4

110 28 7
                                    

ජන්ග්කුක් තමන්ගෙ කරේ නැග්ග වලස් පැටියාව , නෑ ඇත්තටම වලස් තඩියව එහෙමම උස්සගෙන එයාලගෙ ලෙක්චර් හෝල් එක දිහාවට ඇදුනා.

"ටේ.. "

"ඕ.. "

"මේ.."

"මොකද මනුස්සයො.. "

"තමුසෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක කොස්සක් දාගත්තද.. "

ජන්ග්කුක් අහද්දි එයාගෙ වලස් තඩිය ටේහියුන් ජන්ග්කුක් ගෙ ඇගෙන් බිමට බැස්සා.

"චුප්.. ඔය ගැන කතා නොකර ඉමුද ජන්ග්කුක්. ප්ලීස්. "

ටේහියුන් දමලා ගහලා දුවන් ගියා. හදිසියේ ටේහියුන් ට මොනවා වුනාද් කියල ජන්ග්කුක්ටත් තේරුමක් නෑ.

"ටේ... ඉන්නවකො ඔහොම. අහ්.. ඒයි.. කිම් ටේහියුන්.. මෝඩයා. ආයෙ කරදරයක් දාගෙන වරෙන්කො මන් නම් එන්නෑ බේරගන්න. "

ජන්ග්කුක් තනියම කියව කියව හෝල් එකට ඇතුල්වුනා ටේව අමතක කරල දාලා.

ටේහියුන්ට හැමෝගෙම ඇස් ඇදගන්න කඩවසම් පෙනුමක් උරුම වෙලා තිබුන නිසා වෙනරටක වුනත් යුනිවසිටි එකේ ටේහියුන් ප්‍රසිද්ධ වෙලා හිටියා. කඩවසම් හුරතල් දක්ශ හැම හේතුවම නිසා ටේහියුන් දාගන්න ප්‍රශ්න විසඳලාදෙනවට වඩා ජන්ග්කුක් ට වැඩ තිබ්බා .

ඒත් ,
"ජන්ග්කුකී.. අරයා මගෙ මෙතන ඇල්ලුවා අරක කලා මේක කලා මෙහෙම කිව්වා අරෙහෙම බැලුවා.. "
කියාගෙන ඇවිත් ජන්ග්කුක් ලග කෙඳිරිගාද්දි ජන්ග්කුක්ට ඕව්වට මැදිහත් නොවී ඉන්නත් බැරිවුනා.

ඒවුනත් ටික කාලෙක ඉඳන් ටේහියුන්ට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න නිසා ජන්ග්කුක් ට ඔය කියන විදියෙ නඩු ආවෙ නෑ. ටේහියුන්ගෙ හිත ගිය ඒ කෙනා කවුද කින්ද මන්ද කියලා හොයන්න ජන්ග්කුක් ට වුවමනාවක් තිබ්බෙත් නෑ ටේහියුන් ඒ කෙනා ගැන කිව්වෙත් නෑ .

"එයා හොඳ කෙනෙක් ජන්ග්කුක් . එච්චරයි මට ඕනෙ. දන්නවනෙ මන් සරල ලමයෙක්නෙ"

"ස.ර.ල.. ආ.. ඔව් හිහ්.. "

ඔය සම්බන්ධය වැඩිකල් නොතියෙන බවට ජන්ග්කුක් ට කලින්ම දැනුනාට ඒ ගැන ජන්ග්කුක් ටේහියුන් එක්ක කියෙව්වේම නැ. ජන්ග්කුක් අනික් අයගෙ දේවල් වලට ඇඟිලි නොගැහුව කෙනෙක්. එයා තමන්ගෙ පාඩුවෙ තනියෙම ඉන්න කෙනෙක්. ටේහියුන්ට ජන්ග්කුක් කියන්නෙ හොඳ යාලුවෙක් වගේ දැනෙන්නෙ. ඒ ජන්ග්කුක් ටේහියුන් කියන දේකට හා හ්ම් කියලා පාඩුවෙ ඉන්න කෙනෙක් වගේම ටේහියුන්ගෙ උදව්වට ඕනෙ වෙලේක උදව් කරන්න මනුස්සකමක් ජන්ග්කුක් ලග තිබුන නිසා. ජන්ග්කුක්ට නම් යාලුවෙක් හිටියත් එකයි නැතත් එකයි. එයා ඉන්නෙ එයාගෙම ලෝකෙක තනියම.

Highway Drunk MEOW(Yoonkook) [Slow Update]Where stories live. Discover now