නොකියූ රහසක්

548 121 10
                                    

මෙහෙමයි,

දුක කියන්නේ මහ එපා කරපු දෙයක්.

ඔයා කොච්චර දුකින් හිටියත් දුකට පුලුවන් ඔයාට ආයෙත් මුල ඉදං ම දුකේ අප්ග්‍රේඩඩ් ව(ර්)ශන් එකක් වගේ අලුතෙන් දුක හිත්තවන්න. මම කියන්නේ බොරු කියලා හිතෙනවා නම් මේ දැං මගේ හිත ඇතුලට රිංගලා බලන්නකෝ. ඒක ද්‍රවාංකයටම රත් වෙලා දිය වෙලා යන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ.

මුලු ආලින්දයම ගිලී තිබූ නිහැඬියාව බිඳ දැමීමේ රාජකාරිය විහඟ අතින් සිදු විය.

"බැඳලා කොච්චර කල් ද?" ඔහු කලනගෙන් අසයි.

"ටිකක් කල්" කලන බිම බලාගෙන පිලිතුරු දෙයි.

"ඇයි අපිට නොකීවේ?" සඳරු අසයි.

"මේ.... කියන්න ඕනේ උනේ නෑ නේ ඉතිං" කලන කියයි.

මට මගේ කන් දෙක ගලවා විසි කිරීමට සිතෙයි!

"එතකොට... කෝ දැං බබාගේ අම්මා?" විහඟ අසයි.

"නෑ" කලන අපහසුවෙන් කෙල පිඩක් ගිල්ලේය.

"නෑ කීවේ? දාල ගියාද?" විහඟ ඇසුවේය.

කලන කිසිත් නොකියා බිම බලාගෙන සිටී. ඔහුගේ දෑස් අග කඳුළු බිදු මෝදු වෙන සැටි මම ලාවට දුටුවෙමි.

"හහ්! අම්මා බබාට ආදරේ නෑ වගේ" සඳරු අමනාපයෙන් කීවේය.

ඔහුගේ එම වාක්‍යය දුර දිග ගියා විය යුතුය. ඊලඟ මොහොතේ ඔහුගේ පාලනයෙන් ගිලිහුණු දෑසින් කඳුළු ගලා හැලෙන්නට විය.

"නෑ! එයා බබාට ආදරේ කලා! එයා මට ආදරේ කලා...! අම්මට! තාත්තට! එයා අයියටත් පණ වගේ ආදරේ කලේ...! ඔයාට කොහෙන් ආපු හයියක්ද එයා බබාට ආදරේ නෑ කියන්න! නෑ...! මේ-මේ ඔක්කොම මගේ වැරදි! මම- මම තමයි මේ ඔක්කොටම හේතුව! ඇයි- ඇයි මට මෙහෙම වෙන්නේ! මම- මො-මොනවා කලාටද...!!!!"

මෙහෙමයි, ඔයා මේ ලෝකේ කෙනෙක්ට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියන්නකෝ. එතකොට, ඒ කෙනා ඔයාට කිසිම අදහසක් නැති හේතුවකට ඔයා ඉස්සරහ කෑ ගහ ගහ අඩද්දී, ඔයාට සැපපහසු පුටුවක වාඩි වෙලා ඒ දිහා ඔහේ බලං ඉන්න බෑ නේ? නේද?

මටම නොදැනී යාන්ත්‍රිකවම පුටුවෙන් නැගිටගත් මම ඔහුගේ අසලින් දණගසාගෙන ඔහුගේ උඉරහිස් වටා දෑත් යැවුවෙමි. ඔහුගේ උකුලේ උන් කුඩා බිළිඳාද ඉතාම ආසාවෙන් මගේ ගෙල වටා දෑත් දමා ගත්තේ වැළඳගැනීම් වලට ඔහුගේ ආසාව මනාවට පෙන්වමිනි. මගේ උරහිස මත මූන ඔබාගත් කලන ඉකි ගසන්නට විය.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාWhere stories live. Discover now