part 4

844 127 25
                                    

"ආ ආ ආ ඩිං ඩොං...." බෙල් එකෙ සද්දෙ නිසා ගැස්සුන දෙන්නා කව්ද ඒ කියලා අහන්න වගේ එකිනෙකා දිහා බලාගෙන හිටියා. ජන්කුක්ගේ මූන නම් නිකං වාහෙනකට යට වෙච්ච ගෙම්බෙක්ගේ වගේ වෙලා. මේක දැකපු ජිමින්ට නං හිනා.

"එතකොට දැන් ඔයා ඔයාගෙ හස්බන්ට හිනා වෙනවද baby boy ?? ආ ආ " එහෙම කියලා ලගට එද්දි ජිමිනාගෙ හිනාව නතර උනේ කරන්ට් ගිහින් ඕෆ් වෙච්ච tv එකක් වගේ.. ඒ බය වෙච්ච මූල දැකල හිනා ගිය ජන්කුක් "ඉවසන්න පන වැඩි වෙලා යන්න කලින් ඔයාගෙ හිනාව scream එකකට convert වෙන්නයි යන්නේ" කියලා ඇදෙන් බැහැලා closet එකට ගියෙ ඒ හිනාව කොච්චර නම් හුරතල්ද කියලා හිතන ගමන්.

ඇදුමක් දාගෙන ටිකකින් ජන්කුක් රූම් එකෙන් එලියට ගිහින් main door එක අරිද්දි ජිමිනුත් කව්ද ආවේ බලන්න හිමින් සැරේ පඩිපෙල බැහැලා පහලට ගියා. main door එක අරිනවත් එක්කම ජන්කුක්ගේ ඇස් උඩ ගියෙ එයාගෙ ඉස්සරහ හිටන් ඉන්න අයව දැකලා.... එක්කෙනෙක් නම් ජන්කුක්වත් පෙරලගෙනම ගිහින් ජිමින්ගේ ඇගේ එල්ලුනේ හරියට මාස ගානකින් දැක්කා වගේ....

ඔව් ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි එයාගෙයි ජිමින්ගෙයි ආදරණීය, පූජනීය hyung ලා ටික. අපරාදේ කියන්න බෑ ඔක්කොම ඉන්නවා 🤭😅...

"Hyung ඔයාලා මොකද මෙහේ"
"බැන්දා විතරයි දැන් උඹට අපි එන එකත් වදයක් නේ" බොරු කේන්තියක් එක්ක ජේ හෝප් ඇහුවා.
"අය්යෝ එහෙම දෙයක් නෙමෙයි මම මේ නිකං ඇහුවේ." ජන්කුක් එහෙම කියලා බිම බලා ගත්තා..

"Hyung ඔයාලත් ආවද?" ජිමින් එහෙම කියාගෙන ගිහින් ජින්ව බදා ගත්තේ ජූන් එයාගෙ ඔලුව අත ගාද්දි...."එන්නකො අනේ ඇතුලට ඇයි එලියෙ ඉන්නේ" ජිමින් එහෙම කියලා හැමෝටම ආරාධනා කරද්දි හැමෝම ඇවිල්ලා ඇතුලින් වාඩි වුනා. " මේ ගල් තඩි හාවට අමතක උනාට කමක් නෑ අඩු ගානෙ අපේ චිමි බබාටවත් අපිව මතකයිනෙ" ජේ හෝප් එහෙම කියලා ජිමින්ව බදා ගත්තේ එයාලගේ පොඩි මල්ලිව අවුස්සන්න හිතා ගෙන.

"Hyuuuuuuuuung......... මන් එහෙම එකක් කිව්වේ නෑනේ. ඔයාලට තමා දැන් මට වඩා චිමිව ලොකු වෙලා තියෙන්නෙ" එහෙම කියල cute pout එකක් හදා ගත්ත ජන්කුක් දිහා බලල හැමෝම හිනා වෙද්දි ජේ හෝප් එයාව බදා ගත්තේ "හරි.. බං විහිළුවක් කලේ... අපෝ බැන්දට මොකෝ තාම පොඩි එකා වගේ" කියලා කියන ගමන්...

Hate With Love -❤️ Jikook ❤️ (Completed)Where stories live. Discover now