13

583 166 24
                                    

ජිමින් ප්ලීස් යන්න මට පාඩුවේ ඉන්න දෙන්න

ජියා උදේ අනිත් පැත්තට හැරෙන ගමන් කිව්වේ ජිමින් කෙල්ල දිහා කදුලු පිරුණු ඇස් වලින් බලද්දි

ජිමින් ජියා ජිමින්ට ඇත්ත නමින් කතා කරනවා.
ජිමින් වෙව්ලන තොල් හපාගෙන රූම් එකෙන් එලියට ගියේ ටේහියුන්ග්ව රිද්දලා බැරිනම් වැද වැටිලා හරි ජියා ගාවට ගෙන්න ගන්න

ජියා සතියක් තිස්සේ කන්නේ නෑ.අඩුම කතා කරන්නෙවත් නෑ.ජිමින්ට විතරයි වචනයක් කියන්නෙත්.ඒකත් ජිමින්ව යවා ගන්න

ජිමින් කිම් කම්පැනි එක ඇතුලට ගියා..

ජිමින් ජන්කුක්ගේ boyfriend කියලා හැමෝම දන්න නිසා ජිමින්ව කවුරුත් නැවැත්තුවේ නෑ..





කිම් ටේහියුන්ග් තමුන්ට කොහොමද මෙහෙම කරන්නේ ආහ් ?!!!

මට කියනවා තමුසෙට හිතක් පපුවක් නැද්ද ?!! කියනවා !!!?

ජිමින් දැන් විනාඩි දහයක් තිස්සේ ටේහියුන්ගේ ටේබල් එක්ක ඉස්සරහ ඉදන් ටේහියුන්ග්ට බනිනවා.ඒත් ටේහියුන්ග් වචනයක්වත් කිව්වේ නෑ අඩුම ජිමින් දිහා එක පාරක්වත් බැලුවේ නෑ.ටේයුන්ග් තාමත් තමන්ගේ files ටිකට අවදානේ දීලා වැඩ කරනවා..

ඒ දුක් විදින්නේ ඔයා අවුරුදු හයක් ආදරේ කරපු කෙල්ල ටේ..

ජිමින්ගේ කේන්තිය ඇගෙන් නැති වුනේ ජියා ගැන ලොකු දුකක් දැනෙද්දි

ටේහියුන්ග් එකපාරම කරපු වැඩේ නතර කරේ ඇස් තදින් පියාගද්දි ..

ඔයා ජියාට දවසක් හරි ඇත්තටම ආදරේ කරාද ටේ? ඔයාට පුලුවන් වුනේ කොහොමද මෙහෙම

ජිමින්ගෙන් ඉකියක් පිටවුනේ වචන මග නතර වෙද්දි

මම ඔයාලගේ දෙන්නගේ ආදරේ දිහා ඉස්සර බලන් ඉන්න ආසයි..මම ඒකට හරි කැමති..ඔයාලගේ ආදරේ ඒක ගොඩක්...

ඒක බොරුවක්ද ? ජියා විතරද ආදරේ කරේ_

මම ජියාට ආදරෙයි පාක් ජිමින් !!!!

ටේහියුන්ග් පුටුව විසික් කරලා නැගිටින ගමන් කෑ ගහලා කිව්වේ ජිමින් බයවෙලා ගැස්සිලා පිටිපස්සට වෙද්දි

EGOWhere stories live. Discover now