3

106 25 5
                                    

"තඩ් " ශබ්දයක් නගමින් දෙන්නම සෝෆාවෙන් බිම හිටියා. 

"ආව්.... ආහ්.. කොන්ද.. "

ජන්ග්කුක් ගෙ කෑ ගැහිල්ලට වැඩිමල් තරුනයාගෙ අඩ නින්ද කැඩුනා. තමන් ඉන්නෙ කඳුලු පිරීගෙන එන  බෝලා ඇස් දෙකක් තියන හාවෙක් වගේ පොඩි එකෙක්ගෙ ඇග උඩ කියලා ඇස්වලින් මොලේට පනිවිඩේ යන්න මහ වෙලාවක් ගත වුනේ නෑ. 

"යාහ්... තමුසෙ කවුද... මන් කොහෙද ඉන්නෙ.. ආව්.... මගෙ ඔලු..ව.. "

"ආහ්.. මගෙ කොන්ද කැඩුනා... "

ජන්ග්කුක් රිදුම් දෙන කොන්ද අතගගා කෙලින් වුනේ දැනෙන වේදනාවට ඇස්වලින් කඳුලු එලියට පනින්න නොදී හිර කරගෙන. කිසිම දේකට අඩන පුරුද්දක් එයාට තිබුනෙ නෑ. මොකද මේ රටේ අඩ අඩා ඉන්න උරහිසක් තිබ්බෙ නෑ එයාට.

"ආහ්... මිස්ටර්.. අම්ම්.. නෑ.. අජුස්සි.. නෙවේ.. හියුන්ග් .. සර්.. ඔයා ට මතකද දන්නෑ ඊයෙ රෑ ඔයා මගෙ ටැක්සි එකට නැග්ගා.. ඊට පස්සෙ- "

"ආ... ආ.. ටැක්සි.. හරි දැන් මොන මගුලටද තමුසෙ මාව මෙහෙ ගෙනාවෙ.. මේක මගෙ ගේ නෙවේ.. අනිත් එක.. කෝ තමුසෙගෙ ඇඳුම්.. "

"මේ...ක... මගෙ... ගෙ.. මන් කිව්වෙ.. මගෙ ඩෝම් එක.. ඔයා නිසා මන් ගොඩක් අපහසුතාවට පත් වුනා. කරුනාකරලා මට ගෙවන්න ඕන ගාන ගෙවලා යන්න දැන්... "

ජන්ග්කුක් මුලදි කියන්න හිතාගෙන හිටිය ඒවගෙන් බාගයක්වත් කටින් එලියට දාගන්න බැරුව බාගෙට කිව්වා.

"හහ්... අපහසුතාවට ..!!. යාහ් පොඩි කොල්ලා... මොකක්ද මන් නිසා උබට වුන අපහසුතාව... මන් උබට කරදරයක් කලායෑ.. ඇයි අඩුගානෙ මන් උබව කිස්-... "

"ඔයා මාව කිස් කලා.... ඔයා මගෙ අලුත්ම ඇඳුමෙ වමනෙ කලා... ඔයා මගෙ ඇඳ උඩ නිදාගත්තා... වගේම ඔයා මාව කැත විදියට ඇල්ලුවා..."

ජන්ග්කුක් කියාගෙන ගියේ තමන්ගෙ අතේ කිසිම වරදක් නැති ගානට. තමන් ඒ පොඩ්ඩක්වත් හාදුව රස නොවිඳි ගානට.

"ඕ.කේ.. සොරි ! "

ඔහු උවමනාවට එපාවට අහක බලන් කියලා දැම්මා. 

"අහ්ම්.. ඒක.. ඒක අමතක කරමු.. මට වැඩ තියනවා..  ඒනිසා මට ගෙවන්න ඕනෙ ගාන ගෙවලා.. යන්න ප්ලීස්.. "

Highway Drunk MEOW(Yoonkook) [Slow Update]Where stories live. Discover now