අවසානය💜️(Chapter 17)

95 19 26
                                    

" අහස ලස්සනයි නේද "

"ම්ම්ම්"

" තාමත් මම ඔයාට ඔච්චරම දුරයිද ජීවෝයා"

හන්ගුල් ගඟ ලඟ තියන බන්කුවට බර දීල අහස දිහාම බලන් ඉන්න ජීවෝ දිහා බලපු ජිමින් කිව්වෙ බර හුස්මක් පහලට හෙලලා.

" අනී..එහෙම දෙයක් නෙවෙයි ජිමින්ශී"

" එහෙනම් කොහොම දෙයක්ද ? "

" මම දැන් මැරුන කෙනෙක් ජිමින්ශී .ඔයා දන්නවනේ දැන් මම කිව්වනේ ඒ ගැන .මට ඕනෙ නෑ මැරුන මට පන දෙන්න.පරන ජීවෝ නැහැ. දැන් ඉතින් මට ඔයත් එක්ක මෙහෙම ඉන්න එක හරිම අපහසුවක්.අනික මම ඔයාව අවිශ්වාස කරා ඒකත් ඔයා දන්නවනේ ඉතින් මට ආයෙම ඒ අතීතයට පන දෙන්න ඕනෙ නෑ.ඔයා සතුටින් ඉන්න මේ හැමදෙයක්ම අමතක කරලා"

ඇස් වලින් එලියට පනින්න ඔන්න මෙන්න තියන කදුලු බිංදු ඇස් වලම රදවගෙන ජීවෝ කෝච්චියක් වගේ කියවගෙන ගියා.ජීවෝගෙ හැම වචනයක්ම ජිමින් ගොඩක් සාවදානව අහන් හිටියා.
ජීවෝ දිහාවට හැරුන ජිමින් ජීවෝගෙ ඇස් දිහා කෙලින්ම බලන් කාතා කරන්න ගත්තෙ ජීවෝව ගොඩක් අසරණ කරල.ඒ කටහඬ, කරුනාණාවන්ත වචන ඒ ඇස් හරිම අවංකයි ආදරය විතරමයි පිරිල තිබ්බෙ.

" එහෙනම් ඇයි අවුරුදු පහලවම ඔයා තනියම?"

ජිමින්ගෙ ප්‍රශ්නෙට ජීවෝට කට උත්තරයක් නැති උනේ මොලයෙන් එයා ජිමින්ව ඈත් කරන්න හැදුවත් හදවත එයාට ඉඩ දුන්නෙ නැති නිසා.

ජිමින්ට දෙන්න උත්තරයක් නැති නිසා ජිවෝ කරේ බිම බලාගත්ත එක.

" මම හිතන්නෙ මට උත්තරය හම්බුනා මැනික "

බොහොම ආදරයෙන් ජීවෝගෙ ඔලුව උඩින් අත තිබ්බ ජිමින් ජීවෝගෙ ඔලුව අත ගෑවෙ ජීවෝ ඔලුව බිමට නවන් ඉන්න අතරෙමයි.
බිම බලාගෙනම තමන්ගෙ අතේ ඇඟිලි එකට අතුල්ල අතුල්ල ඉන්න ජීවෝ එකපාරටම ඉකිගහන්න ගත්තෙ ජිමින්වත් පුදුම කරල .කොච්චර ගල් හිතක් තිබ්බත් ඇත්ත් ආදරය ඉස්සරහ මේ හැමදෙයක්ම පරාදයි .

බිම බලාගෙන ඉකිගහ ගහ ඉන්න ජීවෝව ජිමින් තමන්ගෙ පපුවට තුරුල් කරගත්තෙ හරිම ආදරයෙන් .ඒ පපුවෙ ආදරය උතුරන ආදරය තිබ්බා ආදරය විතරක්ම තිබ්බා.

My precious number 13 [ completed]Donde viven las historias. Descúbrelo ahora