....ද්වී Episode 11....

333 72 1
                                    

සාම්ප්‍රදායික විය යුතු,
සාම්ප්‍රදායික විය නොහැකි තරුණයෙක්...

"තනුර....."
මන් උදේ නැගිටිද්දී දැනුනා තනුර මාව බලන්න ඇවිල්ල කියල. ඔව් තනුර ඇවිල්ල. මටයි අප්පච්චිටයි දෙන්නටම කන්නත් අරන් ඇවිල්ල මන් හිතන්නේ. ලොකු මල්ලක් නුත් එතන තිබ්බ. මම කොහොමත් තනුර ලඟට යන්න ඕනේ උනාට මට ඇඳෙන් නැගිටින්න බැහැනේ. ඉතින් තනුර මගේ ලඟට ආව.

"දැන් හොදයිද?..."

"ඔයා ඉන්නවා.. අනේ තනුර ඔයා ඉන්නවා... උබට කිසිම කරදරයක් නැහැ නේ..."

"ඔව් mr. කළණ මට කිසිම කරදරයක් උනේ නැහැ.. ඇයි එහෙම අමුතු විදියට ඇහුවේ?..."

"නැහැ නැහැ.... මට අමුතු බයක් දැනිල හිටියේ.."
මම ඒ දැකල තියෙන්නේ තනිකරම හීනයක් කියල දැනගන්නකම් මට ඊයේ ඉදන් හරි නිවනක් තිබ්බේ නැහැ. ඇත්තටම දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ..

"sir එහෙනං ඉක්මනට සනීප වෙලා office යන්න.... get well soon sir.."
තනුර එහෙම කියල හිනා වෙලා අප්පච්චිටත් කියල යන්න ගියා. කොහොමත් තනුර office යන්න බලාගෙන එහෙම්මම තමා ඇවිල්ල තියෙන්නේ. මට ඇත්තටම දැන් නං ටිකක් හිතට සතුටුයි. මේ අහිංසකයට කිසම කරදරයක් නැහැ නේ. ඒ ඇති. ඒ අස්සේ අප්පච්චි තනුර ගිය වෙලේ ඉදන් මොනවද files වගයක් නුත් දිග ඇරගෙන ගොඩක් වෙලාවක ඉදන් වැඩක්....

"මොකක්ද අප්පච්චි වැඩේ?..."

"මේ office එකේ එකක්. මන් මේ මගේ employeesල ටිකක් UK වලට transfer කරන්න කියල. කොහොමත් එයාලම apply කරපුවානේ... දැන් ඉතින් කොහොමත් අතින් වියදන් කරවලත් කට්ටියව යවන්න වෙනවනේ ගෙදර ඉන්න එකාගේ වැඩ හින්ද..."

"ම්ම්ම්..... sorry අප්පච්චි...ආ... මාත් sup එකක් දෙන්නද කම්මැලි..."

"ඕනේ නැහැ. ඉස්සෙල්ල සනීප වෙලා ඉන්න.."

"අප්පච්චි.... අර අකලංක ගෙනාව bag එකේ කෑම වගයක්ද?.."

"මෙච්චර පිස්සු නටලත් පෙරේතකම නං අඩුවෙලා නැහැ නේ..."
අප්පච්චි හිනා වේවි ඒක කිව්වට අප්පච්චිගේ මුනේ නං තිබ්බේ මන් ඒක අහපු එක ගැන තරහක් වගේ පෙනුමක්. කොහොමත් අප්පච්චිට තරහ ඇති මාත් එක්ක. මගේ ජරා වැඩ හින්ද.. ඒත් ටිකකින් අප්පච්චිම කතා කරා..

"මේ office එකේ තිබ්බ files වගයක් ගෙන්නගත්තා මන්..."

"ආ හා.."

"ඇයි බඩගිනිද?..."

"නැහැ එහෙමත් නැහැ.. අප්පච්චි කාලද?.."

"ඔව් මන් කෑවා.. ඔයාට බෙහෙත් දෙන වෙලාවට කන්න දෙයි අද සමහර විට.."

........................................................................

... එකමත් එක දවසක් ...

"තමුසෙගෙ වැඩ නං මොනවද ඕයි.... මෙච්චර කල් වැඩ කරලත් තාම මෙහෙම වැඩ.."

"අනේ මට බැහැ අප්පච්චි මොන මගුලක්ද...."

"හරියට වැඩක් කරන්නෙත් නැහැ. තව කට ගහනවත්..."

"ආ... හරි හා.. අප්පච්චිලා වැඩ කරද්දී කවදාවත් වැඩ වැරදිලා නැහැ නේ... අනේ මට ඕනේ නැහැ.. මන් යනවා.."

"පලයන් ඉතින්.. මදැයි හදාගත්තා පුතෙක්.."

"ඔව් යනවා තමා.... මොන මගුක්ද..."
මම එහෙම කියල වාහනෙත් අරන් එලියට බැස්සේ පුදුම කේන්තියකින්. අප්පච්චිටත් අපේ පුංචි වැරදි පවා ඉතින් හරි ලොකුවට පේනවා. වෙන මිනිස්සු පිස්සු නැටුවත් කමක් නැහැ. ඇත්තටම පුදුම තරහක්. මන් ඔහේ drive කරගෙන යන්නන් වාලේ ගියා. මම දන්නෙම නැතුව ඇවිත් තිබ්බේ තනුරගේ ගෙදර. අනේ මන්ද දැන් මේක පුරුද්දට ගිහින්. මන් හිතන්නෙත් නැතුව මට හිත අවුල් ගිහාම මෙහෙට එනවා. සමහරවිට මගේ ප්‍රශ්න වලට හරියනම බෙහෙත් තියෙන්නේ මේ heart doctor ගාව හින්ද වෙන්න ඇති.

"මොන මගුලක්ද මන්ද... හිතුනොත් ඔක්කොම දමල ගහල යනවා ඕනේ බම්බුවක් කියල..."
මම තාමත් තරහින්, පාරේ තිබ්බ ගලකට තරහ යන්න ගැහුවට මොකෝ දැන් නං ටිකක් රිදෙනවත් එක්ක..

"තනුවෝ.........."
මම දොරට තට්ටු කරලා lock කරලා නැති හින්ද ඔහේ දොර අරගෙන ගිහින් sofa එකේ දිගා උනා..

"ඈ.... මේ මොකෝ මේ වෙලේ..."

"අද මන් මෙහෙ..."

"ආ.. ඒ මොකෝ අප්පච්චි එලියට දැම්මද??"

"නැහැ. මන් ආව.... උඹට හරි විහිලු නේ..."
මන් එහෙම කියනවත් එක්ක තනුර හිනාවකුත් දාගෙන කුස්සිය පැත්තට ගියා. මූත් එකයි ඉතින්. මට කේන්ති ග්යොත් හැමෝටම විහිලු. මුන්ට මගේ අගේ දැනෙන්නේ මන් නැති උනාම තමා. මන් ඕවත් හිත හිත ඉන්න ටිකට තනුර මන් කැමතිම විදියට මාරි biscuit එක්ක ඉඟුරු දාපු තේ දෙකක් හදාගෙන ආව.

"මේ මොකෝ ඕයි... 7ටත් ලඟයි... තේ හැදුවේ... මට කන්න දීපන්..."

"අනේ මේ.. මෙන්න මේක බොන්න.. නිකන් මෙහෙම තේ බොන්න ආසම නැහැ වගේ..."

"මලසමයන් බෝල සබන්..."
මූ ඇත්තටම මාව කියවල තේරුම් අරන් ඉන්න මේ ලෝකේ එකම මනුස්සයද කොහෙද. මට දුක හිතුනම කන්න බොන්න දීල ඔක්කොම වමාරගන්න පුළුවන් කියල හොඳට දන්නවා. මමත් ඉතින් biscuit packet එකම ඉවර කරන ගමන් වෙච්ච රණ්ඩුවේ අකුරක් නෑර තනුරට කිව්වා..

"ඒ අස්සේ මෙතනට ඇවිල්ල බැස්සම ලස්සන ගලක් තිබ්බ. ඒක උඩින් යන්න එකක් ගැහුවා දැන් රිදෙනවා කියන්නකෝ.."
ඔක්කොම කියල ඉවර උනාම ඇත්තටම මගේ කේන්තිය තිබ්බද කියලවත් මතක නැහැ. ඉතින් ඊට පස්සේ තමා කකුල ගැන මතක උනේ..

"කෝ බලන්න... අනේ අම්මපා.. මුන්ට ඉතින් කේන්ති ගියාම... අප්පච්චිලා පුතාල ඔක්කොම එකයි.."
තනුර එහෙම කිය කියා මගේ ඉස්සරහින් ඇණ තියාගෙන ඉගෙන මගේ තුවාලේ බලන්න ගත්තා. තනුරව අවිස්සුවම හරි ශෝක්.. පොඩි එකෙක් වගේ. හැබැයි දැන් දැන් නං වැඩිය අවිස්සෙන්නෙත් නැහැ. මොකද දැන් දන්නවා මන් තනුරව අවුසාල ගන්නේ ආතල් එකක් කියල. තනුර ඉක්මනට ගේ ඇතුලට ගිහින් බෙහෙත් අරන් ඇවිල්ල පරිස්සමට තුවාලෙට ගාද්දී මට තනුර ගැන ගොඩක් ලොකු ආදරයක් දැනුනා. "මේ කොල්ල මාව කොච්චර හොඳට බලාගන්නවද?...." කියල මට හරි ලෝභකමක් දැනුනා. ඉතින් මම ටිකෙන් ටික තනුරගේ ඔලුව අතගෑවේ හිතට දැනුන ආදරේ තනුරට පෙන්නන්න ඕනේ හින්ද වෙන්න ඇති...

"මොකෝ අනේ...."

"Thank you වස්තුවේ..."

"ඒ අහවල් එකකටද?..."

"මාව මෙහෙම බලාගන්නවට... මන් ගින්දර වගේ උනාට මාව නිවන්න උබ ගාව ගොඩාක් ice තියෙනවනේ. හිතයි ඇඟයි දෙකම උබ මගේ නිවනවා ඒකයි..."

"හ්ම්ම් හ්ම්ම් හාකෝ හාකෝ..."

"පිස්සා..."
මන් එහෙම කියල තනුරගේ කෙස් එහෙ මෙහෙ වෙන්න අවුස්සලා දැම්මා. ඉතින් තනුර ඔලුව කෙලින් කරලා මගේ දිහා ඔරවල බැලුවම මට ඒ තොල් දෙක මගේ කරන්න ඕනේ උනා... සාලේ light off කරලා හින්ද තිබ්බ ලා නිල් පාට අඳුරත් එක්ක අපි දෙන්නම ආදරෙන් අපි දෙන්නගේ උනා.. හරි ආදරනීයි... ලස්සනයි.. සුන්දරයි..

................................................................................

"පිස්සා.."
මට ඒ මතක එක්ක ආයේ සතුට මගේ ලඟට එනවා වගේ දැනුන හින්ද මටත් නොදැනිම මගේ කටින් එහෙම කියවුනා...

"ආ...."

"ආ.. නෑ අප්පච්චි..."
තව ඩින්ගෙන් ඔක්කොම අනාගන්නව..

"මෙන්න මේ ලිස්ට් එක කියවන්න පුතා පොඩ්ඩක් අමාරු නැත්තන්.... submit කරන්න කලින් recheck කරන්න..."

"දෙන්න අප්පච්චි... මේ... නිමාෂි.... එයාවත් යවන්නේ මේ අය එක්කද?..."

"පිස්සුද... නැහැ... මේ group එක අද රෑට යනවා..."

"ආ.."
මම ඒ list ඒකෙ නම් එකින් එක කියවන්න ගත්තා. හිතේ හරි අමුතු ලස්සන හැගීම් වගයක් එක්ක මොකක්දෝ සතුටක් තියෙනවා.

*** Deputy Manager of Quality Assurance Department - Mr. Thanura Mihiran Akalanka ***

"මොකක්....."
මට තරු විසික් උනා. මේක වෙන්නේ කොහොමද... එයා මාව දාල එහෙම යන්නේ නැහැ. අනික තනුරගේ අම්මා... මේක වෙන්න විදියක් ඇත්තෙම නැහැ...

"ඇයි.. පුතා.. කළණ... මොකද උනේ..."

"අප්පච්චි.. මේක වෙන්න බැහැ... "
ඇත්තටම තනුර එහෙම යන්න විදියක් නැහැ. කොහොමද දෙයියනේ මේක වෙන්නේ. මට හිතා ගන්න බැහැ. හිත සතුටින් ඉන්න පටන් ගත්තා විතරයි. ආයෙත් ඒ හීන ඔක්කොම කුදුපට්ටන් වෙලා ගියා.. ඇයි මෙහෙම වෙන්නේ... "එයා යන්නේ නැහැ... අනේ ඒක අත්තක් නෙමෙයි..." මන් පිස්සෙක් වෙන්න ඇති.

"ඇයි කෝකද? මොකක්ද උනේ.. කෝ... මොකක්ද?..."

"අප්පච්චි අකලංක..."

"ඉතින්... ඇයි මේ කලබල වෙලා.. "

"එයාට එහෙම යන්න බැහැ...."
මම ආයේ ගොඩක් කලබල උනා. ඇස් වලින් කඳුළු දොරෙගලන්න ගත්තා.. මහා හයියෙන් ආයේ කෑ ගහන්න ගත්තා.. එයාව නවත්තන්න යන්න හැදුවා.. මට එයාව නවත්තන්න යන්න ඕනේ උනා.. ඒත් මන් කොහොමද යන්නේ මට මේ අය යන්න දෙන්නේ නැහැ. අන්තිමට් ආයෙත් මට උනේ පිස්සෙක්ට වගේ නිදි බෙහෙත් විද්දගෙන මුකුත්ම කරනගන්න බැරි අසරණයෙක් වගේ නිදාගන්න....

ද්වී...

මතු සම්බධයි...

ද්වී...Where stories live. Discover now