....ද්වී Episode 09....

343 74 3
                                    

සාම්ප්‍රදායික විය යුතු,
සාම්ප්‍රදායික විය නොහැකි තරුණයෙක්...

"තනුර මොකෝ වෙන්නේ..."

"ඉන්නවා සුදූ... එන්න අපි කන්න හදමු.."

"හා හා යමු.. මේ ඔයාගේ මාළු ඇඹුල් තියල් එකයි, පොල් සම්බෝලයි, පපඩම් නුයි බතුයි ඕනේ..."
ඇත්තටම තනුර ඒ තුන එක්ක රතු බත් හැදුවම මාරම රසයි. මන් පුදුම ආසයි. මොනවා උනත් කොයි කෑම උනත් තනුරට හරි රසට හදන්න පුළුවන්. එක්කෝ ඒ කෑම වලට ආදරේ කියන දේත් දාන හින්ද වෙන්න ඇති එච්චර රස. කට්ටිය කියනවනේ අම්ම හදන කෑමත් එහෙමයි කියල. සමහර ඒත් මේ රස වෙන්න ඇති.

"අනේ හාකෝ... වෙන වැඩ නැහැ නේ.."

"අනේ අනේ...."
මගේ බලකිරිල්ල එක්ක තනූ කොහොමහරි මන් කිව්ව ටිකම පයක් යන්නත් කලින් හදල දුන්න. අම්මෝ ඒවායේ පාටවල්. හරිම රස පාටයි. ලෝභ නැතුව පහේ දාල හදපු කෑම. දැක්කත් ඇති.

"මොකක් මාළු එක මෙච්චර ඉක්මනට.."

"මේ කනවා නං කාපිය.."
තනුරත් වෙලාවකට හරියට ලෝකේ ඉන්න නපුරුම මිනිහා වගේ. එහෙමත් කියල මට බෙදල දුන්න බත් එකම අනල පලවෙනි කට එයාම කෑවා..

"අනේ... තනූ... මගේ කෑම එකම කාපිය.. බල්හා..."
තනුර කිසි සද්දයක් නැතුව ඉදල දෙවෙනි කටත් අනල මට දික් කරා. මමත් පොඩි එකෙක් වගේ ආසාවෙන් කට ඇරලා කෑවා.. ඇත්තටම හරිම රසයි. මමයි තනුරයි කාල ඉවර වෙලා කෙලින්ම ගියේ wash එකක් දාගන්න. අපි ඉතින් wash එකක් නුත් දාගෙන ඇවිල්ල ඇදට පැන්නේ දෙන්නම බදාගෙන. දැන් නං towels දෙකත් කැලේ.. අපි දෙන්න උපන් ඇදුමෙන්මද කොහේ..

"තනූ.... මට සමාව දෙනවද?...."

"ඒ මොකටද අයියේ..."

"මම කරපු ඔක්කොම නරක වැඩ වලට..."
මම එහෙම කියල ඇස් දෙක පියා ගත්තා.. මම ඔහේ කියවන්න ඇති. මම ආයේ ඇස් ඇරියම අපි දෙන්න හිටියේ ලස්සන තණකොළ පිට්ටනියක. තනූ මගේ උරහිසට ඔලුව තියාගෙන නිදි. ලස්සනට ඉර පායලා, මල් පිපිලා, අහසේ නිල පාටට හැඩ වෙලා, සුදු වලාකුළු ඒ අහස තවත් ලස්සන කරලා.... මුලු පාලතටම ඉන්නේ අපි දෙන්න විතරයි..

"තනූ..."

"ම්ම්ම්..."

"මොකෝ කරන්නේ?..."

"දොයි..."

"එහෙනං කතා කරන්නේ?..."

"ඉන්න දෙන්නකෝ අයියේ..."

"හ්ම්ම්... මාව දාල යන්නේ නැහැ නේ..."

"නැහැ.. මට බැහැ.. අනික මම නෙමෙයි අයියේ වෙන අය එක්ක ගියේ.."

"මට සමාව දෙනවද තනූ..."

"ඒ හැමදේකටම වඩා මන් අයියට ආදරෙයි.. plz දැන්වත් වෙන අය එක්ක නිදියන්න යන එක නවත්තන්න දෙයියෝ වදින්නන්.. බලන්න ඔයා කරගන්න දේවල්. දැන් අර දරුවට තාත්තෙක් ඕනේ.. අර ගෑනිට මිනිහෙක් ඕනේ.. එත් ඔයා මෙතන ඉදන් මාව ඕනේ කියනවා.. අපි හැමෝම දැන් අමාරුවේ නේද?.."

"මට දැන් තේරෙනවා තනූ... ඒත් මට හිතෙන්නේ නැහැ මන් පරක්කුයි කියල තාම..."

"හ්ම්ම්.."

"මට ඉස්සර වගේම ආදරේ කරන්න.. මම කවදාවත් ඔයාට තියෙන ආදරේ වෙනස් කරන්නේ නැහැ.."

"හ්ම්ම්.. "

"තනුර ආදරෙයිද?...."

"ඔව් අයියේ.. අනේ මාව දාල ඈතට යන්න එපා.. මන් මැරෙයි..."

"මන් යන්නේ නැහැ දරුවෝ.. මටත් ඉන්න බැහැ..."

"අර මොකෝ ඔයාලගේ ශ්‍රියා අම්මා මෙහෙ කරන්නේ?.."

"ඒක තමා..."
මම එහෙම හිතනවත් එක්කම තනුර නොවන වෙන කෙනෙක් මගේ ඇගට තට්ටු කරනවා දැනෙන්න ගත්තා..

"චූටි බේබි... බේබි... දැන් 8ත් පහු වෙලා බේබි අද 8.30ට යන්න චූටි බේබි..."

"ආ.. ආ... අ.. ආ.. ආ... ශ්‍රියා අම්මා...."

"මන් හිතන්නේ චූටි බේබි හීනයක් දැකල වගේ... මම තේ එක ලෑස්ති කරන්නන් බේබි ලෑස්ති වෙලා එන්න.."

"ඔව් මන් හිතන්නේ.."
අයියෝ ඒ කියන්නේ මන් ඒ ඔක්කොම දැකල තියෙන්නේ හීනයක්ද?... තනුර මට ඇත්තටම සමාව දීල නැහැ එහෙනං. ඒ උනා වගේ මුකුත් උනේ නැහැ. ඒත් ඇත්තටම මට වෙනසක් දැනුන ගෙදර ඉදල එක පාරට තණකොළ ගොඩකට ගියාම.. අපරාදේ. "හීන වෙන්න ඕනේ ඒවා ඇත්ත ජිවිතේ යතාර්ථ වෙද්දී ඇයි අප්පා ඇත්ත වෙන්න ඕනේ ඒවා හීන වෙන්නේ.." මන් එහෙම හිත හිත ටක් ගාල wash එකක් දාගෙන ලෑස්ති වෙලා කන්න පල්ලෙහාට ගියා..

අද ටිකක් දවල් වෙලා meetings කිහිපයක් නුත් තියෙන හින්ද ටිකක් පරක්කු වෙලාම office යන්න හිතාගෙන තමා හිටියේ. ඒත් උදේ නින්දෙන්ම තනුරව දැක්ක එක ගැන හිතේ සතුටක් වගේම පොඩි බයකුත් තියෙනවා. අනේ මන්ද කොච්චර කරත් මට මගේ හිතට බොරු කරන්න බැරි හින්ද වෙන්න ඇති. මොකද මම දන්නවා මමයි වැරැද්ද කරේ කියල. මමයි තනූව රැවැට්ටුවේ කියල.

............................................................

"තනුර ඔහොම ටිකක් ඉන්න..."

"ඔව් කියන්න sir..."

"මට ටිකක් කතා කරන්න ඕනේ.."
තනුර ටික කාලෙකින් අද ආයේ office ආව හින්ද ඇත්තටම මගේ හිතට ආයෙත් සතුටක් දැනුනා. කතා කරන්න, කියන්න, අහන්න දේවල් මහා මෙරක් හිත ඇතුලේ තියෙනවා. ඒත් ඒවා අහන්න තනුර තාමත් කැමතිද කියල මගේ හිත මගෙන් ප්‍රශ්න කරද්දී හිතේ හයියට තනුරට ඉන්න කියල කියාගන්න පුළුවන් උනා.. මම ටිකක් ඉන්න කිව්වම තනුර මුකුත් නොකියම ආයේ පුටුවෙන් ඉඳගත්ත හින්ද මම මගේ room එකේ වීදුරුත් blur කරලා මගේ පුටුවෙන් ඉඳගත්තේ කොහෙන් පටන් අරන් මොනවා කතා කරන්නද කියල මට හිතාගන්නවත් බැරි හින්ද...

"තනූ මට සමාවෙන්න තනූ... මට මෙහෙම ඉන්න බැහැ.. ඒ වගේම මන් දන්නවා ඔයාට මන් තරම්වත් මෙහෙම ඉන්න බැහැ කියල. I'm Sorry...."

"දැන් sorry කිව්වට වුන දේවල් හදන්න බැහැනේ අයියේ.. මන් අයියට හැමදාම ආදරෙයි. සමහර විට වෙන කාටවත් ආදරේ කරන එකක්නුත් නැහැ. ඒත් අයියට ආයේ මන් ලඟට දැන් එන්න බැහැනේ... ඉතින් මන් ලං වෙන එක වැරදිනේ..."

"ඇයි එහෙම කියන්නේ තනූ... මන් දන්නවා මන් ඉස්සර ඉදන්ම ඔක්කොම කරේ හොඳ මනුස්සයෙක් කරන වැඩ නෙමෙයි තමා.. ඒත් ඔයාට මගෙන් දුරස් වෙලා ඉන්න පුලුවන්ද?.."
මෙච්චර වෙලා හිර වෙලා තිබ්බ මගේ කඳුළු ඇස් වලින් එලියට එන්න පටන් ගත්තා. මම මගේ පුටුවෙන් නැගිටලා තනුරගේ එහා පුටුවෙන් ගිහින් වාඩි වෙලා තනුරගේ අත තදකරල අල්ල ගත්තේ මන් හිතන්නේ මට දැනුනා මට තවත් දරාගන්න හයියක් නැහැ කියල. හැබැයි ඔය විදියට මේ අහිංසකය මන් දුන්නු ගින්දර වලට කොච්චර තනියෙන් දරාගෙන ඉන්න ඇත්ද?... මන් මේ විදවන්නේ ඒ ගින්දරම වෙන්න ඇති.

"මොකද දැන් ඔයා තාත්තා කෙනෙක්ගේ වගකීම ගන්න ඕනේ හින්ද..."

"මොකක්......."
මාව සීතල වෙලා ගියා. ඇස් වල තිබ්බ කඳුළු වේලිලා ගියා. මන් අල්ලන් හිටිය තනුරගේ අත ගිලිහුනා.. "තනුර කොහොමද ඒක දන්නේ?.." මට අහන්න ඕනේ උනා. එත් ආයේ මාව ගල් වෙලා. තනුරට මුහුණ දෙන්න බැරි ගතියක් දැනුනා. මන් කිසිම හීමක් නැතුව තනුරගේ ඇස් දිහා බලාගෙනහිටියා. ඒ ඇස් හොඳටම මලානිකයි. ඉදිමිලා. දැන් උනත් කඳුලක සේයාවක්වත් ඒ ඇස් වල නැහැ. "ඒ කියන්නේ හැමදාම ඒ ඇස් රෑට රෑට කඳුළු එක්ක ඔට්ටු වෙනවද?" මට ප්‍රශ්න කෝටියක් ආයේ හිත ඇතුලේ කරකැවෙන්න ගත්තා. මගේ නිහැඩියාව හින්දම වෙන්න ඇති තනුර ආයේ කතා කරන්න ගත්තා...

"ඔව් කළණ.., ඔයා නිමාශිගේ දරුවාගේ තාත්තා. ඒක පිලිගන්නම වෙනවා. මෙතන ඉදන් ඔයා හොඳ තාත්තෙක්, හොඳ සැමියෙක් වෙන්න බලන්න... මම මේවා දන්නේ කොහොමද කියල දැනගන්න වද වෙන්න ඕනේ නැහැ. අනික මම දැනගත්ත කියල මේවා ඔයාගේ නම කැත වෙන විදියට කොහෙවත් කිය කියා යන්නේ නැහැ අයියේ.. මන් ආදරෙයි තාමත්.. ඒක හින්ද ඔයාට නරකක් කරන්න හිත හදාගන්න බැහැ.. ඔයත් මට නරකක් කරන්න නැතුව ඇති. ආදරේ දුන්න. රැකවරණය දුන්න. මට සමාවෙන්න.. මගෙන් හරි හමන් සතුටක් අයියට තියෙන්න නැතුව ඇති. ඒකයි ඔයාට වෙන වෙන අයත් එක්කත් යන්න හිතෙන්න ඇත්තේ.. "

"ඇති... ඇති.............. නවත්තන්න තනුර.. ඇති...."
මම අදත් කේන්තිය කියන දෙයින් මගේ වැරදි යටගන්න පටන් ගත්තා. මම පිළිගන්නේ නැහැ තනුර මාව සතුටු කරේ නැහැ කියන එක. එතන තිබුනේ තනිකරම මගේ වල්කම් විතරයි. මේ කොල්ල කොච්චර ලස්සනට මාත් එක්ක ජිවත් උනාද.. අනික කොච්චර උනත් මාව සතුටින් තිබ්බේ තනුර විතරයි. මන් කරන වැඩ වලින් මේ ළමයා මෙච්චර දුක් වෙනවා කියල මට තේරෙන්නේ දැන්.. ඒත් මන් දෙන්න පුළුවන් දුක් ඔක්කොම මේ වෙද්දීත් දීල ඉවරයි නේද......

"මගේ අතින් වැරද්දක් උනා නන් සමාවෙන්න..."
මන් ඔහේ කෑගහද්දී තනුර එහෙම කියල මූණ පිහදාගෙන මගේ office room එකෙන් එලියට යන්න ගියා. මට ආවේ මන් ගැනම ලොකු දරාගන්න බැරි කේන්තියක්. මගේ මේසේ මම උඩ යට හරවන්න ඇති. කොටින්ම කිව්වොත් මේසේ තිබ්බ මල් vase එක පොලේ ගහල අතත් කපාගත්තා.

"මේ ලේ... මේ ලේ... ඔව් මන් ලේ වලින් හරි මේ දේවල් වලට වග කියන්න ඕනේ..."
මම මගේ තරහ පිට කරන්න කොච්චර උත්සහ කරත් කිසිම පලක් නැහැ... තරහ අඩු වෙන්නේ නැහැ. කඳුළු, ලේ කොච්චර ගියත් කිසිම අඩුවක් නැහැ.

"පුතා.. පුතා.... මේ මොකද පුතා..... ඕක නවත්තන්න...."
මගේ පිස්සු විකාර වල සද්දෙට අප්පච්චිත් බය වෙලා ආව. මට අමතක වෙලා හිටියේ අද අප්පච්චිත් office ආව කියල. ඒත් කමක් නැහැ. මේ office වෙලාවේ වැඩ කරන අයත් ඔක්කොම office එකේ ඉන්න ඇති. මට ඒ කිසි දෙයක් මතක නැහැ... මට තියෙන්නේ තනිකරම මම ගැන ඇති වෙච්ච ලොකු තරහක්. එතකොට දරුවා, නිමාෂි... මම කොහොමද ඒවා මග අරින්නේ.. මට ඕනේ ප්‍රශ්න වලින් පැනල යන්න... ඔව් ඔක්කොටම බයේ පැනල යන්න....

"ඕක නවත්තනවා බූරුවෝ..."
අප්පච්චි එහෙම කියනගමන් ගැහුව කන දෙදරලා යන කම්මුල් පාරට තමා මන් හරි සිහියට ආවේ. ඒ ආවත් මට ඉවසන්න බැහැ. මන් එහෙම්මම අප්පච්චිගේ උරහිසට හේත්තු වෙලා කෑ ගහල අඩන්න ගත්තා. ඒත් ටිකෙන් ටික මුළු ලෝකෙම කරුවල වෙලා යනවා වගේ දැනුනා..

ද්වී...

මතු සම්බධයි...

ද්වී...Where stories live. Discover now