Chapter 01

57 12 8
                                    

ඇතුළට සුදු පැහැ කමිසයක්, කළු පැහැ ඇඟට හිර වූ ජීන්ස් කලිසමක් හා ලා කහ පැහැ කාඩිගනයක් හැඳ සිටි තීන්ත වැනි කළු  පැහැ කොණ්ඩයක් හිමි වූ උසැති පුද්ගලයා ඔහුගේ පසෙකින් උරහිස් බෑගයක් එල්ලා ගනිමින් අනෙක් අතින් ක්ලිප්බෝඩයක් ගෙන අසල වූ කෝපිහලකට දිව ගියේ ය.

හදිසියකින් සිටි ඔහු පැති වේදිකාවෙහි ඇවිදිමින් සිටින මිනිසුන්ගේ ඇඟෙහි වැදීමෙන් වැළකෙමින් වේගයෙන් දිව ගියේ ය. ඔහු කෝපිහලට ළඟාවූ පසුව නැවතී සිය හුස්ම අල්ලාගැනීමට තැත් කරමින් පිටත මද වේලාවක් රැඳී සිටියේ ය. ඔහු දොර තල්ලු කොට විවර කළවිට සීනු කිහිපයක් නාද වූ අතර ඔහුව භෝජනාගාර සේවකයකු විසින් වහා පිළිගැනිණි.

“ගුඩ් මෝනින් මිස්ටර ශ්‍යාඕ, ඔයා ආවේ අන්තිම ඕඩර් එක හරිද බලන්න ද?” “ ඔහුව කවුළුව දෙසට කැඳවා ගෙන යමින් සේවිකාව ඇසුවා ය. “ඔව්, පුළුවන් නං මං කැමති තව කප්කේක් පනහක් එකතු කරන්න?”

“පුළුවන්. ඒවගේම කේක් එක හදලා ඉවරයි. මිස්ටර ශ්‍යාඕ ඒක බලන්න කැමති ද?”

“ඔව් කරුණාකරලා.” ඔහු විනීත අන්දමින් සිනාසී පිළිතුරු දුන්විට සේවිකාව ඈ පසුපසින් එන ලෙසට ඔහුට ඉඟි කළා ය. ඔවුන් කෝපිහලෙහි මුළුතැන්ගෙයට ළඟා වූ පසු එහි වූ සේවකයෝ හරිහරියට වැඩ කරමින් සිටියහ. “මේ පැත්තෙන් සර්.”

ඔවුහු මුළුතැන්ගෙය පසුකිරීමෙන් පසුව කේක් සහ වෙනත් රසවත් ආහාරපාන සකසමින් සහ හැඩ ගන්වමින් තිබුණු ස්ථානයකට පැමිණියහ.

“මං දැන් යන්නම්, මිස්ටර් ශ්‍යාඕ. මිස් මියැන් මියැන් අර පැත්තෙ ඉඳන් කේක් එකේ අන්තිම හරිය ඉවර කරන ගමන් ඉන්නෙ.” සේවිකාව කේක් එක හැඩ දැයි බලමින් සිටි කොණ්ඩා දැලක් ද පැළඳි අවුල් වූ කොණ්ඩයක් සහිත ඇයගේ අවුරුදු විසිගණන්වල සිටින බවක් පෙන්නුම් කරන කාන්තාවක් දෙසට ඇඟිල්ල දිගුකොට ඇයව දැක්වූවා ය.

“ස්තුතියි.” ඇය වෙතට හිස නවා ආචාර කළ ඔහු ඇය දෙසට ගියේ ය. “ඒක ලස්සනයි.”

“ආහ්, ඡාන් ග‘!” මියැන්මියැන් නම් වූ කාන්තාව ඇයගේ මිතුරෙක් සේම නිතිපතා පාරිභෝගිකයකු වූ ඔහු දැක සිනාසුණේ ය. “ස්තුතියි. ඒකට ගොඩක් වෙලා ගියා. ඇත්තටම මං ලොකු කරදරේකට මූණ දුන්නෙ ඔයාගෙ කස්ටමර් කියපු මල් හොයන්න ගිහින්.” ඈ කේක් එක පෙන්වමින් කීවා ය.

Je hebt het einde van de gepubliceerde delen bereikt.

⏰ Laatst bijgewerkt: Jul 16, 2022 ⏰

Voeg dit verhaal toe aan je bibliotheek om op de hoogte gebracht te worden van nieuwe delen!

The Wedding Planner -- Sinhala TranslationWaar verhalen tot leven komen. Ontdek het nu