ජන්ග්කුක් ළඟින් ඉඳගත්තා. ඒ නම ඇහෙද්දිම ජන්ග්කුක් ඇස් රෝල් කරනවා මිකී දැක්කා.

"ඒ මොකටද?" බම්බම් ඇහුවා.

"Exam ළඟ නිසා අපිට අමාරු subjects තියේ නම් කියන්න කිව්වා. සීනියර්ස්ල අපිට උදව් කරන්නම් කිව්වා." යුගියොම් කිව්වෙ ජන්ග්කුක්ගෙ banana milk එකෙන් උගුරක් බොන ගමන්.

"ඒයි මගේ බනාන මිල්ක් එක." ජන්ග්කුක් ආපහු ඒක උදුරලා ගත්තෙ අනිත් අය හිනාවෙද්දි. අනිත් මොන දේ බෙදාගත්තත් ජන්ග්කුක්ගෙ banana milk එක නම් එයා කවදාවත් කාටවත් දුන්නෙ නෑ.

මේ දිහා ඈත ඉඳන් බලන් හිටපු ටේහ්‍යුන්ග්ටත් හිනාවක් ගියා. ජිමිනුයි ජැක්සනුයි එයා දිහා බැලුවෙ මුට මේ මොනා වෙලාද තනියෙන් හිනාවෙන්නෙ කියලා හිතන ගමන්. ටේහ්‍යුන්ග් හිමීට ජන්ග්කුක්ලා ඉඳගෙන හිටපු ටේබල් එක දිහාවට ඇවිදන් ගියා. එතෙන්ට ගියපු ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ පුටුව උඩින් අතක් තියලා එයාගෙ බනානා මිල්ක් එක උදුරන් උගුරක් බිව්වා. හැමෝම පුදුම උනේ ටේහ්‍යුන්ග් කරපු දේටත් වඩා ජන්ග්කුක් සද්ද නැතුව හිටපු එකට. ඔරවලා ටේහ්‍යුන්ග් දිහා බැලුවත් ජන්ග්කුක් මුකුත් කිව්වෙ නම් නෑ.

"මට එහෙනම් ඔයාලා කතා කරලා අමාරු subjects ටික කියන්න. ඒ subjects වලට දක්ෂ අයියෙක් හරි අක්කෙක් හරි ඒ ටික ඔයාලට සරලව පැහැදිලි කරල දෙයි." ටේහ්‍යුන්ග් එහෙම කියලා යුගියොම්ගෙ පිටට තට්ටුවක් දාලා මිකී දිහාට හැරුණා.

"කොහොමද? මේ ටිකේ exam නිසා කතා කරන්න වත් වෙලාවක් හම්බුනේ නෑනෙ අපි දෙන්නට."

"හොඳින් ඉන්නවා V ඔප්පා." මිකී හිනාවක් එක්ක කිව්වෙ ජන්ග්කුක් දිහා බලන ගමන්. ටේහ්‍යුන්ග් මිකී දෙන්නා යාලුවො කියලා දැන් ජන්ග්කුක් එහෙමත් දන්නවා. ඒ නිසාම ජන්ග්කුක් ගොඩක් පරිස්සම් උනා කිසිම දෙයක් යාලුවන්ටවත් නොකියා ඉන්න. ටේහ්‍යුන්ග් කියන කරන හැමදේම ජන්ග්කුක් ඉවසන් හිටියත් ජන්ග්කුක් ඒ දේවල් කරේ තිබ්බ බයට මිසක් කැමැත්තෙන් නෙවේ. ඒක ටේහ්‍යුන්ග්ටත් තේරුණා. ටේහ්‍යුන්ග් ඒ වීඩියො එක කවදා delete කරයිද කියලා තමයි ජන්ග්කුක් නම් බලන් හිටියේ.

E.N.E.M.I.E.S  ✔️Where stories live. Discover now