🍁🍁DREAM 🍁🍁14

1.2K 292 29
                                    

"ආහ් ටේ ටේ රිදෙනවා !!"

"ඇයි එහෙම කලේ රෝස්!!"

අදුරු වුන ඇස් වලින් රෝස් දිහා බලාගෙන රෝස් ගේ අත්ගොබෙන් තද කරලා අල්ලගෙන තේහයුන් අහද්දි රෝස් කලේ තේහයුන් ගේ අදුරු ඇස් වල තියෙන හැගීම් තේරුම් ගන්න උත්සාහ කරපු එක....

"කථා කරනවා රෝස් ඇයි හොබී එක්ක තනියම ගියේ!!"

"ආහ් මං තනියම නෙවෙයි ගියේ ට් ටේ.....

"ආහ් ඔය නම මට කියන්න එපා!!!"

"ම් මියන්හේ මි මිස්ටර් ඇල්ෆා!! සුන්මි ඔන්නි යි ජන්කුක්යිත් හිටියා ඔ ...ඔයත් දැක්කනේ!!,"

"ඇයි සුන්මි නූනා එක්ක ගියේ නැත්තේ!! ඇයි හොබීගේ අශ්වයා එක්ක ගියේ!!"

"හාහ් !! ඒත් මොකක්ද ඒකේ තියන වරද? මං අශ්වයෝ පදින්න දන්නේ නෑ, හොබී මාව එක්ක ගියා!!,"

"ආහ් රෝස්!!! තමුන් වදයක් !!"

සද්දෙට කෑ ගහලා රෝස් ගැස්සිලා යන්න බිත්තියට අතින් ගහපු තේහයුන් රෝස් බිත්තියට ඇලිලා එහෙමම හිටගෙන බලාගෙන ඉද්දි එතනින් යන්න ගියා....

"රෝස් දැන් ගිහින් නිදාගන්න!!, මොකක් වුනත් සිද්ධ වුන දේට ඇල්ෆා ට ඉරිසියා හිතිලා එහෙම නේද??"

මද හිනාවක් මුනේ රදවගෙන ආපු ජින් කියනකොට, අවිනිශ්චිත හිනාවක් මූනට අරගත්ත රෝස් ජින් ට ආචාර කරලා එතනින් යන්න ගියා.....

×××××××××××××××××××××××××××××××××
හාත්පස අදුරින් වටවුන ඝන කැලෑව ඇතුලට එක එල්ලේම ඇවිදගෙන ගිය රෝස් සුදෝ සුදු පාටින් පෙන විසිරිලා ගලන දිය ඇල්ල පේන මානේට ඇවිත් නතර වුනා....

මොහොතක් දිය ඇල්ල දිහා බලාගෙන හිටපු රෝස්, ඇල්ලෙන් ඇද හැලෙන වතුර ගලාගෙන යන ගංගාවට අවදානේ දිල මොහොතක් බලාගෙන ඉදලා ගං ඉවුර අයිනේ තිබුන අමුතු හැඩයේ ගල් කනුව ලග ඉදලා පියවර හතක් මැනලා අටවෙනි පියවර ගංදියට තියලා ගග දිගේ දිය ඇල්ල දිහාවට ඇවිදගෙන ගියා ....

එක දිගටම දිය ඇල්ල දිහාවට ඇවිදගෙන ගිය රෝස් දිය ඇල්ලේ කඩා වැටෙන වතුර පාර ඇතුලට ගිහින් නොපෙනී යනවා පිටින් බලන කෙනෙකුට පෙනුනත්, රෝස් දිය ඇල්ල හරහා ගිහින් ඇතුල් වුනේ උමං මාර්ගයකට...

🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈)  ||COMPLETED ||Where stories live. Discover now