part-2

936 193 27
                                    

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා ගලපා නොගන්න.




🐺If I Find You🦇️
🐺part-2🦇️

"වෙයි වූශියෑන් අන්තිමට මං උඹව හොයා ගත්තා"

ලබ් ඩබ් ලබ් ඩබ්..මගේ හදවතේ සද්දෙ මටම ඇහෙනවා.හරියට කිලෝමිටර් ගානක් නොනවත්වාම දිව්වම වගේ,හොදටම දිරපු දොරක චිරිස් බිරිස් සද්දයකුත් එක්ක යන්තන් හෙමින් හෙමින් දොර ඇරුනා,ඉස්සෙල්ල හිත හයිය කරන් හිටියට මොකෝ මං ඉස්සරහින් තිබ්බ අඩිය මටත් නොදැනිම පස්සෙන් පස්සට අරන් තිබුනෙ මං ගිහින් ඇද විට්ටමේ හැප්පෙනකොට,

මේ....මේ කවුද,මං මගෙ හිතින්ම ඇහුවේ මං මේ යකාව කිසිම දවසක දැකලා තිබුන් නැති වෙනකොට, මේ මං වලියක් දා ගත්ත එකෙක්වත් ගහපු එකෙක්වත් අඩුම තරමෙ අදුරන හරි දැකලවත් නැති එකෙක් වෙනකොට මොකට මූ මාව මෙහෙ අරන් ආවද,දැන් නම් පපුව එන්න එන්නම තදින් ගැහෙනවා,මූ මාව මැරුවොත් අනේ මගේ නංගිට මොකද වෙන්නේ,නොනවත්වාම මගෙ හිතේ ප්‍රශ්න කෝටියක් නිර්මාණය වෙන්න ගත්තා,ඇත්තටම මෙයා කවුද.....

කලු පාට සපත්තු,කලු කලිසමට යට කරපු කලු පාට ශර්ට් එකක්,කකුලේ ඉදන් ඔලුව වෙනකන් ඔක්කොම කලු පාටින්ම සැරසුන මේ මනුස්සයට දිලිසෙන සුදු හමක් තිබුන හින්දා මූන ගොඩාක් කැපී පෙනුනා,එයා ඇත්තටම ගොඩාක් කඩවසම්,මං ඇස් පිල්ලම් නොගහම බලන් හිටියේ එයාගේ මූන දිහා,

අයියේහ්.ඔයා කොහෙද මගේ අයියේ.....මට මගේ නංගිගේ කටහඩ දෝංකාර දෙනවා වගේ ඇහෙනකොටම මං හිටිය මනෝලෝකෙන් මිදුනා, මට ආවේ මේකා ගැන තරහක්,අඩු ගානේ මේ දන්වැලවත් අයින් කරන්න තිබුනා මූට,
උගේ ඇස් වලින් අයින් වුනු මං අහක බලා ගෙන අත් මිටි මොලව ගත්තේ මාව අරන් ආපු හේතුව දැන ගත්ත ගමන් හොම්බට එකක් අයින්නම් කියල හිතාගෙන,
ඒ කලු ඇද ගත්ත මනුස්සයා දත් නොපෙනෙන්න කට කොනකින් කින්ඩියට වගේ හිනා වෙන ගමන් මගේ ලගට ඇවිත් අඩි එක හමාරක් වගේ ඉතුරු වෙන්න නැවතුනා.
මට බයක් වෙනුවට තියෙන්නේ මූ ගැන තරහක්,ඇත්තටම ඒ මූනෙත් කිසිම නිමුණු ගතියක් ඇත්තෙම නැති වෙනකොට ඒ මූනේ තිබුනේ පලිගන්නා සුලු පෙනුමක්,ඇත්තටම ඒ මූන හරිම භයන්කාරයි,ඇස් වලට ලේ උනලා තිබුනා වගේම ඒ මනුස්සයා අත් දෙක පිටි පස්සට වෙන්න බැදගෙන හිටියා.මට මූ කවුරු උනත් වැඩක් නෑ මං මගේ පොඩ්ඩිව බලන්න යන්න ඕනේ.ඉතින් තවත් මෙතන ඉන්න මගෙ හිත ඉඩ දුන්නෙ නෑ,

🐺If I Find You🦇️ (Yizhan) CompleteWhere stories live. Discover now