1

2.2K 269 182
                                    

ජියා කන්නාඩියෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්භය දිහා දීර්ඝ වෙලාවක ඉදන් බලන් හිටියේ හරියට කාලය තමන් එක්ක නැවතිලා වගේ..

කෙල්ලගේ කොන්ඩේ පිළිවෙලට සකසලා තිබුනා. විශේෂ අවස්ථාවකට අදින්න ගත්ත suit එකට කෙල්ලව confident එකට පෙනුනත් කෙල්ලට දැනුනේ තමන්ගේ ඇග ඇතුල ලෙඩ වෙලා වගේ..

නොඉවසිලිමත් බවත් , කලබල ගතියත් කෙල්ලව දුර්වල කරා..

තව පැයකින් hearing එක පටන් ගන්නවා..

තට්ටුවක් එක්ක දොර ඇරුනේ park jimin ගැලපෙන වැදගත් ඇඳුමකින් උසස් පන්තියේ සැරසිලා ඇතුලට එද්දි..

"Hey ඔයා ලෑස්තිද? "

ජිමින් ලස්සනට හිනාවෙලා ඇහුවේ ජියාගේ කලබලකාරීබව තරමකට අඩු කරන ගමන්..

"මට මේ බ්ලේසර් එකේ පිටිපස්ස බොත්තම දාගන්න බෑ.."

ජියා කියද්දි ජිමින් හිනාවෙලා තමන්ගේ යාලුවගේ ඇදුම හදන්න පටන් ගත්තා..

"කොහොමද ඔයාට දැනෙන්නේ? "

ජිමින් ඇදුම හදන ගමන් අහද්දි ජියා ගැඹුරු හුස්මක් පිට කරේ තමන්ගේ ඇග කිසිදෙයක් නොකරත් කෙතරම් දුර්වල වෙලාද කියන බව අගවන ගමන්.

"මට දැනෙන්නේ හරියට හිරවෙලා වගේ..මට ඕනි මේ දේ ඉක්මනට ඉවර වෙන්න.."

"බය වෙන්න එපා හැමදේම හරියයි."

ජිමින් කෙල්ලව මිරර් එක ඉස්සරහට ලන් කරන ගමන් ආයෙත් හිනාවෙලා කතා කරා..

"හරි දැන් ඔයා ලෑස්තියි."

කෙල්ල ඇස් දෙක පියා ගන්න ගමන් නැවතත් හුස්මක් පිට කලා..

"මිනි අද දවස් නරක අතට හැරුනොත් මොකද කරන්නේ "

ජිමින් කෙල්ලගේ උරහිස් මසාජ් කරන්න ගත්තේ ජියා ආයෙත් රිලැක්ස් වෙද්දි

"එහෙම වෙන්නෑ..ඔයා හොදට ඒකට මුහුණ දෙනවා.අපි හැමෝම පෙන්නමු මේ දේ හරි කියලා.එතකොට judge අපිව විශ්වාස කරයි තේරුම් ගනී..just calm down.ඔයා ගැන විශ්වාස කරන්න.."

"මාත් එක්ක ඉන්නවට තැන්ක්යූ මිනි.
ඔයා ඔයාගේ හොදම යාළුවා වෙනුවට මාව තෝරගත්ත එකට. ඔයා ඔයාගේ ලවර් වෙනුවට මාව තෝරගත්ත එකට.ඒ හැමදේටම තැන්ක්යූ මිනි.."

EGOWhere stories live. Discover now