පැමිණීම / ආරම්භය

15 3 2
                                    


♥︎ʜᴇᴀʀᴛʙᴇᴀᴛ♥︎
__/\__💔__/\__
#chap 1


🌿ශීත ඍතුව අවසානයේදී නැවතත් වසන්ත සෘතුව ආරම්භ වෙලා දැනට දවයි. වෙනදට තියෙන තරමක් අදුරු, සීතල,  පරිසරය වෙනුවට අද තියෙන්නේ  ඉර එලිය වැටුණ, සෞම්‍ය කාලගුණයක්. හරියට නරක කාලය අවසන් වී හොඳ කාලයක් ලැබිලා වගේ.......... 🌿

°Jeenu's  p.o.v°✨

උදේම අවදි වුණු මං මේ යන්නේ මගේ අලුත් ඉස්කෝලේ ට. මගේ දෙමාපියන් එක්ක.
මං ජීනූ , හසෙල් ජීනූ. මගේ අම්මා කොරියන් තාත්තා England ඉතින් මං half Korean.  අපි කොරියන් ඇවිත් දැනට අවුරුදු දෙකක් , මට කොරියන් බැරි නිසා මං ඒ කාලේ කොරියන් ඉගෙනගත්තා. දැං මං මේ යන්නේ Korean national college එකට.................

අපේ ගෙදර ඉදන් college එකට ටිකක් ලග වුණත් අද පලවෙනි දවස නිසා මං අම්මලා එක්ක කාර් එකේ ආවේ.. විනාඩි 35 ක් විතර යද්දි අපිට තැනට එන්න පුළුවන් වුණා.....

වා..... හරිම ලස්සනයි මේ කොලේජ් එක, ගොඩක් ලොකුයි, කාර් එක නතර කරේ ලොකු,උස බිල්ඩින් ගොඩක් තියෙන ලස්සන කොලේජ් එකක් ඉස්සරහ. කොහොමත් ලස්සන වෙන්න එපැයි මේක නේ Korean national college එක............

මං ඔය වගේ විකාර දේවල් හිතන ගමන්  ඉද්දි අම්මා කතා කරපු නිසා කාර් එකෙන් බැහැලා එයාලා දෙන්නා එක්ක කොලේජ් එක ඇතුලට ගියා......

ඕනම පාසලක උදේ කාලය හරිම කලබලකාරී වගේ ම සෝල් අගනුවර පිහිටි  Korean national college එකෙත් තරමක් කලබලකාරී තත්වයක් තමයි දකින ඕන කෙනෙකුට පෙනෙන්නේ.....

අපි ඇවිත් නැවතුනේ ඔෆිස් රූම් එකක් වගේ තැනක් ඇතුලේ....
" ආ මිස්ටර් හසෙල් ..... ඔයාලා ආවද ?.. මං බලාපොරොත්තු වෙන් හිටියේ ඔයාලා එයි කියලා....."
මැදි වයසේ පිරිමි කෙනෙක් එහෙම හඩ අවදි කරේ සිනා මුසු මුහුණින්.......

" ඔව් ප්‍රින්සිපල් සර් අපි දුවත් එක්කන් ආවා අද"
මං හිතුවා හරි ඒ මේ college එකේ principal .....

" හ්ම් එතෝට මේ  මිස්ටර් හසෙල් ගේ දුවද?.."

" හ්ම් ඔව් මේ අපේ දුව  හසෙල් ජීනූ, "

" එහෙමද එහෙනම් දැන් මිස්ටර් ඇන්ඩ් මිසිස් හසෙල් ට යන්න පුළුවන්. ඔයාලා ගොඩක් කාර්යබහුල අයනේ.  මං ජීනූ දුවව එයාගේ අලුත් පංතියට එක්ක යන්නම්.."
ප්‍රින්සිපල් සර් එහෙම කියන ගමන් පුටුවෙන් නැගිට්ටා.........

💔 𝙷𝙴𝙰𝚁𝚃𝙱𝙴𝙰𝚃 💔 ( Ongoing)Where stories live. Discover now