4

598 161 11
                                    

Rock-a-bye baby~

On the tree tops,~

When the wind blows~

The cradle will rock ~

When the bough breaks~

The cradle will fall,~

And down will come baby~

Cradle and all~

ජියා ටෙමින්ගේ බඩට හෙමීට තට්ටු කරන ගමන් සින්දුව කිව්වේ ටේමින් අන්තිමට නින්දට වැටෙද්දි..

ජියා ටික වෙලාවක් ඇහිපිල්ලම් නොගහ ටේමින් දිහා බලන් හිටියා..
රෝස පාට තොල් දෙක් නින්දට උල්වෙලා..චබී කම්මුල් කොට්ටෙට තද වෙලා..ටේමින්ගේ එක අතක් කෙල්ලගේ කොන්ඩෙන් අල්ලගෙන අනිත් අත දිගෑරලා කිසිම සද්දයක් නැතුව නිදි..

ටේමින්ට අප්පා කෙනෙක් ඕන.ජියාට බෑ හැමදාම ටේමින්ව ටේහියුන්ගෙන් හන්ගලා තියාගන්න.
ටේමින්ට තාම අවුරුදු දෙකයි..ටේමින්ට තාම තමන්ට අප්පා කෙනෙක් ඉන්න ඕන කියන කුතුහලය ඇවිත් නෑ..ඒත් ජියා දන්නවා ටේමින්ට තව ටික කාලයකින් මේ හැමදේම ගැන ප්‍රශ්නයක් එනවා කියලා..

කවදහරි ටේමින් එයාගේ අප්පා කෝ කියලා ජියාගෙන් අහයි.

ඒ දවස ගොඩක් ලගයි..

ලොකු හුස්මක් පිට කරලා ජියා ටේමින්ගේ සිනිදු රෝස පාට යටිපතුල් කිස් කරා..බඩත් කිස් කරලා ටේමින්ගේ කම්මුල් දෙකත් කිස් කරලා කෙල්ල නයිට් ලැම්ප් එක ඔන් කරලා රූම් එකේ ලයිට් ඕෆ් කරලා එලියට ගියා

කෙල්ල තමන්ගේ රූම් එකට ගිහින් ඇදෙන් හාන්සි වෙලා නිදාගන්න හැදුවත් නින්ද මොහොතකටවත් ජියා ලගට ආවේ නෑ..

ටේහියුන්ග් තව සතියකින් ටේමින්ගේ අයිතිය ගන්න වැඩ පටන් ගනී.

ජින් යුන්ගි එක්ක ගෙනාපු proposal එක අනිත් පැත්තෙන් කෙල්ලව හිර කරනවා..

ජියා පවුල් දෙකක් අතර අතරමන් වෙලා

තමන්ව ඔම්මා කෙනෙක් නැතුව ජින් කිසිම විදිහකට වෙනසක් නොකර ජියාට කිසිම අඩුපාඩුවක් නොකර ආදරේ අඩු නොකර බලාගත්තා..යුන්ගි තමන්ගේ සතුටත් අමතක කරලා ජියා වෙනුවෙන් කැප වුනා..ජියාගේ මුලු ලොකෙම වුනේ තමන්ගේ අප්පයි , යුන්ගි ඔප්පයි..

EGOWhere stories live. Discover now