"ඔහ් ආඩම්බර ඩොක්ටර් කිම් කැලෑවක් මැද්දේ ලේඩිස් නයිට් ඩ්‍රස් එකකුත් අතේ තියාගෙන බිම වාඩිවෙලා මොකද කරන්නේ!!!"
"ෂ් ෂින්හා!!"
එක සැරේටම තමන්ගේ එහාපැත්තේ හිටපු ෂින්හා දැක්කම කලබල වුන තේහයුන් නැගිටලා ෂින්හා දිහාවට හැරුණා....
"ඔයා කොහොමද මං මෙහේ කියලා දන්නේ!!"
"ඔහ් nightmare එකක් නිසා මට ඇහැරුනා... ඩීකැන්ටර් එකේ වතුර තිබුනේ නෑ ඉතින් මං කිචන් එකට ගියා වතුර ටිකක් බොන්න, එතකොට තමයි මං දැක්කේ ඔයාගේ necklace එක කිචන් ටේබල් එක උඩ තියනවා, ඉතින් මං ගොඩක් කලබල වුනා තේයොනා!! මංකලබලෙන් ඔයාව හොයද්දි තමා කවුද කෙනෙක් කිව්වේ ඔයා මෙහේ ඇති කියලා...!!!"
තේහයුන් ලගට ලංවෙලා තේහයුන් ගේ අතේ තිබුන රෝස් ගේ උඩු කබාය අරගෙන බිමට දාන ගමන් ෂින්හා කියන කොට ෂින්හා දිහා පුදුමෙන් බලපු තේහයුන්.....
"ආහ් ඒත් ඔයා තනියම ආවේ කොහොමද?"
කියලා ඇහුවේ විස්තර කරන්න බැරි තරම් වේදනාවකින් රිදුම් දෙන හදවත වාරු කරගෙන ආපිට හැරිලා ගේ දිහාවට ඇවිදගෙන යන්න හදන ගමන්.....
තේහයුන් අහපු දේ ඇහුනේ නෑ වගේ ෂින්හා කලේ තේහයුන් ගේ පිටිපස්සෙන් බද වටේ අත් දෙක දාලා තේහයුන් ගේ පිටට කම්මුල තද කරපු එක...
"ගොඩක් කලුවරයි තේයොනා!!"
අත් දෙක ටිකක් තද කරලා ෂින්හා මුමුනද්දි තේහයුන් කලේ හිතට දැනෙන නුහුරු හැගීම් හංගගෙන ෂින්හාව පපුවට තුරුළු කර ගත්ත එක...
"ෂ් බයවෙන්න දෙයක් නෑ මං ඉන්නවනේ අපි ඇතුලට යමු!!"
තේහයුන් හෙමින් මුමුණන කොට අතේ ගුලි කරගෙන හිටපු චන්ද්‍ර මාණික්‍ය සහිත මාලේ තේහයුන් ගේ කරට දාලා ලොක් එක තද කරපු ෂින්හා හිනා වෙන කොට, අහගෙන ඉන්න බැරි තරම් හදවත වේදනාවෙන් මුසපත් කරන වේදනාකාරී උඩු බිරුමක් ඈත වනාන්තරයෙන් ඇහුනත් ෂින්හාව පපුවට තුරුළු කරගෙන හිටපු තේහයුන් ට ඒ ගැන ගානක් වුනේ නෑ....
ඒත් ඒ වේදනාත්මක උඩු බිරුම ෂින්හාගේ මූනට වියරු මදහසක් අරගෙන ආපු බව මේ හැමදේම අදුරු සෙවනැලි අතර ඉදන් බලාගෙන හිටපු හොබී හොදටම දැක්කා....
YOU ARE READING
🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈) ||COMPLETED ||
Fantasyහුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්!!! එයා වුල්ෆ් කෙනෙක්!!! start- 2022/03/05 Completed-