පූර්විකාව

70 9 3
                                    

ශ්‍යාඕ ඡාන් සිය තීන්ත පැහැ කොණ්ඩය අවුල් කරමින් සුසුමක් හෙළුවේ ය. “යූ බින්!“ ඔහු සිය අසුනත් සමගම ආපසු හැරී සාප්පුව පසුපස සිට මහ හඬින් කතා කළේ ය. “ඔව්?“ යූ බින්ගේ හඬ දෝංකාර දුණි.

“ඩිලිවරි කරන එක්කෙනාට සඳුදා වෙද්දී මේ ලිලී මල් ටික ගිහින් දෙන්න පුළුවන් වෙයිද?“

“එයා කිව්වා එයාට පුළුවන් වුණත් වැඩියෙන් අය කරනවා කියලා.“ ශ්‍යාඕ ඡාන් ඉදිරියට යමින් යූ බින් කරදරකාරී හඬකින් පිළිතුරු දුන්නේ ය. යූ බින් පිටිසර ගමක ජීවත්වූ ශ්‍යාඕ ඡාන්ගේ දූරස්ථ ඥාතියෙක් වූ අතර ඔවුන් එක්ව වැඩ කරමින් මංගල උත්සව ව්‍යාපාරය මෙහෙයවූහ.

“මොකක්? ඒක මහ පිස්සුවක්, මං එයාට කතා කරන්නංකො. ඔයාගේ අක්කාට කියන්න හෙට රිබන්වල වැඩේ ඉවර කරන්න කියන්න.“ ඔහු සිය උරහිසෙහි එල්ලන මාදිලියේ බෑගයෙන් දූරකතනය පිටතට ගන්නා අතරේ උපදෙස් දුන්නේ ය. “හරි, ඡාන් ග‘“ යි පැවසූ යූ බින් නැවතත් සාප්පුව පිටුපසට ගියේ ය.

ශ්‍යාඕ ඡාන් භාණ්ඩ ගොස් භාරදෙන තරුණයාගේ දූරකතන අංකය දෙවරක් පමණ මුහුණත් කොට සිය හුස්ම යටින් ශාප කළේ ය. කිසිවකු ඔහුගේ ඇමතුමට පිළිතුරු නොදුන් අතර එය ඔහුව තව තවත් පීඩනයට පත් කළේ ය. ඒ විවාහ මංගල්‍යය බදාදා දිනෙක පැවැත්වීමට නියමිත වූ නමුත් තවමත් බොහෝ අඩුපාඩු පැවතිණි.

පිවිසුම් දොරටුවෙහි වූ සීනුව එක්වරම නාද වූ විට මංගල උත්සව සැලසුම්කරන්නා ඉක්මනින් පාරිභෝගිකයා වෙත හැරුණේ  ඔහුට ආචාර කිරීමට ය. “සුබ උදෑසනක්, වෙඩින් ඩෙලිකැසීස් වෙත සාදරයෙන් පිළිගන්නවා.........“ ශ්‍යාඕ ඡාන් දොරටුව අසල සිටි පුද්ගලයා දුටු විගස පසුපසට ගියේ ය.

ඒ පුද්ගලයා සුපුරුදු උදාසීන හැඟීම් ප්‍රකාශනයක් සමග සිටගෙන සිටියේ ය. තත්පර කිහිපයක ඇවෑමෙන් ඔහු කතා කළේ ය. “මට ඕනෙ ඔයා ලව්වා මේ වෙඩින් එක ප්ලෑන් කරගන්න.“

“ආහ්?“ ඔහු සිටි තැනම ගල්ගැසෙද්දී මංගල උත්සව සැලසුම් කරන්නාට කිවහැකි වූයේ එපමණකි.


Story Credits owned by real author Endless_Infinity Endless_Infinity

The Wedding Planner -- Sinhala TranslationWhere stories live. Discover now