🍁PACK HOUSE 🍁07

1.2K 312 35
                                    

කලින් දවසේ රෑ ජින්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් හැමෝම එක්ක හන්ගුක් එන්න පිටත් වුනත් ගමන පුරාවටම රෝස් කලේ නිදාගන්න එක... කීප වතාවක්ම ජිමින් ජන්කුක් වගේම හොබීත් රෝස් ව කථාවට අල්ල ගන්න උත්සාහ කලත් ඒ හැම මොහොතකම රතුවෙන තේහයුන් ගේ ඇස් කොල්ලෝ තුන් දෙනා ට කරපු අනතුරු ඇඟවීම නිසාම රෝස් කථාව පටන් ගන්නත් කලින්ම කොල්ලෝ තුන් දෙනා රෝස් ව මගෑරියා....

"රෝස් නැගිටින්න, අපි ලෑන්ඩ් කරන්න හදන්නේ!!"

උරහිසට දැනුන තට්ටුවත් එක්ක ජින්ගේ කටහඩ ඇහෙන කොට ඇහැරුන රෝස් නිදි මත ඇස් හීනී කරලා වටපිට බැලුවා....
යන්තමින් පාන්දර හය පහුවෙලා තිබුන අවට පරිසරය පුරා පැතිරිලා තිබුනේ ඉර එලිය මුහුවුන ලා අදුරක්!!! ස්වභාවයෙන්ම ශිත දේශගුණයක් පිහිටලා තිබුන කදුකර පලාතට රටේ අනිත් පලාත් වලට වඩා කලින් ශීත ඍතුව එලබෙන නිසා මේ වෙනකොටත් තුරු මුදුන්වල සුදු පාට හිම තට්ටු තැන්පත් වෙලා තිබුනා.....

කොල පාට මිශ්‍ර වුන සුදු පාට ඝන වනාන්තරය ගුවන් යානා කවුලුවෙන් සොදුරු දර්ශනයක් මවා පෑවා වුනත් ඒ හැමදේකටම වඩා රෝස් ගේ හදවතට තේරුම් ගන්න අමාරු අලුත් තිගැස්මක් දැනුනා.....

කාලයක් තිස්සේ ඇස් වලින් දකින්න බලාපොරොත්තු වුන දෙයක් දැක්කා වගේ හිත පුරාම පිරුනු හැගීමක් දැනෙන කොට රෝස් ටත් නොදැනීම රෝස් ගේ ඇස් නැවතුනේ තේහයුන් ලග....

මුලු වෙලාවෙම රෝස් ලග ඇස් අලවගෙන හිටපු තේහයුන්, එක සැරේටම හැරිලා රෝස් තමන් දිහා බලනකොට කලබල වෙලා අනිත් පැත්ත හැරෙද්දී තේහයුන් ගේ තොල් නැවතුනේ තමන්ගේ උරහිසක ඔලුව තියාගෙන තද නින්දක හිටපු ෂින්හාගේ කම්මුලේ......

ඒ සිද්ධියත් එක්ක ඇස් බිමට බර කරගත්ත රෝස් බර හුස්මක් ඉහල පහල දාලා ආපහු කවුලුවෙන් එලිය බලද්දි මුලු සිද්ධියම බලාගෙන හිටපු ජින් විමසිලි ඇස්වලින් ෂින්හා දිහා බලද්දි තද නින්දේ ඉන්න ෂින්හාගේ කට කොනක ඇදිලා තියන හිනාව ජින්ට ඒත්තු ගැන්නුවා ෂින්හාගේ තුන්වෙනි ඇහැ තාමත් යන්තමින් පේන බව.... ෂින්හාගේ තුන්වෙනි ඇහැ තමයි ෂින්හාගේ මායා බලය පෙන්වන ප්‍රධාන සාධකය.....

🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈)  ||COMPLETED ||Where stories live. Discover now