3💜️🍃

74 8 24
                                    

.......

දෙන්නම කියව කියව park එකෙ ඉස්සරහට ඇවිදගෙන ගියා... ටික දුරක් යද්දි.......

ඉස්සරහින් දුවගෙන ආපු කොල්ලො දෙන්නෙක් අපේ ඇගේ හැප්පුනා. උන් දෙන්න සෑහෙන වේගෙකින් ආවේ. අපි දෙන්නට කර කියා ගන්න දෙයක් නැති උනා🤧 අපි දෙන්නම වැටුනා. සවීගෙ කකුල පෙරලුනා🥲💔 මමත් බිමටම වැටුනා. මම නැගිටලා සවී ලගට ගියා. කකුල පෙරලුනු නිසා එයාට චුට්ටක් ඇවිදින්න අමාරුයි වගේ.

" අයියෝ මන්දා මොක්කුද ඒ🤧 මෙච්චර පාරෙ ඉඩ තියෙද්දි ඇයි අපෙ ඇග උඩින්ම ගියේ😑 "

" බෙරිහන් දෙන්නෙ නැතුව මාව නැගිට්ටපන්කෝ🤕 "

" අහ් හා හා සොරි🥲 කෝ ඉන්න..."

අපි දෙන්නම කොහොම හරි අමාරුවෙන් ගෙදර ආවා🤧 මදැයි park එකේ ඇවිදින්න ගියා🥲 Jolly යේ ඉන්න ගිහිල්ලා පුපුර පුපුර තමා ගෙදර එන්න උනේ.

මම සවීව ඇදෙන් වාඩි කරවලා කකුලේ බෙහෙත් වගයක් ගෑවා.

" ආව්... මොකද බං ඔය කරන්නෙ😑 "

" බෙහෙත් ගානවා. ඇයි මොනා කරනව වගේද පේන්නේ😂 "

" යකෝ මේක කකුලක් නැතුව ගල් පර්වතයක් නෙවේ.පොඩ්ඩක් හිමින් ගාපන්. ඔච්චර හයියෙන් අතුල්ලන්න එපා යකෝ🤧 "

" ආ........ මේක හරි වැඩක්නේ දැන් මේක මං කරපු දෙයක්ද මේක හරියට මං කරා වගේනේ කෑ ගහන්නේ😒 පොඩ්ඩක් ඉවසන්න. මට වද දෙන්නේ නැතුව😒"

" හරි හරි හිමීට ගාන්න.....
මේ ඇත්තටම ඒ හැප්පිච්ච පොල් බූරුවො දෙන්නා කවුද?? "

" මං කොහොමද දන්නෙ. උබ හිතුවද උන් දෙන්නා හැප්පෙන්න කලින් මට විස්තර දීලා හැපුන්නා කියලා😒 "

" ශිට්.. මූනවත් හරියට දැක්කෙ නෑනේ🥲 "

" දැන් ඉතිම් මොනා කරන්නද වෙච්චි දේ උනා නේ "

ටික වෙලාවක් දෙන්නම සද්ද නැතුව හිටියා 😂 වේදනාව ඉවස ගන්න බැරුව වෙන්න ඇති😂😂
.
.
.
.

" සවී මේ මම අද උයන්නම් අහ්😌"

" අනේ මෙන්න වැන්දා අපි අද නොකා ඉමු ඔයාගේ කෑම කාලා මට hospital යන්න බෑ......"

You've reached the end of published parts.

⏰ Last updated: Jun 27, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Euphoria❤️🍃😊Where stories live. Discover now