17.♡

567 144 54
                                    

ජිමින් අන්තිමට නතර උනේ  බීච් එකේ ..
ගෙදරින් එලියට බැහැපු පාර එයා උත්සහ කලේ පුලුවන් තරම් ඈතට යන්න..
කාටවත් හොයාගන්න බැරි තැනකට ගිහින් පොඩ්ඩක් නිදහසෙ කල්පනා කරල හිත නිදහස් කරගන්න...
ඉක්මනට ජන්කුක් ගෙ ඇස් මානෙන් හැංගෙන්න...
ඒත් එයා දැක්කෙ නැ ජන්කුකුත් එයාගෙ පස්සෙන්ම් ආපු බව...

ජිමින් ට දුවල දුවල හොදගානට හති...
සුදුපාට සිල්ක් ඇදුම ඇගටම ඇලිලා තිබුනේ එයාට කොච්චර දාඩිය දාලද කියල පෙන්නන ගමන්...

එයා දනිස් දෙකත් අල්ලන් බිමට පාත් වෙලා වැලි උඩ දනගහගත්තේ  මහන්සි ඇරගන්න..

ඒත් එයා ඉස්සරහ නතර උන සපත්තු දෙක නිසා එයා ඉක්මනට ඔලුව උස්සලා බැලුවා..

"ජ්...ජිමි....

ජිමින් එසැනින්ම අන්තිපැත්තට හැරිලා ආයෙම දුවන්න හැදුවත් ඉක්මං උන ජන්කුක් ඉක්මනට එයාගෙ අතින් අල්ලගත්තෙ ජිමින් දුවන්න ගිය එක වළක්වන ගමන්..

"අතාරින්න ජන්කුක් ....

"ජිමිනී...
මට ඔයා එක්ක කතාකරන්න ඕනෙ...

"අපිට කතාකරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ ජන්කුක්...
ඒ නිසා කරුනාකරල මාව අතාරින්න...

ජිමින් බිඳුණු හඬකින් ඒත් ටිකක් තව විදියට කිවෙ එයාගෙ හිත ඇතුලින් වේදනාවෙන් කඩා වැටෙද්දි...

"නැහැ..
තමුසෙට එහෙම යන්න බැහැ...
මෙහෙ එනවා...
අපිට කතාකරල විසදගන්න ගොඩක් දේවල් තියනව...

ස්ථිර හඬකින් කියපු ජන්කුක් එයාගෙ ග්‍රහණය තවත් තද කරලා ජිමින් ව ඇදගෙන ගියේ ජිමින් එයා පිටිපස්සෙ න් පරඩැලක් වගේ ඇදිල එද්දි..

.
.
.
.
.
.
.
.
.
.

සති අන්තයක් නොවන නිසා මූදු වෙරළ අයිනේ තිබුන  ලමා උද්‍යානයේ තිබුනේ පාලු වටපිටාවක් ...

සීතල මූදු හුලගක් සීත ඍතුව ට සූදානෙමෙන් උද්‍යානයේ ගස්වල හැලිල  තිබ්බ කොල ත් අවුස්සාගෙන හමාගියේ දෙන්නගෙම හිත් වලට මූසල හැගීමක් ගේන ගමන්...

උද්‍යානයේ තිබ්බ ලී බංකුවක වාඩිවෙලා හිටපු ආදරවන්තයො දෙන්නා , එකිනෙකාගේ වෙන්වීම තමන්ට  බලපෑමක් නැති බවත් , තමන් ගොඩක් ශක්තිමත් බව පෙන්නන්න පිටතින් උත්සහ කලත් , තමන්ගේ පෙම්වතාව ආයෙ ලබාදෙන්නැයි හිත ඇතුලෙන් හඩා වැටෙමින් හිටියා...

•.¸❤︎MƳ MƖƝƝƖЄ❤︎¸.•  ☑️Where stories live. Discover now