01.

390 76 30
                                    


වෙලාව 1.10යි.. දවල් ද.. නෑ.. මහ පාන්දර..

ඇස් දෙකෙන් බේරෙන් කදුලු වල තේරුම මොකක් ද කියල මං දන්නෙ නෑ.. ඒවා ඔහේ ගලාගෙන ගිහින් කොට්ටෙම තෙමන්නෙ එකම දේ ආයිත් මතක් කරන්න ද දන්නෙ නෑ.. මගේ කදුලුත් මාත් එක්ක නැද්ද දැන් එතකොට..

එක්කො ඒවා එන්නෙ උබ ඔන්ලයින් ඉදලත් මට රිප්ලයි එන්නෙ නැති එකට.. ඇස් දෙකට පේන උබ ඉස්සර එව්ව මැසේජ් වලට.. නැත්තං ඉයර් බඩ් දෙකෙන් ඇහෙන උබේ ම කටහඩින් ඇහෙන මං ඉල්ල ගත්තු සින්දුවට ද.. ඒ හැම පද පේලියක් ම මේ මොහොතෙ මට ගැලපෙනව වගේ තමයි මට දැනුනේ..

ඇයි එකපාරක් උබ මාව දැක්කෙ නැත්තෙ.. ඇයි එකපාරක් උබ මාව බැලුවෙ නැත්තෙ.. ඇයි එක ම පාරක් මගේ වෙන්න බැරි උනේ.. එහෙම උනා නම් අද ම්ං මගේ කදුලු වලට බනීවි ද බන්..

උබ රෝයල්.. මං සෙන්ට්‍රල්.. පොඩි කාලෙ.. නෑ.. එතකොට උබ ලොකුයි.. අපි 10 නේ ද බන්.. අපේ ඉස්කෝලේ මං ජූනියර් ගේම්ස් කැප්ටන් වෙද්දි උබ ජූනියර් හෙඩ්.. කිව්වෙ නැති උනාට උබ හෙන ලස්සනයි අත් දිග කමිසෙට..

උබ සුදුයි.. මං කලුයි.. ඒත් කැතයි ද.. ම්හු.. මං දන්නෙ නෑ.. ඒත් ස්කෝලේ යන්න උබ බස් එකට නගින කොට එන ෆොග් පර්ෆියුම් සුවද හැමදාම හවසටත් එන්නෙ කොහොම ද.. මගේ ෆොග් එක එහෙම නෑ නෙහ්.. නෑ.. මං හිතන්නෙ මං  පාවිච්චි කලේ නෑ ඒක.. මොකද මට ඒක වටිනව.. අපි දෙන්න එකම වගේ පාට දෙකෙන් ගත්තු දෙක.. ඉතින් මගේ ඉවර කරන්න බෑ මට.. නෑ.. සමහරවිට මට බය හිතෙන්න ඇති මගේ එක සුවද වැඩි උනොත් උබේ සුවද මට දැනෙන එකක් නෑ කියල..

කවුරු මගේ ලග හිටියත් උබ උන්ව අයින් කරල ඇයි මගේ ලගට ආවෙ.. උබේ දවස ගැන ඔක්කොම අහල ඇයි මගේ එක අහන්නෙ නැතුව උබ මගේ උකුල උඩම නිදියන්නෙ.. මං දන්නෙ නෑ ඒත් මං උබේ ඔලුව අත ගෑවෙ කියල.. එක එක දවසට එක එක විස්තර එක්ක උබ කියනකොට මං හරි ආසයි උබේ මූණ දිහා බලන් ඉන්න.. ඇයි ද කියන්න මං තාම දන්නෙ නෑ.. ඒත් මූණ හැදෙන එක එක විදිය බලන්න මං හරිම ආසයි.. ඔක්කොටම වඩා උබේ හිනාව..

ස්කෝලේ ඉද්දි මං ඉන්නෙ උබ බලන්න බස් එකට යන සිහියෙන් වෙද්දි මගේ හිතින් උබ එක්ක තිබ්බ බැදීමට මං නමක් දුන්න.. අසම්මතයි.. ගැලපෙන්නෙ නෑ.. හරියන්නෙ නෑ.. ඔක්කොට ම වඩා මගේ මොලේ කෑ ගහද්දි ඒත් මං හිත හදා ගත්ත උබ මගේ ක්‍රෂ් එක විතරයි කියල.. ඒක ඇත්තක් වෙන්න ඇති ද.. නෑ.. මට එහෙම කියන්න බෑ.. 8 වසර.. උබ මුලින් ම බස් එකට ආපු දවස.. එදා දැක්ක වෙලේ ඉදන් මගේ හිතේ ඉදපු උබට අවුරුදු 3ක් ක්‍රෂ් විතර ද.. නෑ බන්.. මං ආදරේ කරල.. පණ ඇරල ආදරේ කරල.. මමත් ඒක දැන ගනිද්දි හුගක් පරක්කුයි බන්..

කඳුලුWhere stories live. Discover now