Part 06...🍫

94 34 14
                                    

බාබයිගා ආච්චිගෙ ගෙදරින් පිටත් උන ජීකූක් දෙන්නා කැලෑව මැද්දෙන් කියව කියව ඉස්සරහට ගියා. ලොකූ අතුපතර විහිදුන ගස්, මිනිස්ලෝකෙ ඉන්න අලියෙක් තරම් විශාල පාට පාට මල්, ලොකූ පඳුරු වලින් මේ කැලෑව පිරීල තිබුනා.

හරීම ලස්සනයි.

"කුකී හබියෝ. දැන්නම් චිමීගෙ බඩ කියනව එයාට කෑම ඕනි කියලා. "

මෙච්චර දුරක් කිසීම ප්‍රශ්නයක් නැතුව ඇවිදන් ආව ජිමින් එකපාට්ටම කුකී දිහා ඇස් රෝල් කරල බලලා ඒම කිව්වා.

"ම්ම්ම්.... මටත් ටිකක් බඩගිනී වගේ චිමියෝ. අහන්නකෝ ඔයාට මතකද ජූනි හියුන් කිව්ව අර දිය ඇල්ල . ආන්න ඒක මේ ලගමයි තියෙන්න ඕනෙ. අර බලන්නකෝ අර තියෙන දොලපාර​."

කුකී එහෙම කියලා පඳුරු අස්සෙන් පේන දොල පාර පෙන්නුවා.ජිමින් ඒ දිහා හරිම ආසාවෙන් බැලුවා.එතන හරිම ලස්සනයි.

වටපිටාවම අදුරු වැටිලයි තිබුනේ. උසම උස රූස්ස ගස් වලටත් උඩින් හඳ මාමා පායලා තිබුනා.ඒ හඳ එලිය දොල පාරට වැටිලා හරීම ලස්සනයි. ජිමින් ඇස් දෙක ලොකූ කරන් ඒ දර්ශනේ දිහා බලාගෙන හිටියා.

"හරිම ලස්සනයි නේද හබියෝ."

"ඔව් චිමියෝ. අපි තව ටික දුරක් දොලපාර දිගේම ගියා නම් අපිට දිය ඇල්ල හම්බ වෙයි. එතන ඉදන් අපිට මොනවාහරි කන්න පුලුවන් වෙයි.ඔයාට ටිකක් ඉවසන් ඉන්න පුලුවන් නේද චිමියෝ"

තවමත් හඳ එලිය වැටුන දොලපාර දිහා ඇස් දෙක ලොකූ කරන් කටත් ඇරගෙන බලාගෙන ජිමින්ගේ ඔලුව අතගාපු කුකී එහෙම ඇහුවා.

"ඔව් මට පුලුවන් . මම ඉන්නම් . අපි එතනට ගිහිම්ම කමු. එතන මීට වඩා ලස්සන ඇති නේද හබී."

"ඔව් අපි බලමුකෝ."

දෙන්නම් ඉස්සරහට ඇවිදන් ගියා. මගදි ජිමින්ව ලොකූ බාඳුරා මලක් කන්නත් ගියා. ඒත් එයාගෙ සූර වීර හබී එයාව පට ගාල බේරගත්තා.

"ඕහ් චිමියෝ ඔයාට ඇහෙනවද ඒ සද්දේ . දිය ඇල්ල මේ ලගමයි වගේ"

ලගින්ම ඇහෙන වතුර වැටෙන සද්දෙට කන් දීගෙන කුකී ඒම කිව්වම ජිමිනුත් ඒ සද්දෙට එයාගෙ අවදානය දුන්නා.

magic choco shop ..🍫🍬 jikook [completed]Where stories live. Discover now