යාළුවෝ

0 0 0
                                    


♥︎ʜᴇᴀʀᴛʙᴇᴀᴛ♥︎
__/\__💔__/\__
#chap 3



කොහොම හරි ඔහොම හිත හිත මං කන්න පටන් ගත්තා, නැත්නම් ඉතින් මේ නූඩ්ලස් එක නිවෙයි නේ.😁
.
.
.
මට නූඩ්ලස් එකේ කටවල් දෙකක් කන්න වුණේ නැහැ  රේස් එකක් දුවලා වගේ හතිදාගෙන ටේ ඇවිත් වාඩි වුණා.

° " මොකද බං මේ රේස් එකක් දුවලා ඇවිත් වගේ හති දාන්නේ"°
මං එහෙම ඇහුවේ මූ ඇවිත් හති දාන නිසා.. හරියට තරගයක් දුවලා වගේ..

°" මොන හහ්.. රේස් ද ජිමිනෝ.. හහ් බඩගින්නට දුවගෙන ආවේ හහ්..°"
අප්පෝ ඉතින් එකනම් අමතක වෙන්නේ නෑ..

" මොකක්... බඩගින්නට.. ඇයි උබ බෙල් එක ගහපු ගමන් ගියේ.°"

°" ආ... ඒ අර මියුසික් ටීච එන්න කිව්ව හින්දා.. "

° ඕ එහෙමද.. මං හිතුවේ උබ cafeteria එකට ගියේ කියලා °"

°" නැහැ බං, ඒ මටත් එක්ක ගත්තේ නැද්ද "
ටේ ඇහුවේ මං කන නූඩ්ලස් එක දැකලා.

° මොනවද ?°"
මං දන්නේ නෑ වගේ ඇහුවා, පොඩ්ඩක් අවුස්සන්න..

" බෝ ඔය ගිලින නූඩල්ස් "

°" ආ.. නූඩල්ස් මට අමතක වුණානේ බං උබටත් එක්ක ගන්න.°'

°" ඒ කැත වැඩ කරන්න එපා, බොක්ක දී ගෙන එක බත් එක කාගෙන ඉන්න යාළුවටත් එක්ක කෑම ටිකක් ගන්න අමතක වුණා.. අහෝ දෙවියනේ....ඇයි මෙහෙම... අහ..අහ.. දුකට ඇඩෙනවා ත් එක්ක°" එහෙම කියලා මූ බොරුවට අඩන්න ගත්තා..

°" ආහ්.. නවත්ත ගනින් උබේ ඔය හෑල්ල...ඒ මදිවට කිඹුල් කදුළු ත් හඩනවා... ඕක නවත්ත ගනින් මං ඔහෙටත් එක්ක නූඩල්ස් ගත්තා.. ආ...°" බැරිම තැන මම එහෙම කිව්වේ ඔය ඇඩිල්ල අහන් ඉන්න බැරි නිසා..

°" අනේ... ඇත්තටම ද... මං හිතුවේ ඇත්තටම අරගෙන නැහැ කියලා.. උබ තමා මගේ හොඳම යාළුවා ආදරෙයි ෂුදූ ... කෝ එන්න උම්මා එකක් දෙන්න..කෝ..°" එහෙම කියලා මූ මං ලගට ආවා..

°" චීයා... පලයං එහාට...ඔය ඒලියන් කෙල ගාගෙන හැදෙන ලෙඩ හොයා ගන්නත් බැරි වෙයි චික්...°  ආහ් ලැජ්ජාවේ සන්තෝසේ බැහැ මං දැක්කා අපි හිටපු table එකට ටිකක් එහායින් තියෙන table එකක වාඩි වෙලා හිටපු ගැහැණු ළමයෙක් අපි දිහා බලාගෙන ඉන්නවා. එයා බලාගෙන හිටියේ හරියට  පිස්සන් කොටුවෙන් පැනලා ආපු පිස්සෝ දෙන්නෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ, ඒත් එක පාරම එයා අනිත් පැත්ත බලා ගත්තා , එයාට හිනා යන්න ආපු නිසා ද කොහෙද.....

💔 𝙷𝙴𝙰𝚁𝚃𝙱𝙴𝙰𝚃 💔 ( Ongoing)Where stories live. Discover now