𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 - 05

180 56 15
                                    

author's point of view ~

ජන්කුක් දැන් මේ අවන්හලට වැඩ කරන්න ඇවිල්ලා සතියක් තරම් සුලු කාලයක් ගියත් ඉතාමත් කෙටි කාලයක් තුලදි මෙහි කාර්‍යන් සිදුවන ආකාරය පිළිබදම මූලික දැනුම ලබාගැනිමට කුඩා ජන්කුක්ට හැකි උනා..

පාන්දර හතරට නැගිට විශාල කල්දේරම් වලට ලී බාල්දි වලින් වතුර පිරවීම ජන්කුක්ගේ උදෑසම ප්‍රථම රාජකාරිය උනා.

මුලදි ජන්කුක්ට ඒ ලී බාල්දි එසවීම ඉතාමත් අපහසු උනද පසුකාලීනව යම් යම් අත්දැකීම් එක්ක ජන්කුක්ට වතුර පුරවන එක එතරම් අපහසු උනෙ නැහැ.

ජන්කුක්ගේ වයසට වඩා අවුරුදු කීපයක් වැඩිමල් උදවිය අවන්හලේ රාජකාරි සදහා සිටියද මෙවැනි වැඩ සදහා කුඩා අයවලුන් යෙදවීම මෙහි සාමාන්‍ය සිරිතක් උනා.

වතුර පිරවූ පසු නැවතත් රාබු ගොණි ගෙන ගොස් මුලුතැන් ගෙයට දැමීමත් ඉන් පසු සියලුම රාබු අල සෝදා පිරිසිදු කිරිමත් ජන්කුක් සහ ජන්කුක්ට ආසන්න වයස් වල පිරිසගේ රාජකාරිය උනා.

නැවතත් හිස් වූ වතුර කල්දෙරම් පුරවන විට ජන්කුක් සතු සියලු ශක්තිය හීන වී ගියත් ඔහුට අහරක් සදහා රාත්‍රිය වන තෙක් ඉවසන්නට සිදු උනා.

අවන්හලක් යැයි පැවසුවද එහි එතරම් ආහාර වර්ග තිබුණේද නැහැ.ලුණු දැමූ ඌරු මස් එහි තිබු මිල අධිකම ආහාරය උන අතර රාබු සූපය ඉන් පසු ජනප්‍රියම ආහාරය උනා.

නමුත් ජන්කුක් හට කවදාවත් ලුණු දැමූ උරු මස් කැබැල්ලක් වත් දකින්නට පවා නොලැබුනේ මෙහි ඌරු මස් පිලිස්සිම සුදු කරන ලබන්නේ මුලුතැන්ගෙයි ප්‍රධාන අරක්කැමි කාන්තාව විසින් වූ නිසා.

මෙහි වැඩ කරන කිසිදු සේවකයකුට ගෙවීමක් හෝ ගාස්තුවක් කිසිවිටත් ලැබුණේ නැහැ.ඔවුන්ගේ මහන්සිය සදහා ඔවුන් හට ගෙවීම් සිදු කරනු ලැබෙනුයේ එදා වේල ඔවුන් හට ලබා දීමෙන්.

නමුත් රාත්‍රියේ එහි නවාතැන් ගන්නවුන්ට රාත්‍රී අහාරය ලැබුණද එය කිසි විටකත් ඔවුන්ගේ මහන්සිය සරිලන ආකාරයේ ගෙවීමක් වූයේ නැත.

ඔවුන් හට ලැබුණේ බාජන වල ඉතිරු ඌ බත් දණ්කුඩ සමහ රාබු තම්බා ඉවතලන ජලය.සමහරදාට රාබු තැම්බූ ජලය සූපය සදහා යොදාගන්නා විටදි ඔවුන් හට ඉතිරි ඌ බත් දණ්කුඩ සමග ලුණු වතුර ස්වල්පයක් ලැබිණ.

𝐎𝐔𝐓𝐋𝐀𝐖𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 | 𝐕𝐊𝐎𝐎𝐊Where stories live. Discover now