අඩි සද්දේ

0 0 0
                                    

♥︎ʜᴇᴀʀᴛʙᴇᴀᴛ♥︎
__/\__💔__/\__
#chap 4


° Jeenu's p.o.v°✨

අද දවස ගොඩක් හොද විදිහට ගෙවිලා ගියා.. මට හොඳ අලුත් යාළුවෙක් හම්බුනා.. ඒයා ඇත්තටම ගොඩක් හොදයි. කොලේජ් එකේ වැඩ ඉවර නිසා මං දැං ගෙදර යන්න හදන්නේ.. සෙවි ත් බස් එකේ යනවා කිව්ව නිසා අපි දෙන්නා ම එකට යන්න හිටියට එයා මියුසික් කරන නිසා එයාලට කොලේජ් ඇරිලා සවස් වරුවේ ඉන්න වෙන නිසා මට තනියම තමා යන්න වෙන්නේ.. .... තනියම යන එක මට පුරුදු නිසා ඒක ගානක් වුණේ නැහැ....

දවල් වරුවත් ගෙවිලා සවස් කාලය ට පරිසරය හැඩ ගැහිලා.... පොඩි අදුරු ගතියක් තිබ්බාත් ඒකට ගොඩක් ලස්සන ට කැපිලා පෙනුනා වට පිටාව. ... හරිම නිස්කලංක, නිශ්ශබ්ද ගතියට වට පිටාවෙන් හමන සුළඟට සෙලවෙන ගස් වලින් එන සද්දේ හොදටම ඇහෙනවා.. ඒ තරම් නිශ්ශබ්ද කමක් පරිසරයේ තියෙනවා...

ජීනූ ගේ ගෙදරට යන්න තියෙන පාර එච්චර මිනිසුන් ගැවසෙන පාරක් නෙවෙයි... මොකද ඒ පැත්තේ ගෙවල් වුණත් තියෙන්නේ අඩුවෙන්..... දෙපැත්තේ තියෙන ලොකු රෑස්ස ගස් වලින් වට වුනු,  ඒ ගස් මැදින් යන්න තියෙන ලොකු පරතරයක් නැති පොඩි පාරක්, අදුරු ගතියක් තියෙන නිසා පොඩි ගුප්ත ගතියක් තිබ්බත් නිදහස් , හිත සැහැල්ලු කරන වටපිටාවක් තමයි තිබුණේ...

 දෙපැත්තේ තියෙන ලොකු රෑස්ස ගස් වලින් වට වුනු,  ඒ ගස් මැදින් යන්න තියෙන ලොකු පරතරයක් නැති පොඩි පාරක්, අදුරු ගතියක් තියෙන නිසා පොඩි ගුප්ත ගතියක් තිබ්බත් නිදහස් , හිත සැහැල්ලු කරන වටපිටාවක් තමයි තිබුණේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වට පිට බලන ගමන් බෑග් එකත් එක අතකින් අල්ලගෙන හරිම සැහැල්ලුවෙන් ඉදිරියට ඇවිදගෙන කෙල්ල ආවේ අද දවසේ වෙච්ච දෙවල් මතක් කරන ගමන්.........

.
.
.
.

° jimin's p.o.v°✨

කොලේජ් එකේ වැඩ ඉවර වෙලා කොලේජ් එක ඇරුනට පස්සේ මං පාරට ආවේ ගෙදර යන්න . අද ටේ ත් නැති හින්දා මං තනියම තමයි ආවේ.....

මං ඉස්සරහ යද්දි මං දැක්කා ගැහැණු ළමයෙක් ඇවිදගෙන යනවා... ඒක විශේෂ දෙයක් නොවුනට සාමාන්‍යයෙන් මේ පාරේ එච්චර මිනිසුන් යන්නේ නැහැ, අනික මං එයා මීට කලින් දැකලා නෑ........

මං එයාට පිටිපස්සේ න් ගියපු නිසා එයාට මාව පෙව්නේ නැ.....
අනික ඒ ගර්ල් කොලේජ් යන කෙනෙක් වගේ.. මොකද එයා ඇදගෙන හිටියේ සාමාන්‍යයෙන් කොලේජ් යන කෙනෙක් අදින විදියට... අනික ඒ dress එක මට දැකලා පුරුදුයි හොඳ ට.........

මං ඔය ගැන හිත හිත පාරේ තියෙන ගල් වලටත් කකුලෙන් ගහන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියා.....

එක පාරට ආපූ අදහසකට මං ඇවිදගෙන ආපු වේගෙට වඩා ටිකක් වේගෙන් එයාගේ පස්සෙන් ගියා ....
. එයාට මගේ අඩි සද්දේ ඇහිලා ද කොහෙද එයා ටිකක් කලබල වුණා කියලා මට තේරුණා.. ඒ ගර්ල් ටිකක් වේගෙන් ඇවිදගෙන යද්දී මාත් ඒ එක්ක ම මගේ වේගෙ වැඩි කරලා එයාගේ පස්සෙන් ගියා.................

° Author' s  p.o.v°✨

වට පිට බලන ගමන් බෑග් එකත් එක අතකින් අල්ලගෙන, හරිම සැහැල්ලුවෙන් , කොලේජ් එකේ වෙච්ච දේවල් ගැන කල්පනා කරන ගමන් ඉස්සරහ ට ඇවිදගෙන ආපු කෙල්ල එක පාරට ම කලබල වුණේ තමන්ගේ පිටි පස්සෙන් ඇහුන සපතු අඩි සද්දේ ට......

ඒක පාරටම ඇහුන සපතු අඩි සද්දේ ත් එක්ක කෙල්ලට ටිකක් බය හිතුනේ නැහැ කිව්වොත් බොරු... අනික කෙල්ලට මේ පැත්ත , පාර පුරුදු නැති නිසා ත් අදුරන කවුරුත් නැති නිසා ත් තිබුණ බය තව වැඩි වුණ එක විතරයි වුණේ...  ඒත් කෙල්ල නැවතිලා බලන්න නම් කාලය නාස්ති කරේ නැහැ . ඒක පාරටම මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි වුණ කෙල්ල  තමන් ඇවිදගෙන ආපු වේගය වැඩි කරා ත් පිටි පස්සෙන් ඇහුන අඩි සද්දේ ත් වේගවත් වුණා........

එක පාරට ම- .................































🔖🌈 He .he...

ඔන්න මං කිව්වා වගේ ම දුන්නා අද........

❓එක පාරට ම-
මොකක්ද වෙන්නේ ඇත්තේ ... තේරුනා නම් කියන් යන්න බලන්න.....

💝 මගේ මේ මෝඩ කතාව කියවන හැමෝටම  බොක්කෙන්ම ආදරෙයි😉😃😚

බායි එහෙනම්
කියන්න තිනේ පරිස්සමින් ඉන්න කියලා තමා හැමෝටම....🔖🌈

Dhanu
#20220617...🖊️

You've reached the end of published parts.

⏰ Last updated: Jun 17, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

💔 𝙷𝙴𝙰𝚁𝚃𝙱𝙴𝙰𝚃 💔 ( Ongoing)Where stories live. Discover now