නමවන දිගහැරුම ❤

1K 254 25
                                    

❤💚❤💚❤💚❤💚❤💚💚❤💚❤💚

"බෝ..??? එයාගෙ වාහනේ මොකද මෙතන?
එයා නිශූව බලන්න එන්න ඇත්තෙ. ම්ම්.. දැන් එයිනෙ. කතාකරන්නෙ නෑ මන් හ්ම්..😌

මන් රෙදි ටිකත් වේලෙන්න දාලා ගෙට ගියා. නිශූ නම් චූටි එක්ක බර කයියක. මන් එයාලගෙ කතාව අහගෙනම එතනින් වාඩිවුනා. එයා එයි දැන්.😊

🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁

විනාඩි පහලවක් විතර ගියා.  කෝ එයා තාම නෑනෙ. එයාට මෙතනට එන්න වෙන හේතුවක් නෑ අනිවාරෙන් නිශූ බලන්න මිසක් වෙන දේකට එන්න විදිහක් නෑ.

බෝ එන්නෙ නැතිම තැන මන් ආපහු බැල්කනියට ගියා. වාහනේ තාම පහල තියෙනවා. මන් හොදට වාහනේ දිහා බලද්දියි දැක්කෙ වාහනේ ඇතුලෙ පිටිපස්සෙ ශීට් එකේ නිං ඉන්නවා. වෙන කවුරුත්නම් නෑ වගේ.

ඒත් ඇයි නිං එහෙම ඉන්නෙ. නිදිද.. ? 

වාහනේ පිටිපස්සෙ ශීට් එකට වෙලා ඇස් පියන් හිටපු නිං දැකපු මට මුලදි එයා නිදි කියලා හිතුනත් එයාගෙ මූන දිහා බලන් ඉද්දි මට අමුත්තක් දැනුනා. මන් තව හොදට ටික වෙලාවක් බලාගෙන හිටියා. එයා නිදි නෙමේ. මොකක් හරි අමාරුවකින් ඉන්නෙ. එයා වෙලාවකට ඇස් ඇරලා දෑතින්ම ඔලුව බදන් පහත් වෙනවා. ආපහු ශීට් එකෙ දිගා වෙනවා. එයා හොදින් නෙමේ කියන එක මට තේරුනා. මන් ආපහු ගියේ නිශූව හොයාගෙන.

" චූටි.. අනේ වස්තුව මට පෝන් එක දෙන්නකො.."

" අනේ........."

" මන් ඉකමනට ආපහු දෙන්නම්. මේ නංගි මන් තියෙනව හොදේ මට කෝල් එකක් ගන්න ඕන."

" හා හරි අයියෙ බායි. බායි පැටියෝ."..

" බායි..."

" නිශූ මැනික දොයි මතනම් ඔයා නිදාගන්න කාමරේට ගිහිල්ලා. නැත්නම් ඔයාගෙ මොන්ඩිසෝරි වැඩටික ගන්නකො මාමා ඉක්මනට එන්නම්."

මන් ආපහු දුවගෙන බැල්කනියට ආවා. නිං වාහනේ පිටිපස්සෙ ශීට් එකේ දිගා වෙලා. එයා විතරද ඉන්නෙ. කෝ අනිත් තුන්දෙනා. ඒ ලමයව තනියම දාලා ගිහින්.

මන් නිං ට කෝල් එකක් ගත්තා.
📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲

" නිං.... ඔයා හොදින්ද ..?"

ROWDY BO (Yizhan Ff) CompletedWhere stories live. Discover now