One More Time - Chapter 07

162 29 28
                                    

අපාර්ට්මන්ට් එකේ තමන්ගේ රූම් එකේ ඇඳ උඩ හිටිය ටේහ්‍යොන්ග් තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන එක දිගටම ඒක දිහා බලාගෙන හිටියා

ඇඩ්මිට් කරපු දවසෙම අවශ්‍ය ප්‍රතිකාර ඉවර උනාම ටේහ්‍යොන්ග්ව ඩිස්චාර්ජ් කරා...උපරිම දවස් 2ක් ටේහ්‍යොන්ග්ට රෙස්ට් කරන්න කියලා ඩොකටර් උපදෙස් දුන්නා...හොස්පිට්ල් එකෙන් එන වෙලාවේ ඉදන් ටේහ්‍යොන්ග් හිටියේ බාගෙට මැරුණු කෙනෙක් වගේ...

ඊලග දවසේ තියෙන මැච් එකට ටේහ්‍යොන්ග්ට සහභාගී වෙන්න බෑ කියලා දැන ගත්තහම, ෆුට් බෝල් වලට පණ වගේ ආදරේ කරන කෙනෙක් විදිහට, කණ්ඩායමේ බෙස්ට් ප්ලේයර් කෙනෙක් විදිහට ටේහ්‍යොන්ග්ට සතුටින් ඉන්න බැරි උනා...ටේහ්‍යොන්ග් මේ මැච් එක ගැන ගොඩක් හෝප්ස් තියාගෙන හිටිය කෙනෙක්...ඉතින් මේ ආබාධය නිසා එයා ගොඩක් පසුතැවුනා

රූම් එකේ දොර ඇරෙන සද්දේ එක්ක ටේහ්‍යොන්ග් ඒ පැත්ත බැලුවාම දැක්කේ ජන්ග්කුක් කෑම ප්ලේට් එකක් අතේ තියාගෙන එයා දිහා බලන් ඉන්නවා කියලා

හිනා වෙලා ටේහ්‍යොන්ග් ලගට ආපු ජන්ග්කුක් කෑම ටික බෙඩ් ටේබල් එක උඩින් තියලා ටේහ්‍යොන්ගේ අතේ තිබුන ෆෝන් එක එයාගේ අතට ගත්තා

"මෝඩ ටේහ්‍යොන්ග්...මැච් එක පටන් ගන්න තව පැයක්ම තියෙනවා...දැන්ම ෆෝන් එක අතේ තියන් හිටියට වැඩක් නෑ..."

ටේහ්‍යොන්ගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවන ගමන් ජන්ග්කුක් කිව්වාම සනීපෙට ටේහ්‍යොන්ග් ඇස් පියා ගත්තා

"මැච් එක පටන් ගන්න විනාඩි 5කට කලින් ජිමින් අනිවාර්යෙන් ඔයාට වීඩියෝ කෝල් එකක් ගනීවි"

"එතකල් අපි කමු"

"කාලා මැච් එක බලන්න ලෑස්ති වෙමු"

ජන්ග්කුක් ගොඩක් කාරුණික විදිහට කිව්වා...එයා දන්නවා දැන් ටේහ්‍යොන්ග්ට ඕනෑවටත් වඩා ආදරය ඕනේ කියලා...ඉතින් එයා නිවාඩුවකුත් දාලා ටේහ්‍යොන්ග්ව බලාගන්න ආවා

You've reached the end of published parts.

⏰ Last updated: Jul 01, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝖮𝗇𝖾 𝖬𝗈𝗋𝖾 𝖳𝗂𝗆𝖾 [𝖵𝖪𝖮𝖮𝖪] OnholdWhere stories live. Discover now