"ආරා...හොද ළමයා වගේ බෙහෙත් ටික බොන්න ඕනි...නැත්තන් හොද වෙන්නේ නෑනේ පැටියෝ"
"ඊක්කා මට එපා...ඕවා තිත්තයි"
මූණත් ඇඹුල් කරගෙන රඟපාන ගමන් බෙහෙත් ටික එපා කියන පොඩි දරුවා දිහා ජන්ග්කුක් බලන් හිටියා...
ආරා අවුරුදු 5ක චූටි කෙලි පැටියෙක්...නමේ තේරුම වගේම එයා ගොඩක් ලස්සනයි
හරිම හිතුවක්කාර දඟ කෙල්ලෙක්...ලෝකෙට එනකොටම අවාසනාවන්ත විදිහට ලෙඩක් එක්ක ඉපදුනු නිසා මේ පුංචි පැටියගේ දඟකාරකම අඩුවෙලා ගිහින් වෙලාවකට ගොඩක් නපුරු හිතුවක්කාර කෙනෙක් වෙලා...
එයාට තිබුනු ලස්සන දිග වේවි කොණ්ඩේ දැන් කොටටම කපලා...පිම්බිලා තිබුනු කම්මුල් චුට්ටක් අඩුවෙලා...සුදු බෝලයක් වගේ ආපු ආරාගේ ඇඟ කෙට්ටු වෙලා තිබුනා බෙහෙත් වල සැරටම
ඒ මොනවා අඩු උනත් පුංචි ආරගේ කට නම් අඩු වෙලා තිබුනේ නෑ
ජන්ග්කුක්ට තිබුණ ලොකුම රාජකාරිය උනේ ආරාව බලාගන්න එක...එයාව හරියට ට්‍රීට්මන්ට් වලට යොමු කරලා බෙහෙත් ටික වෙලාවට දීලා ආරාව සතුටින් තියන එක තමයි ජන්ග්කුක්ට පැවරිලා තිබුනේ
Hospital එකේ වෙනම තියෙන bulding එකක පුංචි ආරා වගේ තව ළමයි ගොඩක් හිටියා...වෙලාවකට වේදනාවෙන් අඬන, වෙලාවකට හිනාවෙන, වෙලාවකට කේන්ති ගන්න ළමයි දිහා ජන්ග්කුක් බලන් හිටියේ ජීවිතේ මොන තරම් අමුතුයිද කියලා හිතන ගමන්
මුකුත් නොදන්න මේ පැටව්න්ට එහෙම ලෙඩක්...අම්මා තාත්තා ඕනිම වෙලාවේ එයාලා ළඟ නැති එක...කොච්චර දුකක්ද
"මේ බෙහෙත් බිව්වොත් මං ඔයාට කැන්ඩි එකක් දෙනවා...හැබැයි බෙහෙත් ඔක්කොම බිව්වොත් විතරයි හරිද"
"බෑ බෑ...මට එපා...කුකී ඊයෙත් මට ඕක කිව්වා...ඒත් මං මේ තිත්ත බෙහෙත් බිව්වට පස්සේ කුකී කිව්වේ කුකීට කැන්ඩි ගේන්න අමතක උනා කියලා"
YOU ARE READING
𝖮𝗇𝖾 𝖬𝗈𝗋𝖾 𝖳𝗂𝗆𝖾 [𝖵𝖪𝖮𝖮𝖪] Onhold
Fanfiction"අද මෙහෙම වෙනවා කියලා දන්නවා නම් මම එදා ඔයාලව මුණගස්සවන්නේ නෑ වගේම ඔයාලව එකතු කරන්නේ නෑ...කීයටවත් මම ඒ දේ කරන්නේ නෑ.මට මං ගැනම තරහයි..." "මම මං කරපු දේවල් ගැන පසුතැවෙනවා. මං තාමත් ඔයාට හැමදේටම වඩා ආදරෙයි.තව එක පාරක්...එකම එක වතාවක් මට ඔයාව හමුවෙන්න...