5.

904 270 118
                                    

" මේ විවාහයට විරුද්ධ කවුරුන්හෝ ඉන්නවද ? "
පල්ලියේ පූජකතුමාගේ සද්දෙට වඩා සද්දෙන් ජන්කුක්ට එයාගේ කන ළගින් සද්දයක් ඇහුනා.

" මං විරුද්ධයි....!!! , මේ මිනිහා මාව බලෙන් බැදගන්න යන්නේ "
ජිමින් ටිකක් ඇඹරිලා පරණ හින්දි නිලියක් වගේ අහකබලන් නලලට වම් අත තියාගෙන දකුණත ජන්කුක් දිහාවට දික් කරලා කියනවා.

" හත් දෙයියනේ !! කොච්චර වැරදි වැඩක්ද ? "

" මේ මිනිහට දඩුවම් කරන්න !!"

" අර අසරණ කොල්ලට පාඩුවේ ඉන්න දෙනවා වනචරයා...... !! "

" මේවගේ එවුන් සමාජයෙ මුලිනුපුටා දාන්න ඕනේ "
විවාහයට ආපු හැමදෙනාම ජන්කුක්ට බනින්න ගත්තා.

ජන්කුක් අසරණ විදියට වටපිට බැලුවේ එයාගේ සහෝදයයි , යාළුවෝ දෙන්නයි ඉන්නවද බලන්න.

දෙයියන්ට ඔප්පුවෙච්චාවේ !! මේ වෙද්දිත් උන් ටික පල්ලියේ පිටිපස්සේ දොරෙන් එලියට පැනලා.

" කෝ නීතියට ඉඩ දෙන්න "
ඒඅස්සෙ පිරිස අතරින් පොලිස්නිලධාරින් දෙදෙනෙක් ඇවිත් ජන්කුක් ඉස්සරහින් හිටගත්තා.

" අපිට ඔබතුමාව අතඩංගුවට ගන්න සිද්දවෙනවා. "
ජන්කුක්ගේ නිකලැල් අත්වලට මාංචු වැටෙන කොට ජන්කුක්ගේ ඇස් අගින් කදුලක් ඉබේම එලියට පැන්නා.

ජිමින් අත්බැදන් කටකොනින් හිනාවෙනවා.

" හ්ම් , යමං "
ජන්කුක් දගලනකොට පොලිස් නිලදාරියෙක් ජන්කුක්ගේ බෙල්ලෙන් අල්ලගත්තා. මරන්න ගෙනියන කුකුලෙක්ගේ බෙල්ලෙන් අල්ලන් යනවා වගේ ජන්කුක්ව ඇදන් යනහැටි ජිමින් අතවනන ගමන් බලන් ඉන්නවා.

ජන්කුක් ඇදන් ඉන්න වටිනා ඇදුම් ගලවලා සිරකරුවන්ට අන්දන ඇදුම් අන්දවා මාංචුත් එක්ක විත්ති කුඩුවට අරන් ආවා.

" ජියෝන් ජන්කුක් වන ඔබ අසරණ තරුණයෙක්ව බලෙන් විවාහ කරගැනිමට සැරසීම යන වරද මත අවුරුදු 1459 මාස 10 ක සිරදඩුවම් කාලයක් ලබාදෙනවා "

" ඒක අසාධාරණයි.... ! "
ජන්කුක්ව අත් දෙකෙන් අල්ලන් බිම දිගේ ඇදන් යනකොට හයියෙන් කෑගැහුවා.

ජන්කුක් ගෙනල්ලා අතැරියේ ගොඩක් අදුරු හිරකුටියකට . ජන්කුක් යකඩ කූරූ අල්ලන් මාව බේරගන්න කියලා කෑගහන්න පටන් ගත්තා.

The Random Marriage ||Completed ||Where stories live. Discover now