2.

1K 273 64
                                    

ජිමින් තමන්ට පුලුවන් තරන් වේගයෙන් දුවන්නා වුනා. ඔහු පසුපසින් යක්ශාවේසවුන තරුණියෝ එලවනවා.

" ගෙදර ගිහින් සලකන්නම් කකුල් දෙක දැන් දූවමූ....... "
ජිමින් එයාගේ කකුල් දෙක දිහාබලලා ආයේ දුවන්න ගත්තා.

ජිමින් එක ගෙයක් ලගින් නතරවෙලා වහලා තියන දොරට පයින් ගහලා ඇරගෙන ඇතුල්ට පැනලා දොරවහගත්තා.

ජිමින් හයියෙන් හති අරින අතරේ කාමරේ ඉදන් ජිමින්ගේ සහෝදරයා ඒකියන්නේ ජින් එලියට ආවා.

" තමුසේ ජන්කුක්ව බදිනවද ? "
ජින් ඉනට අත තියන් ජිමින්ට ඔරවනවා.

" විකාරද "
ජිමින් පපුවට අත තියන් හයියෙන් හුස්ම ගන්නවා.

" මේ ඔයා මොකද තම ටවල් එක පිටින් ? "
ජිමින් පොත්සාප්පුවට ගිහින් එන්නම් කියලා උදේ යනකොටත් ජින් ලෑස්තිවෙලා හිටියේ නාන්න යන්න දැන් ආයේ ජිමින් ගෙදරට ආවේ පැය එකහමාරකින් , එතකොටත් සහෝදරයා තුවාය පිටින් සිටියි.

ජින්ගේ පිටිපස්සෙන් කාමරෙන් එලියට ආපු ටේ ජිමින්ව දැකලා , ඇස් ලොකු කරගත්තා.

" ඒහ් , ජිමි......... ඔයා අර ජියෝන් ජන්කුක්ව බදිනවද ? "

ටේහියෝන් කෑගහනවා.

ජිමින් ඇස් හිනි කරලා ටේ දිහා හිදින් බැලුවා.

" ටේ ඇයි ඔයා හියුන්ග්ගේ පෙරවන රෙද්ද ඇගේ ඔතන් ඉන්නේ ? "

ටේහියෝන් රෝසපාට මල් වැටිච්ච සුදුරෙද්දක් පපුව උඩටම වෙන්න ගැටගහන් ඉන්නවා.

ටේහියෝන් දත් ඔක්කොම පෙන්නලා හිනාවෙනකොට එයාගේ කම්මුල් රෙද්දේ මල් පාටටම රතු වෙලා තිබුනා.

" ඒවා නෙමේ , අර ඔයාට ප්‍රපොසල් කරපු සීන් එක ඇත්තක්ද ? "
ජින් ටේහියෝන් ඉස්සරහින් හිටගෙන අහනවා.

~හ්ම්........
ජිමින් හුස්මක් පිටකරලා කතාව පටන්ගත්තා.

*******************

" මං යනෝ...... "
ජිමින් ජින්ට ඇහෙන්න කෑගහන ගමන් ගෙයින් එලියට බැස්සා.
ජිමින් එයාගේ පාපැදියේ නිදහස් කුරුල්ලෙක් වගේ සතුටින් පියාඹන්න උනා.

නෑනේ බයිසිකලේන් පුලුවන් පදින්නනේ........ ඒත් ජිමින් බයිසිකලේ වේගෙන් පැද්දේ මේ දැන් මොකේ හරි වැදිලා විසික් වෙන තරන් වේගයෙන්.

The Random Marriage ||Completed ||Where stories live. Discover now