🍁___23___🍁

152 43 14
                                    

_SUGA'S VIEW_
_@HIS MANSION_
_AUTHOR POV_

"සියල්ලම හොදින් සිදුවනවා යැයි නිසැකවම කිව නොහැක...නමුත් රැජින හට වීමට තිබෙන බාධාවන් බොහෝමය...

එතුමිය හා එතුමියගේ ආත්ම සහකරු වන ශ්වේත සෙන්පතිවරුන්ගේ සේම මුලු අධිරාජධානියට අධිපති එතුමිය සමගින් නොවෙනස්ව සිටිනු ඇත...

ඒ කෙසේ වෙතත් රජු හට ඉතා සැලකිල්ලෙන් කටයුතු කිරීමට සිදු වේ...රැජිනගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වනු ඇත...

එසේම රජුට රැජිනට අමතරව තවත් දෙයක් රාජාභිශේකය සදහා වුවමනා වේ...එය මෙතෙක් රාජ්‍ය කල පාලකයන් පරම්පරාගතව භාවිතා කල කිරුළ සහ අසිපතයි...

ඒ සියල්ල තමන් සතු කරගත් පසුව එතුමන් හට ලැබෙන බලයන් තවත් අධික ලැබෙන්නේය..."

"ඔහ්!! ආශ්...අනේ මංදා...මේක කියවනකොට මගේ ඔලුවේ නැති ප්‍රශ්නත් ඇති වෙලා මොලේට සමනල් ගැටේත් වැටෙනවා..."

Suga තමන්ගේ අතේ තිබ්බ පුරාවෘත්ත පොත මේසේ උඩින් තිබ්බා...එයා අද තමයි ආපහු පොත අතට ගත්තේ කියවන්න...

ඒකේ තියෙන හැටියට රැජිනට අමතරව කඩුවයි ඔටුන්නයි දෙකත් ඕනි රජු වෙනවනම්...

"අයියෝ...මොන මගුලක්ද අප්පා...මං හිතුවේ රැජින විතරයි කියලා...ශිට්..!!"

Suga හයියෙන් මේසෙට පාරක් ගහන ගමන් කිව්වා...

"අසිපත සහ කිරුළ සොයා ගැන්මටත් ප්‍රථම රැජිනගේ අයිතිය තමන් සතු කරගැනීම අත්‍යාවශ්‍ය වේ...

ඒ මන්ද යත්...
රජුට රාජ්‍යයත්වය ලබා ගැනීමටම පමණක් නොව රාජ්‍ය අසිපත සහ කිරුළ ලබා ගැනීමටද එතුමිය අවශ්‍ය වනු ඇත.."

"ඔම්මාහ්...දෙයියනේ..ඒ කියන්නේ black worriresලට කලින් මං මගේ මේට්ව හොයාගන්න ඕනි...බැරිවෙලාවත් එයාලා දැන ගෙන නම්...මං මොකද කරන්නේ..."

Suga එහෙම හිතන ගමන් ආපහු පොතට එබුණා..

"රජුට තමන්ගේ සහකාරිය සොයාගැනීමට ඇයගෙ සිරුරෙන් වහනය වන අධික සුවද සහ එතුමියගේ සිරුරේ ඇති යම් සලකුණක් උපකාරි වේ...

THE NIGHT OF THE BLOOD 🍁 ✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon