තිස් අටවන දිගහැරුම ❤

629 192 34
                                    

❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚💚❤💚

Yibo.............

" පුතා... පුතා... කතාකරන්න පුතා.. ඔයාට මාව පේනවද ??"

" ...................................."

" නර්ස්........... කවුරු හරි එන්න.... ඩොක්ටර් ...."

මම ඇස් අරිද්දි මට කිසිම දෙයක් පේන්නෙ නැතුව ගියා.. මන් ඉන්නෙ කොහෙද..?
මට මොකක්ද උනේ..??

මන් අමාරුවෙන් අමාරුවෙන් ඇස් පිය ගහද්දි මෙච්චර වෙලා නොපෙනී තිබුන දේවල් හෙමින් හෙමින් බොද වෙවී පෙනෙද්දි සුදු ඇදගත්ත කෙනෙක් මන් ලග ඉදන් මට කතා කර කර කෑ ගහනවා ඇහුනා..

" දැන්ද සිහිය ආවෙ..?"

" ඔව් ඩොක්ටර් .. ඒත් කතාකරන්නෙ නෑ.."


මම කොහෙද මේ ඉන්නෙ.. ?  මොකක්ද මට උනේ..?

" ඔයාට මාව ඇහෙනවද....? ඇහෙනවද මාව.."

මගෙ ලග හිටපු ඩොක්ටර් කෙනෙක්  කියලා  හිතන්න පුලුවන් කෙනා මගෙ කන ලගින් සද්ද කර කර මගෙන් එයාව ඇහෙනවද අහද්දි මන් ඔලුව හෙලෙව්වා.  ඔව් මට එයාව ඇහෙනවා.. ඒත් ඇයි මම මෙතන..?"

" ටිකක් ඉන්න.. නර්ස් කෙනෙක් එයි එයා එක්ක මෙයාව එවන්න පරීක්ෂණයක් කරන්න තියෙනවා."

" අ.. හ...හා. ඩොක්ටර් .. ඒත් ඇයි දරුව මෙහෙම ඩොක්ටර් ?"

" එයා තාම කම්පනෙන් ඉන්නෙ.. බයවෙන්න එපා හරියයි.."

ඩොක්ටර් යන්න යද්දි මන් බලන් උන්නෙ මන් ලග ඉන්න සුදු ඇදගෙන ඉන්න වයස කෙනා දිහා. එයා කවුද..? මම කවදාවත් එයාව දැකලා නෑනෙ..  ඇයි එයා මන් ලග ඉන්නෙ..?

" පුතා...??"

එයා මට කතාකලා.. එයා කතාකලේ මට පුතා කියලා. ඒ කියන්නෙ එයා මගෙ තාත්තද..? ඒත්  ඇයි එහෙනම් මට එයාව මතක නැත්තෙ..

මම ඇදේ කෙලින් වෙන්න හදද්දි එයා මට උදව් කලා. මන් ටික වෙලාවක් එයා දිහා බලන් ඉදලා කතාකලා.

" මම ඇයි මෙතන ?"

මට කිසිම දෙයක් මතක නෑ.. මම ඇයි මෙහෙම ඉන්නෙ කියලවත් මට මතක නෑ. හැබැයි මගෙ මුලු ඇගම එකම තුවාලයක්..

" පුතේ ඔයා ඇක්සිඩන්ට් උනානෙ.. ඉන්නෙ හොස්පිටල් එකේ.."

" මම ?? මට මතක නෑනෙ..?"

ROWDY BO (Yizhan Ff) CompletedWhere stories live. Discover now