part 13

655 107 18
                                    

Before three weeks.... at jungkook's office,

Knock knock

"Coming.... ආ hyung ලා ඔයලා ආවද?" යුන්ගි වගේම හොබි ඇතුලට එනවත් එක්කම ජන්කුක් ඇහුවා..

"ඇයි ඔයා අපිට කතා කලේ ජන්කුක්.. මොකක් හරි case එකක්ද?" වාඩි වෙන ගමන් හොබී ඇහුවා..

"Hyung මට ඔයාලගෙන් උදව් ඕනි..."

"කියන්න ජන්කුක් මොකක්ද වෙන්න ඕනි.." යුන්ගිත් කතාවට join වෙන ගමන් ඇහුවා...

"මේකයි hyung ජිමින් ටිකක් අමුතුයි මේ දවස් වල. නිතරම කල්පනා කරනවා.  ගෙදරින් එලියට යනවා. ඒත් එයා යන්නේ කොහෙද කියලා කවදාවත්ම මට කියන්නෙ නෑ. මම office ආවට පස්සේ තමයි එයා යන්නේ..... මං එයාට ලං වෙන්න හදන හැමවෙලේම එයා මාව ඈත් කරනවා. ඒත් එයා මට ආදරෙයි කියන එකත් මට හොඳටම දැනෙනවා hyung..."

"ඔයා හිතන්නේ ජිමින් ඔයාට cheat කරනවා කියලද?" යුන්ගි ඇහුවේ එක ඇහිබැමක් උස්සන ගමන්...

"මං කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි hyung.  මට නොකියන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා එයාට.. මං ඒ නිසා එයාව මගේ මිනිස්සු දම්මලා follow කරන්න හැදුවා. ඒත් ඒ හැමපාරම ජිමින් එයාලව මග ඇරලා තියනවා...."

"අපෙන් මොකක්ද වෙන්න ඕනි කුකී" හොබී ඇහුවා...

"මට දවසක් ජිමින් call එකකින් කතා කරනවා ඇහුනා. කා එක්කද නම් දන්නේ නෑ. හැබැයි එයා එයාගේ ඔම්මගෙයි අප්පගෙයි මරනේ ගැන මොනා හරි කිව්වා.. මට හිතෙන්නේ ජිමින්ගේ ප්‍රශ්නෙත් එක්ක ඒ දෙන්නගෙ මරනේ මොකක් හරි සම්බන්ධයක් ඇති hyung."

"ඒ නිසා හොබි hyung ඔයා hospital එකට ගිහින් ජිමින්ගේ ඔම්මාගේ මරණේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මට මතකයි දවසක් ජිමින් කිව්වා එයාගෙ ඔම්ම නැති වුනේ nayagara pho pho hospital එකේ කියලා"

"හරි ජන්කුක් මං කරන්නම් ඒ hospital එකේ මගේ යාලුවෙක් ඉන්නවා. ඒ නිසා මොනා හරි හොයා ගන්න බැරි වෙන එකක් නෑ..." හොබි කිව්වා

"යුන්ගි hyung ඔයාට පුලුවන්ද එදා ඒ accident එක වුනු තැන cctv camera check කරන්න. ඒ වගේම ජිමින්ගේ phone එකත් hack කරන්න ඕනි. එයා කා එක්කද මොනා ගැනද කතා කරන්නේ කියලා මට දැනගන්න ඕනි.... under world එකේ best hacker ට ඒක අමාරු වෙයි කියලා මම හිතන්නෙ නෑ...."

Hate With Love -❤️ Jikook ❤️ (Completed)Where stories live. Discover now