දාහතරවන දිගහැරුම ❤

1K 246 21
                                    

❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤

මම එයාගෙ ඇගේ වදින නොවදින ගානට ලං වුනා. වෙනදට මට ඔරවන ඒ ඇස් අද නෑ. වෙනද මන් ඒ ඇස් දිහා කෙලින් බලද්දි ගැස්සෙන ඒ ඇස්වල අද වෙනස් හැගීමක් තිබුනා. මන් දාන්නවා එයා දුකෙන් ඉන්නෙ. ඇයි බෝබෝ ඕක කියන්න බැරි... එක වතාවක් ඕක කියන්න මන් ආපහු අහන්නෙ නෑ ඔයාගෙන්. කොටින්ම මන් දවසකටවත් ඔයාව දාලා යන්න හිතන්නෙවත් නෑ.

" ජ්.ජාන්.. යන්නෙ නැද්ද ?"

මට බැ.. එයා ඒක කියන්නෙ නෑ.. එයා මගෙන් යන්නෙ නැද්ද අහනවා. නොයා ඉන්නවා ඔයා එක වතාවක් කියන්න අනේ ජාන් ඉන්න කියලා.

මට ඇඩෙන්න ආව නිසාම මන් එයා නොහිතපු වෙලාවක එයාට තුරුලු වුනා.
එයා මාව තුරුල් කර නොගත්තත් එයාගෙ අත්වලින් මගෙ උරහිස් අල්ලගෙන හිටියා. ඒත් මාව ඈත් කලේ නෑ.

" ජ්..ජාන්.. මොකද.මේ ?"

" බෝබෝ..."

" කියන්න ?"

" පරිස්සමෙන් ඉන්න මගෙ බෝබෝ.. ඉකමනින් එන්නම් "

එහෙම කියපු මන් ආපහු එයාගෙ මූනවත් නොබලා හැරිලා ආවා. මන් එයාට මගෙ බෝබෝ කිව්වෙ එයාට දැනෙන්න ඕන නිසා. එයාට දැනෙන්න ඕන එයාට මන් ආදරෙයි කියලා.

මන් දන්නවා එයාට කවදාවත් නොලැබුන මේ හැගීම එයාට අමුතු ඇති. කමක් නෑ බෝබෝ.. මන් ගිහින් ආවට පස්සෙ මන් ඔයාට කියනවා. ඔයා අකමැති වුනත් කමක් නෑ මන් කියනවා.




පහුවදා උදේ නිං මාව එක්කගෙන යන්න ඇවිල්ලා තිබුනා.ඒ නිසා මන් නිං එක්ක ස්ටේශන් එකට ආවා. කෝච්චිය එනකන් බලාගෙන හිටපු මට නිං ඇගිල්ලකින් ඇනලා මට ලගට එන්න කිව්වා

" ඇයි?"

" එකපාර බලන්න එපා. හෙමින් බලන්න දකුනු පැත්තෙ මෙතන ඉදන් පස් වෙනියට තියෙන කනුව ලග."

මන් නිං කිව්ව දිහාවට හැරුනා..

" බෝබෝ😟"

ඔව් ඒ එයා තමයි.එයා හිටියෙ කනුවට මුවා වෙලා. කෝල් එකක හිටපු නිසා එයා මන් එයා දිහා බලනවා දැක්කෙ නැති වුනා. කලු කැප් එකකුත් දාගෙන උන්න එයා මට හොරෙන් මාව බලන්න ඇවිත්.

ROWDY BO (Yizhan Ff) CompletedWhere stories live. Discover now