Part-12

534 126 20
                                    

මෙය මාගෙ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න







Part-12


මං පොරොන්දු වෙනව උබව මේ තත්ත්වෙට ඇදල දාපු හැම එකාවම මාවත් අතුලුව හැම එකෙක්වම මන් යන්න කලින් මේ ලෝකෙන් අරන් යනවා...එතකන් උබ මොනව කරත් මං නොමැරි ඉන්නව වංජී..මං ගියාම ඔයා මාව හම්බෙන්න කලින් ඉස්සර වගේම සතුටින් හිනා වෙලා ඉදීවි........මං ආයෙත් ඔක්කොම හරි ගස්සනවා...මං විනාස කරපු ඔයාගෙ ජීවිතේ ආයෙත් ඔයාට හදල දෙනවා...මේක මගේ පොරොන්දුවක් ........වෘකයෙක්ගෙ වගේම වැම්පයර් කෙනෙක්ගෙ පොරොන්දුවක් ................

එක දිගටම මගේ ඇගට අතට වැටෙන කදුලු බින්දු නිසාත් ඔයාගෙ ඉකිය නිසාත් මං දන්නවා මැණික ඔයා අඩනව කියල....ඒත් මට කියන්න බෑ මං හැමදේම අහගෙන හිටියෙ කියල ඒ වගේම මට හැමදේම මතකයි කියල.....ඒත් ඔයා අඩනව අහන්න මම ආස නෑ....පිටතින් තද චරිතයක් වුනත් ඔයාගෙ හිත ඉස්සර වගේම මං ලග උණු වෙනව කියල මං දන්නවා..මට ඔයා අඩන එක නවත්තන්නත් බෑ ඒත් අඩන්න දීල බලන් ඉන්නත් බැරි වෙනකොට මං නින්දෙන් වගේ එයා ඉදන් උන්නු පැත්තට හැරිල එයාගෙ අතින් තද කරල අල්ල ගත්ත..කවුරු නැතත් මං ඔයාට ඉන්නව වංජියෝ.......

Wangji's pov.........

මට දුකයි වූශියෑන් ඔයාට රිද්දන රිද්දන වාරයක් ගානෙම මට වේදනයි..මං මොනව කියල කරන්නද මැණික....මට ඇඩෙනවා..ගොඩාක් කාලෙකට පස්සෙ ඔයා ලග ඉදන් ඔයා නිසා මං අවංකවම අඩනව වූශියෑන්......

ඇස් තද කරන් අඩපු මං එක පාරටම ගැස්සුනෙ එයා නින්දෙම්ම වගෙ මගෙ පැත්තට හැරිල මං ඇද උඩින් තියන් හිටපු අතක් එයා තද කරල අල්ල ගත්තු නිසා....ඔයා තාමත් නිදිනෙ..ඉස්සරත් ඔයා මේ වගේමයි..මට දුකක් ප්‍රශ්නයක් ආපු වෙලාවට ඔයා මගෙ අත තදින් අල්ලගෙන මං ඉන්නව වංජියෝ කියනව...ඒත් අද කවුද මට එහෙම කියන්නෙ....මේ අවුරුදු දහස් ගානටම එදා උබ ගියායින් පස්සෙ කිසිම කෙනෙක් හිටියෙ නෑ මට එහෙම කියන්න....මං අඩ අඩ උබ වැටුනු කන්ද පුරාවටම උබව හොයනකොට උබ බින්ද අපේ හීන එකින් එක සිහි කරනකොට කවුරුත් හිටියෙ නෑ වූශියෑන් මගේ අත අල්ල ගන්න...කවුරුත්ම හිටියෙ නෑ......

🐺If I Find You🦇️ (Yizhan) CompleteWhere stories live. Discover now