📖️ 7th Page 📖️

836 221 71
                                    

My Lovely Fan 📖️

කුස්සියට ගිය ජාන් මුකුත්ම නොදන්න කෙනෙක් වගේ ලොකු කිරි මග් එකක් එක්ක සැන්විච් පාන් හදන් යීබෝගේ කාමරේට යද්දි යීබෝ දොර දිහාම බලන් ඉන්නවා...

❤️ සොරි පරක්කු උනා..

ජාන් යීබෝගේ බැල්ම මගහැරලා කිරි එකත් වහලා තියලා පාන් කෑල්ලක් අරන් යීබෝගේ කටට ලන් කරා..

💚 ජාන්....

❤️ ආ.. කියන්න ඉක්මනින් කන්න.. අයියා එනවා..

💚 ටේඕ...😳😳

❤️ හ්ම්... හොස්පිටල් එක්කන් යයි එයා ඔයාව..

💚 ජාන් ඔයා මන් එක්ක එන්නේ නැද්ද..

❤️ මන් ගෙදර යනවා.. ඔයා හොස්පිටල් යන්න යීබෝ අයියේ අපෙ අයියා එක්ක...

💚 ජාන්.. 🥺🥺 අනේ එහෙම කරන්න එපා මට... ප්ලීස් ආයේ ඈතින් ඉමු කියන්නේ නෑ.. අත පය නැතුව හරි ඔයා ලගින් මන් ඉන්නම් ජාන්.. ප්ලීස් කලින් වගේ හිනාවෙන්න...

❤️ ආ කියන්න රත්තරන් ඉතින්.. කන්නකෝ මුලින්ම..

ජාන් යීබෝගේ මූණ අතගාලා කියද්දි යීබෝ ජාන් කවන ඔක්කොම කෑවා.. කිරි එකත් බීලා ඉවර වෙලා ජාන් ආපහු යීබෝව මග ඇරලා යීබෝගේ අල්මාරිය ඇරියා...

💚 මොකද කරන්නේ...

❤️ ඇදුමක් අදින්නැතුවද යන්නේ ඔයා...

💚 මන් ගාවට චුට්ටක් එනවද ජාන්...

ඒ අහපු විදියට මොලේ කොච්චර යන්න එපා කිව්වත් ජාන්ගේ හදවත කිව්ව දේ අහලා කකුල් දෙක නම් යන්න පටන් අරන්...ජාන් ගිහින් යීබෝගෙ ලගින් හිට ගත්ත ගමන් යීබෝ තමන්ගෙ ඔලුව ජාන්ගේ පපුවට හේත්තු කර ගත්තා...

💚 මන් කොහොමද මෙහෙන් යන්නේ ජාන්.. කුඩම්මා මට යන්න දෙන එකක් නෑ.. අනික පපා හෙට එනවනේ...

❤️ මොකා ආවත් ඔයා අද යනවා.. කුඩම්මා කොහේද ගියා...සති දෙකකට එයා එන්නෑ කිව්වේ.. හදිස්සියක්ලූ.. ආච්චි මැරිලා කිව්වා...

💚 මේක ගලවන්නකෝ.. මන් ආස නෑ ඒවට...

යීබෝ ඔලුවෙන්ම ජාන්ගෙ පපුවට ගහලා කියද්දි ජාන් කමිසෙ පිටිපස්සෙන් අත් යවලා ඒ හක් එක පැන්නුවා.. එහෙම්ම කමිසේ අත් වලින් පටි පන්නලා කොහේටදෝ විසික් කරලා දාපු ගමන් යීබෝ තමන්ගේ වෙව්ලන අත් වලින් ජාන්ව බදාගෙන ඒ කමිසේ අස්සට රිංගුවා...

 📖️ M y  L o v e l y  F a n 📖️  ✔️✔️ Yizhan Where stories live. Discover now