....ද්වී Episode 06....

368 79 3
                                    

සාම්ප්‍රදායික විය යුතු,
සාම්ප්‍රදායික විය නොහැකි තරුණයෙක්...

ඊයේ දවස ගොඩක් busy උන හින්ද මම අද නිවාඩුවක් දැම්ම. ඇත්තටම මට ඕනේ උනේ පුලවන් තරම් busy වෙන්න. ඒකෙන් මට එන සමහර දේවල් පාලනය කරගන්න පුළුවන් උනාට එච්චර මහන්සියක් දැන් ගතට ඉවසගන්න බැහැ.

"අප්පච්චි, අද කොහොමද දවසේ schedules එහෙම...."

"විශේෂයක් නැහැ පුතා.. ඇයි?.. ඔයාගේ මොනවා හරි තියෙනවද?.."

"එහෙමට නැහැ අප්පච්චි.. අද පොඩි නිවාඩුවක් දැම්ම... "

"ආ.. එහෙනං මාත් එක්ක පොඩ්ඩක් පන්සල පැත්තේ ගිහින් එමු. මන් පෙරේරාට එන්න කිව්වා. මොකෝ කියන්නේ ඔයා එනවා නං මන් පෙරේරාට එන්න එපා කියනවා.."

"හරි අප්පච්චි යමු එහෙනං.."
ඇත්තටම ගොඩ කාලෙකින් පන්සල් යන්නත් බැරි උන හින්ද මම අප්පච්චි එක්ක යන්න එකඟ උනේ කොහොමත් පන්සේදී මට ලොකු සැනසීමක් දැනෙනවා. ඉතින් ආවේ බෙල්ලන්විල පන්සට. අප්පච්චි වාහනේටත් නැගල බෙල්ලන්විල යන්නේ කිව්වම නං බැහැ කියන්නත් හිතුන. එත් ආයේ අප්පච්චිව රස්තියාදු කරන්නත් බැහැනේ හැබැයි..

"මොකද පුතා.. නිකන් කලින් ඇවිල්ල නැති තැනක් වගේ?.."

"ආ.. නැහැ අප්පච්චි..."

"එහෙනං මොකෝ නිකන් බය වෙලා අඩන්න වගේ..."

"නැහැ.............."
"නැත්තේ නැහැ අප්පච්චි.." කියල කියන්න ඕනේ උනාට මට ඒක එහෙම කියන්න බැහැ. තනුරගෙයි මගෙයි මතක ගොඩාක් තියෙන තැනක්. මන් කටක් ඇරලා කියන්නද "මේ තැන තමා මගේ ආදරේ ප්‍රථම හමුව උන තැන" කියල..

............................................................................................

..... අවුරුදු හයකට පෙර සුන්දර දවසක්....

"එන්න මහත්තයා.. අදත් සුදු ඕලුනේ?..."

"ඔව් ඔව්.."
සතියක් පුරා පිස්සෙක් වගේ එහෙට දුවල මෙහෙට දුවල office එකේ වැඩයි, ඉගෙන ගන්න වැඩයි එක්ක හිර උනාම හිතට ඕනෙම කරන නිදහස මට ලැබෙන්නේ බෙල්ලන්විල පන්සලට ආවම. හැමදාම එකම තැනකින් සුදු ඕලුම අරන් දැන් මේ මිනිස්සුන්ටත් මාව හොඳට මතකයි..

වෙනද වගේම හොඳට බුදුන් වැදලා, දෙවියන්ට පින් දීල මම මගේ ජිවිතේ වෙනුවෙන් අහිංසක ඉල්ලීම් ටිකක් කරනවා..
"අද මම මේ රැස් කරගත්ත පින් දේවියන් අනුමෝදන් වේවා!.. ඒ පිනෙන් සතුටු වී මගේ ජීවිතේට සතුට ලැබේවා!.."
මගේ ජිවිතේ වෙනසක් තියෙනවා කියල මට දැනෙන්න ගත්ත දවසේ ඉදන්ම මම ඒ ප්‍රාර්ථනාව කරනවා. කෙල්ලෙක්ගෙ ආදරේ ලබනන්ද, කොල්ලෙක්ගේ ආදරේ ලබන්නද කියල හිත හැමතිස්සෙම මගෙන්ම ප්‍රශ්න කරගන්න දවසේ ඉදන්ම මම මෙහෙමයි.

මම ආපාහු ගෙදර එන්න ලෑස්ති වෙලා බෝධිය දිහා ටිකක් බලන් හිටියේ බෝ පත් හුළඟට සෙලවෙද්දී ඒ එන සද්දෙට මන් හරි ආස හින්ද. ඒ වගේම ඒ සද්දය එක්ක භාවනා කරන මිනිස්සු දැක්කම මට තවත් හිතට අමුතු සතුටක් දැනෙන හින්ද.

"අර කවුද?..."
ලස්සන කොල්ලෙක් වැලි මළුවේ පහන් වැට එහා පැත්තේ තියෙන පුංචි බැංකුවක ඉදගෙන ඇස් දෙකත් වහගෙන ඉන්නවා.. හරිම ලස්සනයි. කලිසමයි shirt එකයි දෙකම සුදු ඇඳලා.. ලස්සන කොන්දේ මූණට වැටිලා, කළු කොණ්ඩෙට වඩා ටිකක් සුදු පාට මූණ... හරිම ලස්සනයි. ලස්සන කළු කොල්ලෙක්.. දැක්ක ගමන් මට "wow " කියවුනා.. මන් හිතන්නේ ටිකක් සද්දෙටත් එක්ක..

"ටිකක් ගිහින් ඉන්න ඕනේ ඒ හරියෙන්.."
මම එහෙම හිතාගෙන ගෙදර යන එකත් පැත්තකට දාල ගිහින් එහා පැත්තේ බැංකුවෙන් වාඩි උනා. කොල්ල භාවනා කරනවා මන් හිතන්නේ. මම මොකෙක්ද එකෙක් වගේ උගේ මූණ දිහාම බලාගෙන හිටියා. කොල්ල ටිකකින් ඇස් ඇරලා, වැඳලා, හැරෙද්දී මම ටක් ගාල අහකබාලගන්න හැදුවත් ඊට කලින් එයා මම එයා දිහා බලන් ඉන්නවා කියල දැක්කා. ඒ වගේම එයා මාව දැකල කලබල උනා..

"කළණ sir.."

"ඔයා මාව දන්නවද?.."
මාවත් එක පාරට පුදුම උනා. "මාව දන්නේ නැත්තන් කොහොමද මගේ නම දන්නේ?" මමත් මහා ගොන් ප්‍රශ්නයක් අත ඇරලා දැම්මා.. ආයේ දෙකක් නැහැ අපේ වැඩ පොලේද දන්නේ නැහැ වැඩ....

"ඔව් sir.. sir SS group එකේ chairmenගේ පුතා නේද?.."

"ආ.. ඔව් ඔව්.."

"ඔයා කොහෙද වැඩ කරන්නේ?.."

"මම හොරණ factory එකේ sales rep කෙනෙක් sir..."

"ආ.. ඒක තමා එහෙනං වැඩිය මට පුරුදු නැත්තේ..."
අනේ මන්ද.. මම බලනම factory එකේ sales rep කෙනෙක්. අනික මම නොදන්න?... මට මොන යකෙක් වහීගෙන එනවද? පිස්සුද මන්ද.....

"වෙන්න ඇති sir.. sir, මම යන්නද?... ගෙදර යන්න පරක්කු වෙනවා නැත්තන්..."

"ආ.. හරි ok..."
ඒ කොල්ලගේ ලස්සන. මට ඒ ආවේ වෙනදට කොල්ලෙක් හරි කෙල්ලෙක්ව හරි දැක්කම එන වල් ආසාවක් වත්, sex හගීමක්වත් නෙමෙයි. ඒ මුනේ තිබ්බ පින් පාටට මම ගොඩක් ආස කරා.

"shik.. එක්කෝ මට එයාව drop කරන්නද කියල අහන්න තිබ්බේ.."
මම ගෙදර යනකන්මත් හිත හිත ගියේ ඒක..

.................................................................

"පුතා.. හාමුදුරුවෝ මම මුණගැහිලත් ආවා.. ඔයා යන්නේ නැද්ද හාමුදුරුවෝ එක්ක කතා කරන්න.. "

"ආ.. හරි අප්පච්චි මම මේ යනවා.."

"මේ ළමයා නං මේ ලෝකේ නෙමෙයි ඉන්නේ..."
අප්පච්චි මටත් බැන බැන car park එක පැත්තට ගියා. මමත් ඉතින් හාමුදුරුවෝ එක්ක ටිකක් කතා කරලා එද්දී නිමාශිගෙන් call එකක් ආව...

"sir අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද?.."

"ඔව් කියන්න miss නිමාෂි. කතා කරන්න පුළුවන්.."

"මෙහෙම නෙමෙයි sir.. හදිස්සියක්.. හම්බෙලා කතා කරන්න පුලුවන්ද දැන්?.."

"ආ...... ok ම්ම්ම්... can you come to Bellanwila park? "

"ok sir.. I will... "
නිමාෂි එහෙම කියල phone එක cut කරා. අනේ මන්ද ආයේ තාත්තා එක්ක වලියක් දාගෙන වගේ. එක සැරයක් ඔහොම තාත්තගෙයි දුවගෙයි වලියක් හින්ද අන්තිමට පොලිසි යන්න උනේ අප්පච්චිටයි මටයි. මම ඉතින් 3-wheeler එකක ගෙදර එන්නන් කියල අප්පච්චිව ගෙදර යවලා නිමාෂි එනකන් park එකට වෙලා හිටියා.. ටිකකින් නිඅමාස්හි කලබලෙන් වගේ මන් ඉන්න දිහාවට එනවා මන් දැක්ක.

"Why Nimashi? what happened?"

"sir අපි ඉවරයි sir.."
මේ ගෑනි එහෙම කියාගෙන වැලහින්නියක් වගේ අඩන්න ගත්ත කියන්නකෝ.. මිනිස්සු බලනවා. විලි ලැජ්ජාවයි..

"Nimashi.. just calm down and say what had happened?" *සන්සුන් වෙලා කියන්න මොකක්ද ප්‍රශ්නේ කියල..*

"sir I'm pregnant" *මම අම්ම කෙනෙක් වෙන්න යන්නේ?*

"What?..."
මට කන් දෙක කීන් ගානවා වගේ ඇහෙන්න උනා. ඇස් දෙක නිල් වෙලා ගියා. මට දරා ගන්න බැරි උනා. මම අත් දෙක ඔලුවේ ගහගෙන ඉන්න ඇති.

"Who is the baby's fathe.......... no.. no...... no way"
මම නිමාශිගෙන් දරුවාගේ තාත්තා කවුද කියල අහන්න යද්දීම මට මතක් උනා අපි දෙන්න අතර එදා උන සිදුවීම් මාලාවම. මොකක්ද මට මේ වෙන්න යන්නේ? අනේ....

"ඔව් sir.."
නිමාෂි ආයෙත් අඩන්න ගත්තා...

"නිමාෂි, මේක කවුරුත් දැනගන්න ඕනේ නැහැ.."

"කොහොමද sir?.. sirට පිස්සුද?.."

"කිව්වනේ කවුරුත් දැනගන්න ඕනේ නැහැ."

"කොහොමද sir?"

"මම දන්නේ නැහැ ගෑනියේ...."
මම අදත් මේ මගේ වැරැද්ද වහගන්න කෑ ගහනවා. මන් වෙන මොකක් කරන්නද? ඒත් මේ දේ කොහොම හරි නොවෙන්න ඕනේ.. "මන් මොකක්ද කරන්නේ?.. මට මේ මොකක්ද උනේ?... දරුවා මගේමද? නැහැ.. මට එපා........" මට පිස්සුවෙන් මගේ සිතුව්ල දාහක් ඔලුව වටේ කැරකෙන්න ගත්තා. දන්නෙම නැතුව ඇස් වලින් කඳුළු වක්කෙරෙන්න ගත්තා.. ඔලුව පිපිරෙන්න එනවා වගේ දැනුනා.. ඒ ඔක්කොම අස්සේ මතක් උන එකම එක දෙයයි..
ඒ තනුර මට දෙන ආදරේ...


ද්වී...

මතු සම්බධයි...

ද්වී...Where stories live. Discover now